සිරස එෆ්. එම්. ආයතනයේ යෝජනාවකට අනුව ගීත රචක ඇන්ටන් ජේ. ප‍්‍රනාන්දු විසින් රචිත නවතම කිතුණු නත්තල් ගී හතරක් පසුගියදා සිරස මැදිරි සංකීර්ණයේදී පටිගත විය.
ඝන අඳුර මැදින්, සුළඟට සුවදක් දීලා, මගේ හද අඹරට හා නත්තල් සීයා නම් වූ එම ගීත සඳහා තණු නිර්මාණය කර සංගීතවත් කලේ යොවුන් පරපුරේ ජනප‍්‍රිය සංගීතවේදී ප‍්‍රියන්ත නාවලගේ විසිනි. මෙම ගීත සියල්ලම ගායනා කලේ සිරස මාධ්‍ය ජාලය විසින් බිහිකල සුපර් ස්ටාර් ගායක ගායිකාවන් වන, බුද්ධික උෂාන්, ගාමිණී සුසිරිවර්ධන, උදිත සංජය, මීනා ප‍්‍රසාදිනී, මංජුලා නිවන්ති, දුමාල් වර්ණකුලසූරිය, රුක්මන් අසිත, පියත් රාජපක්ෂ, නදිනි පේ‍්‍රමදාස, භාෂි මධුභාෂිණි, ශිරෝමි රත්නායක, අජිත් බණ්ඩාර, ප‍්‍රදීප් රංගන, ශානිකා මධුමාලි, තිසර චානක, දසුන් මදුශාන්, ගයාන් අරෝෂ හා ප‍්‍රියන්ත විජේසිංහ සමඟින් සමණල සිරස බණ්ඩාරගම හා කැළණිය ළමා සමාජයන්හි ලහිරු චතුරංග සමරසිංහ, බී. රන්දිමා හංසනී කුමාරි, පූජා මුතු මැණික් ධර්මරත්න හා ඉසුරි සෙව්වන්දි ධර්මරත්න යන දරුදැරියන් විසිනි. සිරස ටීවී නාළිකා ප‍්‍රධානි කිංස්ලි රත්නායක සහ සංගීත අංශයේ ප‍්‍රධානි නිහාල් වික‍්‍රම එදිරිසූරිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පටිගත කල මෙම ගීත මේවන විටත් සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ප‍්‍රචාරය වෙමින් පවතී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd