(බී බී සී පුවත් ඇසුරිණි - 085)
සිරියාවේ ඊසාන දිග පිහිටි කැරලිකරුවන් යටතේ පවතින කාන් ෂෙයිකුවාන් නගරයට එල්ල කරන ලද රසායනික ප්‍රහාරයකින් 58 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධානය සංවිධානය පවසන්නේ සිරියානු රජයට හෝ රුසියාවට අයත් ජෙට්යානා මගින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.
හුස්ම ගැනීමේ අපහසුතා වලින් පෙලුණු මිනිසුන් මාර්ගවල දිවගිය බව හදිසි ගිලන් සේවක කණ්ඩායම් වාර්තා කර ඇත. මියගිය අය අතර කුඩා දරුවන් රැසක් ද සිටින බව වාර්තා වෙයි.
දිවි ගලවාගත් පිරිසට ප්‍රතිකාර කරමින් සිටි ස්ථාන වලට ද රොකට් ප්‍රහාර එල්ල කළ බව තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. සිරියාවේ යුද්ධය පැවති පසුගිය අවුරුදු හය තුළ එල්ල කරන ලද මාරාන්තිකම ප්‍රහාරය මෙය බව විචාරකයෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරියාවේ මේ වගේ රසායනික බෝම්බ වලින් ඕන තරම් මිනිස් ඝාතන කරද්දී කෝ මානව හිමිකම් කෝ සද්ද ජිනීවා කට්ටිය ,ලංකාව ත්‍රස්තවාදීන් විනාශ කරද්දී විතරද මානව හිමිකම් අපට ඇගිල්ල දික් කරන්නේ ඇයි බයද සිරියාවට තහංචි දැන් නෑ