IMG-LOGO

සිරුරු සෙවීම අවසන් : නිවාස සෑදීමේ මෙහෙයුම් ඊළඟට

අරණායක සාමසර කන්ද (රාමසර කන්ද) නාය යෑමෙන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් නිල වශයෙන් අවසන් කරන බව ශ්‍රී ලංකා යුද හමුදාවේ බටහිර ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා බ්‍රහස්පතින්දා (02) අරණායක හත්ගම්පොළ මහා විද්‍යාලයයේ දී පැවසීය.

යුද හමුදාව දින 14ක් පමණ සෝදිසි මෙහෙයුම් සිදු කළ බවත්, ගම්වාසීන්ගේ ඉල්ලීම් පිට සෝදිසි මෙහෙයුම් නතර කරන බවත් ඔහු කීවේය.

සිකුරාදා (03) සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ නායයෑම්වලින් අවතැන්වූවන් සඳහා කෙටි කාලීන වැඩ පිළිවෙළක් යටතේ තාවකාලික කූඩාරම් 509ක් ඉදි කිරීමේ කටයුතු අරඳන බව ද මේජර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

නාය යෑමෙන් මිය ගිය 27 දෙනකුගේ සිරුරු හා කොටස් 21ක් සොයා ගත් බව ද රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

කන්ද නාය ගිය 17 වැනි දා සිට යුද හමුදාව ප්‍රදේශයේ රැඳී සිටිමින් විස්තර එක් රැස් කළ බවත්, ඒ අනුව නාය යෑමෙන් මිය ගිය හෝ අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි 143ක් ලැබුණු බවත් මේජර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

එක් පවුලක් සඳහා තාවකාලික කූඩාරම් නිවාසයක් බැගින් ලබා දීමේ තාවකාලික වැඩ පිළිවෙළ යටතේ දෙහිඕවිට කූඩාරම් 250ක් ඉදි කරන බව ද, ඉන් පසු අරණායක කූඩාරම් ඉදි කිරීම ආරම්භ කරන බව ද, ඒවා ඉදි කිරීම සඳහා සුදුසු ප්‍රදේශ ලබා දෙන ලෙස ප්‍රාදේශීය ලේකම්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු කීවේය.

ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කටයුතු ඇතුළු සහන කටයුතු වලට සම්බන්ධ වූ 200ක පමණ හමුදාව බ්‍රහස්පතින්දා (02) සිට ඉවත් කළ ද තව දුරටත් යුද හමුදාවේ කිහිප දෙනකු ප්‍රදේශයේ කටයුතු කරනු ඇති බවත්,  ඕනෑම මොහොතක ඔවුන් හෝ යුද හමුදාවේ සෙසු නිලධාරීන්ට ජනතාවගේ තවත් ගැටළු ඇතොත් ඉදිරිපත් කළ හැකි බවත් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේය.

IMG_20160602_130847 IMG_20160602_130851

 



අදහස් (0)

සිරුරු සෙවීම අවසන් : නිවාස සෑදීමේ මෙහෙයුම් ඊළඟට

නිශාර්ඩ් Thursday, 02 June 2016 09:25 AM

ඔවුනට හැකි අයුරින් සහය වීම අප සැමගේ යුතුකමයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site