
(ඩයනා උදයංගනී)
සේරම කුණු යහපාලන ආණ්ඩුවට දාන්න එපා යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
යහපාලන ආණ්ඩුව රටට කළ දේවල් කියන්නට වෙනම සම්මන්ත්‍රණයක් වුවත් පැවැත්විය හැකි බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
තම රජය සම්මත කළ පනත් කොපමණද? කළ දේවල් මොනවාද? යන්න අද කවුරුත් කතා නොකරන බවත්, යහපාලනය, යහපාලනය කියමින් ගල් ගැසීම පමණක් සිදුකරන බවත් හෙතෙම කීවේය.
මැතිවරණ සිතියම හැකිළුවේ යහපාලන ආණ්ඩුව නොව ජේ.ආර් ජයවර්ධන මහතා බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය. 'මම මේ රටට 19 වන සංශෝධනයෙන් ප්රජාතන්ත්රවාදය දුන්න මිනිහෙක්. ලෝකෙ කොයි නායකයද තමන්ගේ බලය ඉවත් කළේ' යැයිද හිටපු ජනාධිපතිවරයා කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (2) රාත්‍රියේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා පැත්තකට වෙලා ඉන්න. ආයේ දිනන්න බැහැ. හිතනවද යහපාලනය කාලේ රට ඇමෙරිකාව වෙලා තිබුනා කියලා...?
කවුරු පාලනය කළත් මුලු රටම ගඳ ගස්සන කුණු ගොඩවල් වෙලා... මුළුමනින්ම සුද්ද, පවිත්‍ර කළ යුතුයි.
යහපාලන ආණ්ඩුවත්, තමනුත් අසාර්ථකයි කියලා දැන්වත් නිහතමානීව පිළිගන්න.
ඉවසන්න බැරි ගඳ ගහන කුණු බක්කියක් වෙලා ඉවරයි දැන්...
බලය විතරක් නොවේ, මොලයත් පරිත්‍යාගය කළානේ. බලය, තනතුරු වෙනුවෙන් පාවා දුන් අයෙක් .
යහපාලනය කාලා පාදඩයින්ටම එ්ක පාවලා දුන්නා. හෙන වදින්න ඕනෑ රටට කරපු අපරාදෙට...
මෙයාව ජනාධිපතිකමට තේරූ චන්ද්‍රිකා නෝනාට.. නිවන් දැක බුදුන් දකින්න ලැබේවා.. කරපු ජාතික සේවයට... අපි ඉතින් සසර වසන තුරු නිවන් දකින තුරු... කියමු.
තමන්ගේ අදහස එය වුණාට ජනතාවගේ අදහස යහපාලනය රට විනාශ කළා කියන එක. ඒ කාලේ රටේ මොනම බාධාවක්වත් තිබුණේ නැහැ. ඒත් රට විනාශ කළා...
යහපාලනයෙන් කුණු සුද්ද නොකරපු නිසා තමයි මේ සේරම පව් ගෙවන්න වෙලා තියෙන්නේ... බලයට ආවාම කළ යුතුව තිබුණු දේවල් එක්කෙනෙක් වත් කළේ නැහැ.. දැන් හොරු රංචුවක් බලය අරගෙන සියලු අකටයුතුකම් කරනවා. ඔබ කියන තරම් නිවැරැදි කෙනෙක් නම් කණ්ඩායමත් එක්ක ආණ්ඩුවත් එක්ක ඉවත් වෙන්නකෝ... දෙයියනේ..!!! මේ කතා අහගෙන තවත් එල්ලිලා ඉන්නේ අපිට තියෙන ආදරේටද?
2015 දී ඔහේ කරපු වැඩේ නිසා තමයි මේ හෙණේ. කුප්‍රකට ජිනීවා පාවාදීම ඇතුලු කොච්චර නොසණ්ඩාල වැඩ ද ඒ කාලෙ කළේ යහපාලනේ නාමෙන්. බොරු කන්දරාවක් රටේ ප්‍රචලිත කරලා, රටට වැඩ කරපු නායකයින්ට ගරහමින් ලෝකෙට ණය වෙලා කෑවා බීවා ඇරෙන්න වෙන මොනවද ඒ කාලො කෙරුවේ? රනිල් එක්ක කෙළින්ම එකතු වුණා.. චම්පික වැනි අයත්, වක්‍රව ඇගෑලුම් පෑ ජවිපෙත් මේ රටට කළේ මහ වින්නැහියක්....
එතකොට ඔයාමනේ කිව්වේ 19 වන සංශෝධනයෙන් රනිල් සූක්ෂම ලෙස බලය ඔහු යටතට ගත්තයි කියලා. දැන් කියනවා 19 වැනි සංශෝධනයෙන් ප්රජාතන්ත්රවාදය දුන්න මිනිහෙක් කියලා. ඔලුව නරක් වෙලා. දැන්වත් පොලොන්නරුවේ ඉන්නවයි කියලා හිත හදාගෙන, අර කොළඹ සුපිරි බංගලාවේ විශ්‍රාම ජීවිතය ගත කරන්න. බය වෙන්න එපා රටේ ජනතාව ඔයාවත් පවුලත් නඩත්තු කරාවි.
ඔබලාගේ කාලේ එතතුවෙච්ච කුණු වෙන කොහෙවත් දාන්නද කියන්නේ?