IMG-LOGO

සර්ව පාක්ෂික සමුළුවකට ජනපති එකග වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

රට තුළ  ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව  පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග  ඊයේ (08)පැවැති සාකච්ඡාවේදී එකඟතාව පළ කර ඇත.
 
    ඊට  සමගාමීව විද්වතුන්ගේ සමුළුවක් සහ ආගමික නායකයන්ගේ  සමුළුවක් ද කැඳවීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්  , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවැසීය.

   එම සර්ව පාක්ෂික සමුළුව මේ මස අග දී පමණ පැවැත්වෙනු  ඇතැයිද ජයසේකර මහතා කීවේය .

   රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කාරණා 15 කින් යුත් යෝජනාවලිය සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සා සාකච්ඡා වූ බව ඔහු කීවේය.

      විදුලි අර්බුදය, ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය , පොහොර අර්බුදය  මෙන්ම , ආහාර අර්බුදය සම්බන්ධයෙන්ද එහිදී  සාකච්ඡා වූ බව  ජයසේකර මහතා  සඳහන් කළේය .
  මේ අතර,පළාත්  පාලන මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් රජය ඉ දිරිපත් කර ඇති සංශෝධන පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බැවින්, ඒ පිළිබඳව සිය විරෝධය ද එහිදී පළ කළ බව ජයසේකර මහතා කීවේය.

  අගමැති මහින්ද රාජපක්ෂ ,මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී
සාගර කාරියවසම් යන මහත්වරු ද , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් , හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍යවරුන් වන , නිමල් සිරිපාල ද සිල්වා,  මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න,දුමින්ද දිසානායක, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ෂා න් විජයලාල් ද සිල්වා, අංගජන්  රාමනාදන් ,ජගත් පුෂ්පකුමාර ,ශාන්ත බණ්ඩාර , සාරතී දුෂ්මන්ත, චාමර සම්පත් දසනායක  සහ ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු ද  ඊට සහභාගි වූහ .

    ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් පැවති බව වාර්තා විය .



අදහස් (2)

සර්ව පාක්ෂික සමුළුවකට ජනපති එකග වෙයි

jayath Wednesday, 09 March 2022 10:18 AM

අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීම හෙවත් මුකේ ලෙඩේට පශ්තාත්භාගයේ බෙහෙත් බැඳීම

:       0       3

fairoos Wednesday, 09 March 2022 02:26 PM

සර්ට බෑ... තොලොංචිවෙලා ගිය දවසට ලංකාවට හොඳයි... ‘‘ආගමික නායකයින්ගේ සමුළුවක්‘‘ මේ මොකටද? දැන්ද මතක් වුණේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site