සූරියවැව මත්පැන් බෝතල 19 ක් සමග අත් අඩංගුවට ගත් පුද්ගලයකු ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට සූරියවැව පොලිසියේ සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් පස්දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

පොලිස් සිර මැදිරියේදී අසනීපවී රෝහලට ඇතුළු කළ තිස් පස් හැවිරිදි පුද්ගලයා ගේ මරණය සම්බන්ධයෙන් පැවති අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී කියැවුණේ පහරදීමකින් ඔහු මියගොස් ඇති බවයි.