IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සුරාබදු ලොක්කා මැතිසභා කමිටුව මගහැරලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මත්පැන් නිෂ්පාදන සමාගම් වල හිඟ බදු පිළිබඳව විමසීම සඳහා  සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී  ඇතත් ඔහු එම කමිටුව හමුවේ පෙනී සිටීම  මගහැර ඇතැයි  කියති.

එසේම එම හිඟ බදු අය කර ගැනීමට දුන් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමද ඔහු  පැහැර හැර ඇතැයි එම කාරක සභාව පවසයි.

ඔහු එසේ කටයුතු කිරීම පාර්ලිමේන්තුවටත් එම කමිටුවටත් කළ අගෞරවයක් බව කාරක සභාවේ සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එම බදු අය කර ගැනීම පැහැර හැරීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය පළ කෙරිණ.

මේ අතර 2023  වසර සඳහා හිඟ සුරාබදු නොගෙවූ   සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය වෙත ලිඛිතව දන්වා යවන ලෙස  ක්‍රම සහ විධි පිළිබඳව සහ විදි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතාඑම කාරක සභාවේ ලේකම්වරියට උපදෙස් දුන්නේය.

එසේම එම හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැරීම පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදයක්

මේ සම්බන්ධයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන්  මුදල් අමාත්‍යාංශයෙන් කළ විමසීම්වලට අමාත්‍යාංශ පාර්ශවයෙන් පිළිතුරක් ලැබුනේ නැතැයි  සුරාබදු දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී ඇත.

මෙහිදී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම රුපියල් මිලියන. 1659 ක්, හිඟුරාන ඩිස්ටිලරීස් රුපියල් මිලියන 102 ක්, සිනර්ජි සමාගම රුපියල් මිලියන 37 ක්, වයඹ ඩිස්ටිලරීස් රුපියල් මිලියන 79 ක් වශයෙන් 2023 වර්ෂයේ සිට 2024.06.15 දිනට අයවිය යුතු මුළු හිඟ බදු හා අයභාර රුපියල් කෝටි එකසිය අසූවක්  බවද කාරක සභාව හමුවේ අනාවරණය විය. මෙසේ හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කාරක සභාව  නිර්දේශය ලබා දී තිබියදී සුරාබදු දෙපාර්තමේන්තුව සිය කාරයභාරය පැහැර හැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද කාරක සභාව දැනුම් දුන්නේය.

තවද, ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම හැර අනෙකුත් සමාගම් සමග සුරාබදු දෙපාර්තමේන්තුව ඇති කරගත් ගෙවීම් ගිවිසුම් මේ වන විට අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව මෙහිදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් අසමත් වී ඇති බවත්, එසේ තිබියදී කොමසාරිස්වරයා  ක්‍රම හා  විධි පිළිබඳ කාරක සභාව මග හරිමින් සිටින බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව කාරක සභාවේ නිර්දේශයන් නොසළකා හරිමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවටත් කමිටුවත් කරන අගෞරවයක් බවත්  සභාපතිවරයා පෙන්වා දුන්නේය.



අදහස් (4)

සුරාබදු ලොක්කා මැතිසභා කමිටුව මගහැරලා

Chandana Fernando Friday, 12 July 2024 09:04 PM

මුන් ඔක්කොම හොරු මල්ලි

:       1       7

Sarath Friday, 12 July 2024 11:03 PM

60 පැනලත් තවම ඉන්නේ...

:       0       3

තොත්ත බබා Saturday, 13 July 2024 05:32 AM

එහෙනම් ඉතින් එම දෙපාර්තමේන්තුව භාරව සිටින අමාත්‍යාංශ ලේකම් වගකිවයුතුය කියලා තමයි අපිට හිතන්නේ .අමාත්‍යාංශ ලේකම් සුරාබදු ලොක්කා වෙනුවෙන් විනයානුකූලව කටයුතු නොකිරීම ලේකම්ගේ අකාර්යක්ෂමතාවය වගකීම පැහැර හැරීමත් පෙන්නුම් කිරීමක් කියන්න පුළුවන් ඉතින් මෙහෙම නිළධාරි එක්ක රටක් හදන්නෙ කොහොමද වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව

:       0       1

Prabha Saturday, 13 July 2024 10:59 AM

ඕකට කොමසාරිස් එන්න ඕනෙද .බදු හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේ. උන් ටික ගෙන්නලා ප්‍රශ්න කරානම් ඉවරනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site