(බීබීසී/රොයිටර් ඇසුරෙනි)
සිරියාවේ දමස්කස් ගුවන්තොටුපල ආසන්නයේ විශාල පිපිරීමක් සිදුව ඇතැයි සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂකයෝ කියති. ඊශ්‍රායලය විසින් දමස්කස් ගුවන්තොටුපල අසල තිබූ ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායම් සතු ආයුධ ගබඩාවකට පහර දී ඇතැයි සිරියානු බුද්ධි අංශ ආරංචි මාර්ග කියයි.
ටෙහරානයේ සිට වාණිජ හා හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මගින් එම ආයුධ ප්‍රවාහනය කෙරෙන බව කියැවේ.
“එම පිපිරීම ඉතා විශාලයි.ඒක තදින් දැනුණා“යැයි එහි සිටින එංගලන්ත නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී රාමි අබ්දෙල් රහ්මාන් මහතා පවසයි. එම පිපිරීමට පෙර විශාල ගින්නක් හටගෙන ඇත. තුවාල ලැබූවන් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැති අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
එම පිපිරීම ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාරයක් නිසා වන්නට ඇතැයි ද ඉන් දේපළ හානි පමණක් ඇති වන්නට ඇතැයි ලෙබනන් ෂියා කැරළි කණ්ඩායමේ අල්-මනාර් රූපවාහිනීය වාර්තා කරයි. ඊශ්‍රායෙලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර අවස්ථා කිහිපයකදීම සිරියාවේ ප්‍රදේශ කිහිපයකට වැදී තිබිණි.එම ප්‍රහාර සිරියාවේ ආයුධ නැව්වලට එල්ල කරන බවට වාර්තා වෙයි.
එම ප්‍රහාර ‘ආයුධ හුවමාරුවට එරෙහි ඊශ්‍රායෙල් ප්‍රතිපත්තිය‘ට අනූකූල බව ඊශ්‍රායෙල් බුද්ධි අංශ අමාත්‍ය ඊශ්‍රායෙල් කට්ස් මහතා පවසයි. ඔහු දමස්කස් ගුවන්තොටුපල අසල සිදුවූ පිපිරීමට ඊශ්‍රායෙල් වගකිව යුතු බව ප්‍රකාශ නොකළ නමුත් අවශ්‍ය මොහොතක ක්‍රියාත්මක වීමට තමන්ට අයිතියක් ඇති බවද ප්‍රකාශ කරයි.
ඊශ්‍රායෙල් හමුදා ගුවන් විදුලි සේවයට ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.
“සිරියාවේ සිදූවීම ඉරානයේ නවීන ආයුධ ජාවාරම් වැළැක්වීමට උත්සහ ගැනීම සඳහා වන ‘ඊශ්‍රායෙල් ප්‍රතිපත්තියට‘ සම්පූර්ණයෙන් අනුකූලයි. සිරියාව හරහා ඉරානයේ හිස්බුල්ලා කණ්ඩායම් වෙත ආයුධ ජාවාරම් සිදුවෙනවා. මේ ගැන විස්තර කරන්න මට අවශ්‍ය නැහැ“ යයි අමාත්‍ය ඊශ්‍රායෙල් කට්ස් මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියාවේ පිපිරීම ආයුධ ගබඩාවකට කළ පහරදීමක්ද?
de silva berlin Thursday, 27 April 2017 11:01 AM
සිරියාවේ යුද්ධය අගක් මුලක් සොයාගත නොහැකි අච්චාරුවක් බවට පත් වී ඇත