සිරියාවේ සිවිල් යුද්ධය නැවැතීම සඳහා සටන් විරාමයකට එළැඹීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකාව සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කර මසකට පසු දෙරටේ නායකයන් දෙදෙනා මෙලෙස දුරකතනයෙන් කතාබස් කර ඇත. ඵලදායී සංවාදයක් පැවැති බව ධවල මන්දිර සහ ක්‍රෙම්ලින් ප්‍රකාශකයෝ පැවසූහ.
මෙම දුරකතන සාකච්ඡාවේදී රුසියානු හා ඇමෙරිකානු ජනාධිපතිවරුන් දෙදෙනා උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර ඉදිරියේදී මුහුණට මුහුණ හමු වී සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
සිරියානු රජයේ හමුදා අප්‍රේල් 4 වැනිදා රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බව අනාවරණය වීමත් සමඟ සිරියානු රජයේ ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් කෘස් මිසයිල ප්‍රහාර එල්ල කරන්නැයි ඇමෙරිකා ජනාධිපතිවරයා නියෝග දුන්නේය.
එම සිදුවීම ගොතන ලද්දක් යැයි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ප්‍රකාශ කළ අතර සිරියා ගුවන් හමුදා ප්‍රහාර එල්ල කළේ කැරැලිකරුවන්ට අයත් රසායනික අවි ගබඩාවකට යැයි ද සිරියාවේ ප්‍රධාන මිතුරා වන රුසියාව ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් අප්‍රේල් සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන්නැයි ද ඕනෑම ආකාරයක රසායනික අවි භාවිත කිරීමක් සිදු ව තිබෙන්නේ ඊට එරෙහිව පියවර ගත යුතු බව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙරේදා (2) සඳහන් කළේය.

(ඒ.එෆ්.පී/රොයිටර්) 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව, සිරියාව ගැන කතාකරන්නේ උතුරු කොරියාව ගැහැව්වොත් ගහනවා කියපු නිසා මිසක් සිරියාවට ආදරේ හින්ද නෙමේ. කොහොම හරි රුසියාව හා චීනය ශේප් කරගෙන උතුරු කොරියාව බයකරන්න. කාට හෙන ගැහැවුවත් ආයුධ ටික විකුණගන්න....