
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ අරමුණ දෙස බැලීමේදී සර්වපාක්ෂික ආණ්ඩුව සිහිනයක් පමණක් බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සාධනීය යෝජනා ඉදිරිපත් කරන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
මේ අයගේ උත්සාහය සෙසු දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවක කොටස්කාරයන් කර ගැනීමට පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
හදිසි නීතිය යටතේ මර්දන නීති ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි චෝදනා කළ දිසානායක මහතා ජනාධිපතිවරයා මර්දන නීති ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් යැයිද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාගේ පුටුවක වාඩි ගත් අය ත්‍රස්තවාදීන් දැයි මෙහිදී ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා පත්කළ බලවේග සතුටු කිරීම සඳහා ඔහු අද කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.
ජනාධිපතිවරයා ඒ කදවුර සතුටු කිරීමට අරගලකරුවන්ට රිදවන බවද ඔහු සඳහන් කළේය.
අද පාලන බලය හොබවන්නේ රටේ ජන මතයක් නැති පිරිසක් බව පැවසූ අනුර දිසානායක මහතා රටට අලුත් ජනමතයක් අවශ්‍ය වන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා පවර් එකට පැමිණීමත් සිහිනයක් විතරයි. ජේ.වී.පී හැර අනිකුත් සියලු දෙනා කියන හැමදේම ප්‍රතික්ෂේප කරන පිරිසක්. ඔන්ලි පොර ටෝක්
ජනවරම් හැමදා හැන්දෑවේ උදෑසන සොයන ක්‍රමයක් නෑ. අවුරුදු 5කට වරක් මුන්නැහේ නොදන්නවා නොවෙයිනේ.
මේ මනුස්සයා බහතෝරලා තියෙන්නේ විවේචනයෙන්මයි...
ඔයාගේ සිහිනයත් එක සිහිනයක් වෙන එකනේ නේද? එතකොට ආපහු අර අහිංසක මිනිස්සුටිකක් කුලප්පු කරලා පාරට බස්සලා කෑගහන්න පුළුවන්නේ නේද?
හැම දෙයක්ම කෙළවෙනකන් බලාගෙන ඉන්න ජාතියක්...
දන්නේ කටමැත දොඩවන්න විතරයි. බොරු ෆයිල් මිටි උස්සගෙන විත් කප්පරක් බොරු ඇදබාන්නත්, ඕනෑම දේකටත් විරුද්ධ වීම පමණයි. අපේ මව්බිම ගොඩදාගන්න නම්... මේ අය නැති භංගස්ථාන කළ යුතුයි... !
මේ රෑන හදන්නේම රටට කෙලවලා බලය ගන්නමයි. මෙච්චර රට ආගාධයට වැටෙමින් තියෙද්දිත් පොඩි හෝ වගකීමක් ගන්නේ නැතුව අනිත් පක්ෂ හැම එකකම ඉන්නේ හොරු, අපි තමයි සුද්දවන්තයින් කිය කිය රටේ මිනිස්සුන්ව ගොනාට අන්දලා බැරිකම වහගන්නවා. අපේ ඡන්ද දායකයෝත් ඉතින් ඇඳගන්න උපන් හපන් නිසා ලස්සනට ඇඳ ගන්නවා. අපේ මිනිස්සුන්ටත් ගෝඨාට වගේම මේ ආර්ථික ප්‍රශ්නය තේරුම් ගන්න තරම් අවබෝධයක් නෑ. ඒත් "හොරා" කියන එක තේරුම් ගන්න ලේසි නිසා මිනිස්සු ඒ මතයෙම ඉන්නවා... හැබැයි කවදාම හරි මිනිස්සු ඒක තේරුම් ගත්තු දවසට නම් දුවන්න වෙන්නේ ගෝඨා ගිය ආකාරයට නොවන බව තේරුම් අරන් ජීවත් වෙන්න.
ඔබගේ තීරණය නිවරැදියි...!
මේ රට මේ අර්බුදවලින් බේරා, දූෂණය නැතිකොට, රට ගොඩනගන අනාගත ජනාධිපති ඔබයි...!!!
පාර්ලිමේන්තුවේ දැනට තියෙන්නේ මහජන නියෝජනය නොවන බව කවුරුත් දන්නවා.
ජීවිතේටම චන්දයකින් බලටට එන්න බැරි හින්දා ගෙවල් පුච්චලා මිනී මරලා බලය ගන්න හැදුවා.ඒ ජනාධිපති හීනෙත් ඉවරයි.
අනුරට අකැමැතිකම වෙනයි. අඩු ගානේ මේ ලෝකෙට පේන්න අටවග්ත පැලැස්තර සර්වපාක්ෂික ආණ්ඩුව කොච්චර ප්‍රෝඩාවක් කියලා වත් පිලිගන්න බැරි මිනිස්සු ඉන්න රටක මොන කතාද?
ඇත්ත! සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ලැහැස්ති උනේ බෙදාගෙන කන්න. ඒ අස්සේ රටෙන් කෑලිත් ත්‍රස්තයෝ නිදහස් කොරන්නත් ඉල්ලනවා.
එකත් හරියට ඔබ ජනාධිපති වෙන්න දකින සිහිනය වගෙයි...