සේරුවාවිල සිට කිලෝ මීටර හයක් පමණ ඈතින් පිටහි ඉලංකතුරෙයි කලපුව ආසන්යේ කැණීමකින් පැරණි වරාය නගරයක නටඹුන් හමුවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියයි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ එවැනි වරායක් තිබූ බවට මෙරට වංශකතා සාධක ද නොමැති බවයි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් මාස එකහමාරක කාලයක සිට කරන ලද කැණීම් වලින් වරායක් ආශ්‍රිතව තිබූ මේ නගරය හමුවී ඇති අතර එහි නටඹුන් වර්ග කිලෝ මීටරයක පමණ ප්‍රදේශයක විසිරී ඇත.
පර්යේෂකයන් පවසන්නේ මේ ස්ථානයෙන් හමුවන චීන, පර්සියන්, අරාබි හා ඉන්දියාවේ මැටි භාණ්ඩ කොටස් අනුව මේ වරාය පොළොන්නරු රාජධානියේ දී භාවිතා කරන ලද්දක් යැයි අනුමාන කළ හැකි බවයි. මේ ස්ථානයේ තිබී පබළු කිහිපයක් ද හමුවී ඇත. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයට දකුණින් විශාලත ම තඹ නිධිය හමුවන්නේ සේරුවාවිල ආසන්නයෙනි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා පවසන්නේ මේ වරාය නගරයෙන් ද තඹ කොටස් හා තඹ උඳුන් හමුවන බැවින් අළුතෙන් සොයාගත් වරාය ආශ්‍රිතව තඹ හා තඹ භාණ්ඩ අපනයනය බහුලව සිදුවන්නට ඇති බවයි.
දැනට කරනලද කැණීම් වලින් සෙල්ලිපි කිහිපයක් ද හමුවී ඇති බැවින් ඒවා පරීක්ෂා කිරීමෙන් පසු වරාය නිශ්චිතව හඳුනාගත හැකියැයි ද පුරාවිද්‍යාඥයෝ කියති.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සේරුවිලින් වරාය නගරයක් මතුවේ
අම්පාරේ දුමිත Friday, 12 September 2014 02:13 PM
තවත් වැදගත් සංස්කෘතික අනාවරණයක් (නි)
අපොන්සු Saturday, 13 September 2014 05:05 AM
චීන ආධාරයෙන් හදපු බවත් සඳහන්ද? (ස)
රොකී Friday, 12 September 2014 02:33 PM
මේක රාවණාගේ ජාත්‍යන්තර වරායක් විය හැකියි.. කෝකටත් බොහොම පරෙස්සමින් කැනීම් කටයුතු කරන්න. විකිරණශීලී අපද්‍රව්‍ය තියෙන්න පුළුවනි. (නදී)
දමින්ද විතානගේ Saturday, 13 September 2014 06:18 AM
මේවා හාර හාරා, සංරක්ෂණය කිරීමෙන් මිනිසුන්ට ජීවත් වෙන භූමි ප්‍රමාණය අඩුවෙනවා , ලංකාවේ කොහේ හෑරුවත් නටබුන් මතුවෙන එක නවත්වන්න පුලුවන්ද ? මේකෙන් වෙන්නේ ඉඩම් මිල තව තවත් අධික ලෙස ඉහල යාමත් ය . අනේ මෙහෙමත් මෝඩ රැලක් මේගොල්ලන්ට වෙන කරන්න වැඩ නැද්ද ?(අ)
සඳුනි Friday, 12 September 2014 03:42 PM
'අපේ අසිරිමත් ඉතිහාසය'...මේ ස්ථාන මැනවින් සංරක්ෂණය කල යුතුයි. (නදී)