(ද ටෙලිග්‍රාෆ් /ඒඑෆ්පී ඇසුරෙනි - 042)
සිරියානු ගුවන් හමුදා කඳවුරකට ඇමෙරිකාව කළ මිසයිල ප්‍රහාරයට සහයෝගය දක්වන බව රටවල් පහක් මේ වන විට ප්‍රකාශ කර ඇත. එංගලන්තය, ජපානය, සෞදි අරාබිය, ඕස්ට්‍රේලියාව හා ඊශ්‍රායෙලය යන රටවල් ඇමෙරිකාවේ මෙම තීරණයට සම්පූර්ණ සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබේ.
එම ප්‍රහාරය ඇමෙරිකාවේ කලහකාරී ක්‍රියාවක් බවත් ඉන් රුසියා-ඇමෙරිකා සබඳතාවලට හානි විය හැකි බවත් රුසියාව අනතුරු අඟවයි. එම ප්‍රහාරය ආරවුලකට මුල පිරිය හැකි බවද රුසියාව කියයි.
මෙම ප්‍රහාරයෙන් හය දෙනකු මියගොස් ඇතැයි සිරියානු හමුදා පවසයි.
එම ප්‍රහාරය බසාර් අසාද් ගේ ම්ලේච්ඡ රසායනික ප්‍රහාරයට කදිම පිළිතුරක් බව එංගලන්තය ප්‍රකාශ කළේය. එංගලන්ත රජය පැවසුවේ සිරියා රජයේ ගුවන් හමුදා කඳවුරට පහරදීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගත් තීරණයට සහයෝගය පළකරන බවයි.
සිරියාවට එල්ල වූ රසායනික ප්‍රහාරය එම කඳවුරේ සිට සැලසුම් කරන්නට ඇතැයි ඇමෙරිකාව චෝදනා කළේය. ශයිරාත් ගුවන් හමුදා කඳවුරට මධ්‍යධරණී මුහුදේ තිබූ ඇමෙරිකානු යුද නැවක සිට ටොම්හෝක් වර්ගයේ කෘස් මිසයිල ප්‍රහාර 59 ක් පමණ එල්ල කර තිබිණි.
එම කඳවුරේ රුසියානු නියෝජනයක් ද ඇති අතර ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඇමෙරිකාව රුසියාවට අනතුරු අඟවා තිබේ. නමුත් ක්‍රෙම්ලින් කාර්යාලය එම ප්‍රහාරය ජාත්‍යන්තර නීතියට පටහැනි බව පවසමින් ඇමෙරිකාවට අනතුරු අඟවා තිබිණි.
සිරියානු ජනපති අසාද් මහතාගේ නියෝග පරිදි එල්ල කෙරුණ බව කියන පසුගිය අඟහරුවාදා සිදුවු රසායනික ප්‍රහාරයෙන් කුඩා ළමයින් 20 දෙනකු ඇතුළුව 72 දෙනකු මිය ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සවුදි අරාබියේ යුද කඳවුරක් ලබාගැනීමට ඇමෙරිකාව විසින් කුවේට් යුද්දය අරඹන ලදී. මෙයද එවැනිම සිදුවීමකි
මොකා ජනාධිපති උනත් ඇමෙරිකාව වැඩ කරන්නේ නගරන් වගේ. උන්ට විරුද්ධව කෝ එක්සත් ජාතීන් හඬ නගනවා?
රටවල් දෙකම වැරදියි. රසායනික අවි භාවිතය වගේම අනිත් රටක් ආක්‍රමනය කරන එකත් වැරදියි.
සිරියාවේ අයි එස් ත්‍රස්තයන්ට විරුද්ධ යුද්දය අවසන් අදියරට පැමිණි අවස්ථාවක රසායනික අවි භාවිතා කිරීමට මෝඩයෙක් වෙයිද සිරියානු ආණ්ඩුව සහ අසාද්. ආපහු සිරියානු ආණ්ඩුව දුර්වල කරලා සිරියානු යුද්දය තව අවුරුදු ගානකට දික් කරගන්න ඔන්න ඇමරිකානු උපක්‍රමය, රසායනික අවි ප්‍රහාරයක්. මෙවැනි නුල් සුස්තර දමමින්, ලෝකේ අනිත් රටවල මිනිස්සුන්ගේ ජිවිත මිලියන ගණන් එක්ක සෙල්ලම් කරන ලොකුම ත්‍රස්තය ඇමරිකාවයි.
ඇමෙරිකාව කරන ඕනෙම වැරදි වැඩක්,දොහොත් මුදුනින් පිළිගන්න ලෝකයක් මේක. උන් කරනකොට හරි,අනෙක් කරනකොට වැරදියි. හෙට අනිද්දා වෙනකොට ලංකාවත් සහයෝගය දෙයිද?