IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනා සඳුදා එළියට

(අංජුල මහික වීරරත්න)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදු කළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ලබන සඳුදා (08) වන විට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11 නායකයන් සහ 43වන සේනාංකය සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවලදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමග පමණක් ඉදිරියේ දී සාකච්ඡා කිරීමට ඉතිරිව ඇති බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා ජනතා අපේක්ෂා වෙනුවෙන් දේශපාලන මතවාද පසෙකලා සර්ව පාක්ෂික ආණ්ඩුකරණයට සැමගේ උද්යෝගය පැසසීමට ලක් කළේය.

 



අදහස් (5)

සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනා සඳුදා එළියට

Kumara Saturday, 06 August 2022 11:42 PM

පසුව කුණු කතාද?

:       5       2

පෙලපාලි වන්නම Sunday, 07 August 2022 12:57 AM

උතුරේ හා නැගෙනහිරේ තරුණයෝ වගාකරලා ඒවා කොළඹට එවලා අපි සල්ලි හොයමු.... කොළඹ උදවිය ඊළඟ මැතිවරණය එනතුරු පෙළපාළි යනකම් තව අවුරුදු දෙකහමාරක් අපේ කෑමම කව්වමු,,!

:       0       0

දාස Sunday, 07 August 2022 02:54 AM

සර්ව පාක්ෂික නෙමෙයි රට කාපු එවුන්ගෙ නැවත රට කෑමේ සර්ව පාක්ෂික කියල ඕක නම් කලානම් නේද හොද.

:       4       5

primeshika Sunday, 07 August 2022 08:17 AM

දැන් කියන්නේ සරුව පාක්ෂික ආණ්ඩුවක් නෙවෙයිලු හදන්නේ... සර්ව පාක්ෂික පාලනයක්ලු. එතකොට සජබෙට විපක්ෂ නායකකමත් තියාගන්න පුළුවන්නේ..

:       0       0

fairoos Sunday, 07 August 2022 01:05 PM

ගෝඨාභය ආන්ඩුවේ ඇමතිකම් කරපු අයටනම් ආයේ ඇමති කම් දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site