( දිලීප් ජයසේකර)
සුරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම් වදින වන අලි එළවීමේ මෙහෙයුමක් ඊයේ (09) රාත්‍රි සුරියවැව මදුනාගල ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණු අතර වන අලි මෙහෙයුම අතරතුර ඇති වු උණුසුම් තත්වයක් හේතුවෙන් රාත්‍රි 11ට පමණ වන අලි මෙහෙයුම නතර කිරීමට සිදු විය.
මෙම වන අලි මෙහෙයුම සදහා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම,දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ, වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවි නියෝජිතයින් හා හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්ෂක ජේ.ඒ.පී.විජයකුමාර මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක්ද එක්ව සිටියහ.
සවස 06.00ට පමණ වන අලින් හත් දෙනෙකු සුරියවැව මදුනාගල පාරේ කුණු වල අසළ සිටින බවට දැනුම් දිමත් සමග වනජීවී නියෝජ්‍ය අමාත්‍ය වරයා ප්‍රමුඛ වනජීවී නිළධාරීන්ද එම ස්ථානයට ගියේ ගම්මුන්ද සමගිනි.
කෙසේ වෙතත් එම ස්ථානයට ගිය වනජිවි නිළධාරීන් අලි වෙඩි දමා වන අලි පන්නා දැමීම සිදු කළ නමුත් රාත්‍රි 11 වන විටත් වන අලි හත් දෙනා ගමින් කැලයට පන්නා දැමිමට නොහැකි විය.
අලි හත්දෙනා සි.සී කඩ විසිර යමින් ඒ මේ අත යමින් ප්‍රදේශයේ විශාල කළබළයක් ඇති කළේය. කෙසේ වෙතත් රාත්‍රි 11 වන විටත් වනජීවි නිළධාරින් හා ගම්වාසීන් මෙන්ම වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයාද බලා සිටියදිම වන නැවත කුණු වළ අසලට පැමිණ අසල තිබු කැලයකට වැදිමත් සමඟ එහි ඇති වුයේ දැඩි උණුසුම් තත්වයකි.
එහිදී ගම්මුන් වනජීවී නිළධාරීන්ට චෝදනා කලේ වනජිවි නිළධාරීන් හිතා මතාම මෙම වන අලි එළවීමේ මෙහෙයුම කඩාකප්පල් කළ බවයි.
මෙහිදී වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාද වනජිවි නිළධාරීන්ට දොස් කියන්නට වුයේ පෙර දැනුම් දිමක් කර තිබියදිත් මෙම අලි මෙහෙයුම සදහා වනජිවී නිළධාරීන් මෙය කඩාකප්පල් කිරීමට පියවර ගත් බව පවසමිනි. එහිදී වනජීවී නියෝජ්‍ය අමාත්‍ය වරයා මෙසේ පැවසීය.
මේ මිනිස්සු වන අලි කරදරයට විසදුමක් දෙන්න කියලා මාරාන්තික උපවාසයක් කළා.මන් ඇවිත් මේ මිනිස්සු හමු වුණා.ඇත්තටම මේ මිනිසු කියනදේ අපිට කරන්න පුළුවන් දෙයක්.ඒ අනුව තමයි මම වනජීවී අධ්‍යක්ෂ වරයාටත් කියලා මේ වැඩේ පටන් ගන්න අවශ්‍ය කටයුතු කලේ.
මම මේ සියළු සංවිධාන කටයුතු කරන්න කියලා මේ හම්බන්තොට වනජිවි නිලධාරීන්ට කිව්වා. නමුත් මම ඊයේ (09) හම්බන්තොට වනජීවී කාර්යාලයට යන විටත් මේ අයගේ කිසිදු සැළැස්මක් මේ සදහා තිබුණේ නෑ.පස්සේ මම වනජිවී එකේ අයත් එක්ක ගමේ මිනිස්සුත් එකතු කරගෙන වන අලි මෙහෙයුම ආරම්භ කළා .
ගමේ මිනිස්සු දන්නවා අලි ටික කොහේද ඉන්නේ.කොහොමද එළවන්න ඕනේ කියන එකත්. එහෙම තියෙද්දී වනජිවි අය එක පාරටම ඇවිත් එහෙන් මෙහෙන් අලි වෙඩි දමලා අලි ටික කුලප්පු කළා. රාත්‍රී 11 වෙනකම් මාත් ගමේ අයත් එක්ක එකතු වෙලා උත්සාහ කලේ මේ අලි ටික කැලේට එළවන්නයි.නමුත් මේ වැඩේට වනජිවී එකේ අයගෙන් කිසිදු සහයක් ලැබුණේ නෑ. වනජිවී එකකේ අය මෙක කඩා කප්පල් කළා.ඒක මොන්ටි සෝරි ලමයෙකුට වුනත් තේරෙනවා.වනජිවි එකේ අය මහාපරිමාණ කෙසෙල් මුදලාලිලාට සහාය වෙන විදියටයි වැඩ කරලා තියෙන්නේ. මම මේ පටන් ගත්ත වැඩ් නම් නවත්වන්නේ නෑ.වනජීවි ඇමති ලෙස මම ලැජ්ජා වෙනවා මගේ අමාත්‍යංශයේ නිළධාරීන් කළ මේ වැඩේ ගැන.
එමෙන්ම මේ අවස්ථාවට එක්ව සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් කුමාරණ මහතා පැවසීය.
වන අලින්ගෙන් බැට කන්නේ මේ ගම්වල මිනිස්සු. ඒකට විසදුමක් දෙන්නයි අපි මේ උත්සාහ කලේ. නමුත් මේ වැඩ්ට වනජිවි එකේ අය ලබා දුන් සහාය අන්තිමයි. අලි එළවන්න අවශ්‍ය සැළසුම් කිසිවක් වනජීවී එකේ අය හදලා තිබුණේ නෑ. මෙහෙයුම කරන්න ඕන කමටයි කලේ.මෙහෙම අලි එළවන්න බෑ.ඒකයි වනජිවි නියෝජ්‍ය ඇමතිටත් කේන්ති ගියේ.මේ දොස් කියනවා නෙමෙයි.අපිට ඕනේ අලි ටික එළවා ගන්නයි.ඒකට මේ වනජිවි එකේ අයගෙන් සහායක් නැතිනම් ඒක කණගාටුවට කරුණක්.
කෙසේවෙතත් වන අලි මෙහෙයුමට එක්ව සිටි හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි වන ආරක්ෂක ජේ.ඒ.පී.විජයකුමාර මහතා අමාත්‍ය වරයාගේ චෝදනා හමුවේ මෙසේ පැවසිය.
අපිව මානසිකව වට්ටලා මේ වැඩේ කරන්න බෑ.අපි හොද මානසිකත්වයක නෑ.අපි මේ වැඩේ කඩාකප්පල් කලේ නෑ.අපිටත් ඕනේ මේ අලි ටික එළවගන්න යැයි පැවසිය.
කෙසේ වෙතත් වන අලි මෙහෙයුම අසාර්ථක වීම කෙරෙහි ගම්මුන්ගෙන් හා වනජිවි නියෝජ්‍ය අමාත්‍ය වරයාගෙන්ද චෝදනා එල්ල වුයේ හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිළධාරීන්ටය.මෙහිදි එක් රැස්ව සිටි ගම්මුන් පැවසුවේ වනජීවි එකේ අය ඇවිත් ගමේ අලි එළවිම කෙසේ වෙතත් අලි වෙඩි ගහලා මහා සංදර්ශනයක් නම් දැම්මා.මෙහෙම අලි එළවන්න බෑ යනුවෙනි.‘
කෙසේ වෙතත් වනජීවි නියෝජ්‍ය අමාත්‍ය වරයා එම අවස්ථාවේදීම වනජිවි අධ්‍යක්ෂවරයාද දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත් අතර මෙහි ඇතිවි ඇති තත්වය පිළිබදවද අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළ අතර නැවත වන අලි මෙහෙයුම අද(10 ) රාත්‍රියේ ආරම්භ කරන බවත් ඒ සදහා නිසි පුහුණුවලත් නිළධාරීන් මේ සදහා සම්බන්ධ කරන ලෙසත් දැන්විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිවරු ඉන්නේ ප්‍රතිපත්ති හදල නිලධාරීන් ලවා ඒවා කෙරෙන බවට වග බලා ගන්නයි වග බලා ගන්නවා කියන්නේ ඇමැතිත් ගිහින් ඒ වැඩේ කරනවා කියන එක නෙමෙයි. කළමනාකරණය සහ වැඩ කිරීම දෙකක්. හමුදා නායකයෙක් තුවක්කුවක් අරන් යුද්දෙට යන්නේ නැහැ, යුද්ධය මෙහෙයවනවා මිසක්. බැංකු කළමනාකරුවෙක් සල්ලි අල්ලන්නේ වත් නැහැ, කවුන්ටරවල නිලධාරීන් මිසක්. අන්න ඒවගේ, මෙතන නම් ඇමතිගේ මාධ්‍ය සංදර්ශනයක් මිසක් වැඩක් ඇති දෙයක් කරලා නැහැ.
මේ සිද්ධිය දිහා බැලූ මට මතක් උනේ කලකට ඉහත එක්තරා ලෝක කම්කරු දින පෙළපාලියක් ගමන් කරන අවස්ථාවේ වැඩ පෙන්නන්න ජනාධිපත්වරයෙක් පොලිසියේ රාජකාරිය තමන් භාරගෙන වාහන හැසිරවීමට පාරට බැහැල කරගත්ත විනාසය. මේකත් අර වගේම වැඩක්. බැරි වෙලාවත් අලියෙක් දුවගෙන් ඇවිත් අපේ ගරු උප ඇමතිතුමාට ගැහැව්වා නම් කොහොම හිටීද ? බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම වෙන දේ කව්රුත් දන්නවානේ.
මොන සිද්ධිය උනත් කහ සිවුරක් ගෑවිලා ඇති
තවත් එක ජවනිකාවක් පමණි .
පෙට්‍රල් මිල ළඟදීම වැඩි කරනව . ආයේ ඒකෙ දෙකක් නැහැ .
බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියා වගෙයි.
අලිය කෙහේ යනවද කියල උෟ දන්නෙත් නෑ. නිලධාරීන් මොනව කරන්නද අලිය කොහෙවත් ගිහාම. ඔක්කොම කුණු බේරුවල් බොක්කට කියල නිලධාරීන්ගේ පිටින් වරද ගියා. ඇමති තුමා ඇගබේරගත්ත. ඇමතිවරු ඉන්නෙ මහජන ගැටළු වලට අදාල ප්‍රතිපත්ති සම්පාදනයට උනාට අපේ ඇමතිවරු තමන්ගෙ වැඩේ අඳුරගෙනවත් නෑ. රටේ වෙන දේවල් දිහා බැළුවම ඔක්කොම අලි පිස්සු කෙලිනව කියල නම් තේරෙනව. මේත් ඒ වගේ තව එකකි
තෙවරප්පෙරුම මහතාට විරුද්ධව අදහස් පලකරලා තියෙන්නේ අද අලුත උපන් බබ්බු , ලංකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවල සිදුවන මහා පරිමාණ "නාඩි ගේම් " ගැන නොදන්නා අය
නැවත කියන්න වෙන්නේ බල්ලාගේ වැඩේ බූරැවා කරලා කියලා ......................
මේ මෝඩකම් වටා ඉන්න අය කවුද?
දිගින් දිගටම වන අලින්ගෙන් ප්‍රදේශවාසී මිනිසුන්ට හානියක් සිදුවේනම්, මේතාක් කල් වනජීවී දෙපාර්තමේන්තුව මෙය මැඩලීම සඳහා ගත් ක්‍රියා මාර්ගයේ යම් වරදක් ඇති බව පෙනේ. ඇමතිවරයෙකුගේ රාජකාරිය තමන්ට නිවැරදියි යයි සිතෙන ආකාරයකට කිරීමේ අයිතියක් ඇත. පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා වනජිවි නිලධාරීන් සමග ගොස් තම රාජකාරිය වඩා හොඳින් කල හැකි යයි සිතනවා නම් එහි කිසිම වරදක් නැත. අද පාලිත තෙවරප්පෙරුම ඇමතිවරයාගේ ක්‍රියා කලාපය බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී ඇත්තේ, බොහෝ දෙනා මින් පෙර දැක පුරුදු වී ඇත්තේ, වායු සමනය කරන ලද කාමර සහ වාහන තුල සිටිමින් විදි විධාන දෙන ඇමතිවරුන් පමණක් වීමයි.
බලන්නන් ඇසට , අසන්නන් කනට, සිතන්නන් සිතට, බනින්නන් බසට, පුදන්නන් පිදුමට, තමන් මුත් අනිත් සුදුසු ඇමති කෙනෙක් නැති නියාවට ඔබම කෙළිලොල් ඇමති කෙනෙකුන් වෙතියි සිතන්නෙමි.