පේරාදෙණිය ගන්නොරුව මාර්ගයේ රිය අනතුරක පරීක්ෂණ පවත්වමින් සිටි පොලිස් සැරයන්වරයකු තවත් රියකට යටවීමට ගොස් හිස්වැස්ම නිසා බේරුණු බව පේරාදෙණිය පොලිසිය කියයි.
පේරාදෙණිය සිට වට්ටාරම්තැන්නට ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක් ගන්නෝරුව යුදහමුදා කඳවුර අසලදී විදුලි කනුවක් කඩාගෙන මාර්ගයේ ආරක්ෂක කණු හතරක්ද බිඳ මාර්ගයෙන් ඉවතට පැන නතරවී ඇති අතර කඩා වැටුණු විදුලි රැහැනක් මාර්ගයට පහත්වීම හේතුවෙන් රතුකොඩි දමා අනතුරු අඟවා පොලිස් නිලධාරින් පරීක්ෂණ සිදු කැර ඇත. ඒ අතරතුර පැමිණි කන්ටේනර් රථයක් විශාල යකඩ විදුලි පහන් කනුවද කඩාගෙන ධාවනය වී ඇති අතර එම අනතුරින් කඩා වැටුණු විදුලි පහන් කනුව පරීක්ෂණ පවත්වමින් සිටි පොලිස් සැරයන්වරයකුගේ හිසේ වැදී මාර්ගය මතට වැටී ඇති බවත් කියති.
සැරයන්වරයාගේ හිස් වැස්මට හානි සිදුවුවද අනතුරින් ඔහු බේරී ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථයේ හා කන්ටේනර් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජස්ටින් හරි (හේ)
රියදුරු දඩය තව වැඩිකළ යුතුය (ම)
ඔහුට දෛවය ආශීර්වාද කරන්න ඇත්තේ.(හේ)
දඩය 25000 කලාට කමක් නැහැ නේද? (හේ)
කාර් එකට රක්ෂණයෙන් ගෙවවී තොප්පියට මොනවහරි වුනානම් කවුද ගෙවන්නේ (හෙ)
කටාර්වල පාරවල්වල වාහන යනවිදිහට වාහන අනතුරකදී පාර වැහැව්වොත් හොඳට හිටී. උදේට රාජගිරිය පාර වැහැව්වොත් උඩින් තමයි යන්න වෙන්නේ වාහන පදවන අය අවදානයෙන් වාහන පදවිය යුතුයි. ටවුම ඇතුලේ මුන් රෑට වාහන පදවන්නේ හෙඩ් ලයිට් දා ගෙන, (බ)
මෙවැනි සුළු වැරදිකරන රියදුරන්ට දඞය රුපියල් 2500ක් වැඩි නැද්ද? (බ)
හැබෑටම මේ මිනිස්සුන්ට ලයිසන් දුන්නේ කවුද? කියල අහන්නේ මොනවා කොරන්නද? (බ)
හේමන්ත ඉස්කෝලේ යනකාලේවත් හරියට පොතක් කියවා තේරුම් නොගත්ත අය දැන් පත්තරය හරියට කියවාවිද? ඔන්න ඔහේ අපේ වැඩක් බලාගමු (බ)
ඔය කියන රතු කොඩිය තියෙන්නේ කොහෙද? කියල මාත් වට පිට බැලුවා..අනේ ඔහේ ඇති කොඩියක් නැහැ ..?බෝර්ඩ් එකක් නම් පාර මැද්දේ තියලා තියෙනවා අහක බලාගෙන පරිස්සමට රිය පදවන්න කියලා..? (හේ)
හේමන්ත මම කීව හරිනේ ඔය කියන්නේ බෝර්ඩ් එකක් නම් පාර මැද්දේ තියලා තියෙනවා අහක බලාගෙන පරිස්සමට රිය පදවන්න කියලා. (හේ)
දඩ වලින් වැඩක් නැහැ. එතනදීම කස පහර දෙන නීති ගෙනෙන්න ඕන. නැතුව මේ මිනිස්සු හදන්න බැහැ.(හේ)
ඇත්තම සිද්ධිය මොකක්ද?(හේ)
වාසනාවන්ත නිලධාරියෙක් (නි)
ඇති ඔයින් ගියා! (නි)
2500 දඩය වැඩි කියන කට්ටිය (බ)
ඕනෑම රටක අනතුරක් වුණාම පාර වසනවා. ඒ රාජකාරි හැකි පමණ ඉක්මනින් ඉවර කර නැවත මහජනයාට පාර විවර කරනවා. එ්ත් අපේ රටේ? කවදා මොළේ පෑදෙයිද? අපේ ලංකාවේ පොලිසිය කවදා නීති හරියට කරගෙන යාවිද? (නි)
පාර වැහුවාම පොලිසියට බනිනවා. අපේ ලංකාවේ මිනිස්සු කවද හරියවිද මන්දා (ම)
සැරයන් මහත්තයාගේ වෙලාව හොඳයි (නි)
නිදිමතේද දන්නෙ නැහැ රියදුරු ඇවිල්ලා තියෙන්නේ? (නි)
පෙර කළ පින් බලයකින් මෙහෙම වෙන්න ඇති. හරිම පුදුමයි අහනකොටත් (නි)
ෂුවර් එකටම දේශපාලකයෙක් ඉන්න ඇති ඕක ඇතුළේ (නි)
මේ හෙල්මට් වර්ගයට හොඳ වෙළද දැන්වීමක් .........(ම)
දැන් කාලේ තරුණයෝ නම් යතුරුපැදිවල යන්නේ හිස්වැසුම් අත් වල දාගෙන (නි)
ප්‍රමිතියටම හදපු හෙල්මට් එකක් වගේ. (ම)
හැබෑටම මේ මිනිස්සුන්ට ලයිසන් දුන්නේ කවුද? (ම)
යකඩ මිනිසෙක් ප්‍රමිතියෙන් ඉහළ හිස් වැස්මක් හොඳ ඔලුවක් නමුත් ආරක්ෂා වීමට පියවර අරන් නැහැ (ම)
තොප්පිය දාගෙන වැඩට බැස්සොත්හි හදිසි අවස්ථාවකින් බේරෙන්න පුළුවන් කියල මේ සිද්ධියෙනුත් ඔප්පු වුණා(ම)
තොප්පිය හරිනම් දාගන්න එකෙත් වාසියක් තියෙනවා (ම)
අනතුරක් ඇති බවට රතු කොඩි දමා සැලකිල්ලෙන් රාජකාරි කලබව රුපවතිට පෙනිලා නෑ. තවත් නිකරුනේ පොලිසියට බනින්න එපා (හේ)