
(ඩයනා උදයංගනී)
කොළඹ, මල් පාරේ පිහිටි නවීකරණය කරන ලද “සිරිමතීපාය” අග්‍රාමාත්‍ය කාර්යාලය විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ සිදුකෙරිණි.
මෙහි සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා අනතුරුව කාර්යාල පරිශ්‍රයේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් පූජා කළේය.
ඉන්පසු ජනාධිපතිවරයා නිල ලේඛනයකට අත්සන් තබමින් එහි රාජකාරී ආරම්භ කළේය.
නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රදර්ශනයට තබා ඇති ඡායාරූප ද නැරඹූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම කාර්යාල පරිශ්‍රය ද නිරීක්ෂණය කළේය.
කාර්යාලයේ නව රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කරමින් මුල් දින කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ.
ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා මහතා විසින් සිය පුත් ශ්‍රීමත් ඇල්බට් අර්නස්ට් ද සිල්වා මහතා වෙනුවෙන් වර්ෂ 1916 දී ඉදිකර ඇති මෙම දෙමහල් මන්දිරය එතුමාගේ අභාවයෙන් පසු වර්ෂ 1960 දී පවුලේ සාමාජිකයන් විසින් රජයට පවරා දෙනු ලැබිණ.
අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍යාංශය, පළාත් පාලන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය ආදිය එකල සිරිමතීපායෙහි පවත්වාගෙන ගොස් ඇති අතර වර්ෂ 1978 දී අග්‍රාමාත්‍යවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා එහි අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටුවීය.
වසර සියයකට වඩා අධික “සිරිමතීපාය” පැරණි සැලසුමට අනුවම පූර්ණ නවීකරණයට ලක් කෙරුණේ වසර 44කින් පසුවය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල විකාර... කරුණාකරලා පොඩ්ඩක් පාරට බහින්න සදළුතලේ ඉඳලා. ජනතාවට මේවාද ඕනෑ?
රටේ මිනිස්සුන්ට කන්න නැහැ... මේ අය බෝඩ්වල නම දාගන්න දඟලනවා.
කීයක් ගැහුවද දන්නේ නැහැ?
පොඩ්ඩක් ඉන්න, මොලේ කචල් වේගෙන එනවද කොහේද? එතකොට අරලිය ගහ මන්දිරයේ තියෙන්නේ කාගේ කාර්යාලයද? දෙකේම නඩත්තුවට මුදල්? මේ ගොල්ලන්ට පරකාසේ, රටේ ජනතාවට මරගාතෙද?
ගිහින් බලන්න වගා පාළු වෙලා රට වටේ ගොවියන් විඳින දුක...!
ජනතාව බඩගින්නේ විලාප තියනවා. මේ අය සැප මදිවෙලා රටේ. තියෙන සල්ලි ටික වියදම් කරලා තව තව කාර්යාල, සුඛෝපභෝගී විමාන බවට පත්කරනවා.
දැන්නම් සැපයි නේ...
කෝ අර බතිකන මීහරක් සෙට් එක..?
වහල්ලු තවමත් නිදි... තව අවුරුදු 2කින් පටි තද කරගෙන දණින් වැටෙද්දී ඇහැරෙයි...