(තරිඳු ජයවර්ධන)
සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට ශ්රී ලංකා පොලිසියට හැකියාව ඇතැයි ගාල්ල මහේස්ත්රාත් නිශාන්ත පීරීස් මහතා අද(27) තීරණය කළේය.
එම පනත යටතේ පොලිසියට නඩු පැවරීමට හැකියාව නැතැයි කලුතර මහේස්ත්රාත් අධිකරණය මීට පෙර තීරණය කර තිබිණි.
ගාල්ල මහේස්ත්රාත් අධිකරණයේ මෙම තීරණයත් සමග සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියකු ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර අදින්නේ නැතිව කෙලින්ම පොදු මහජන ආරක්ෂාව උදෙසා සුප්රීම් උසාවියෙන් තීරණය ගත්තනම් ඉවරනේ.
එක මහේස්ත්රාත් උසාවියක තීන්දුවක් තවත් බල ප්රදේශයකට බලපාන්නේ නැහැ කියලයි මං හිතන්නේ. කොහොමත් නීතියේ අර්ථ නිරූපණ දිය හැක්කේ ශ්රේෂ්ටාධිකරණයට නේද? ඒ හින්ද මේක නීතිපති මැදිහත් වෙලා ඉක්මනට විසඳුවොත් රටට හොඳයි.
කළුතර මහේස්ත්රාත් උසාවියෙන් විතරක් නෙමෙයි කළුතර ඉහල උසාවියෙනුත් ඒ තීන්දුව දුන්න. දැන් ඒ දෙකම නොසලකා වෙනත් මහේස්ත්රාත් උසාවියකින් වෙනස් තීන්දුවක්. හොල්මන් නේද?