සිරිපා වන්දනාවේ ගොස් සිටියදී නල්ලතන්නිය රක්ෂිතයේ අතරමංවූ කාන්තාවන් දෙදෙනකු ඇතුළු වන්දනාකරුවන් පස් දෙනකු දවසකට පසු සොයාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.
බෙල් 412 හෙලිකොප්ටර් යානයකින් කළ සෝදිසියකින් පසු නල්ලතන්නියෙන් මේ පිරිස සොයාගත් බව වාර්තාවේ.
ලක්ෂපාන වතුයායෙන් ශ්‍රී පාද අඩවියට ඇතුළු වී ඇති එම පිරිස අඟහරුවාදා (13) පෙරවරුවේ අතුරුදන්වී ඇතැයි දැනගන්නට ලැබී ඇත. එහි සිටි සිව් දෙනෙක් නුගේගොඩ පදිංචිකරුවෝ වෙති. අනෙක් තැනැත්තා ලක්ෂපාන වතුයායේ සේවකයෙක් බව පොලිසිය පවසයි.
ඡායාරූප - ගුවන් හමුදාව
ඡායාරූපය - මනෝජ් ප්‍රියදර්ශන




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ගේ බදු වලින් අයකරල රජයෙන් පඩි වශයෙන් ලබාගෙන ඔවුන් ජිවත් වෙන්නෙත් මහජන මුදලින්. ඉතින් අමාරුවේ වැටුනම පිහිට වෙන්න තමයි ඔවුන් ඉන්නේ. මේකේ අදහස් බැලුවම හැම එකටම අය කරන්න අය කරන්න කියල කෑගහන අයට ඇයි බැරි රටපාලනය කරන ය ඉදිරියට ගිහිල්ල කෑ ගහන්න. මේවා ගේ අය හින්ද තමයි නිකම් ලැබුණු හැම දේටම දැන් මිලක් ගෙවන්නත් වෙලා තියෙන්නේ. (ර)
ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පිළිගත් මාර්ග පහසුකම් තිබෙද්දිත් මිනිස්සු මොකටද මේ වගේ අනතුරුදායක දේවල් කරන්නේ. පණ්ඩිතකම විහින් අමාරුවේ වැටිලා. (නි)
ගුවන් හමුදාවට අපේ ප්‍රණාමය! (නි)
රටක හමුදාවක් තිබෙන්නේ ආපදා අවස්ථාවක පුරවැසියන් ආරක්ෂා කිරීමටයි. හමුදාවට ප්‍රණාමය. පිරිසට නිරෝගී සුව!! (නි)
ද සිල්වත් හරි, බණ්ඩාරත් හරි. ඉතින් ගුවන් හමුදාවටත් ප්‍රණාමය පුද කරමු. (නි)
බැරිවෙලාවත් එ් අය සොයාගන්න බැරිවුණා නම් කී දෙනෙක් පාරට බැහැලා ඇද්ද උද්ඝෝෂණයට. කොටසක් විපක්ෂයටත් තව කොටසක් ආණ්ඩුවටත් දොස් කියන්නේ. මෝස්තරයක් වෙලානේ එ්ක දැන්. කොහෙන් කොහොම වුණත් හමුදා නිල දරුවන්මනේ පිහිටවුණේ (නි)
නිවන් දකිනතුරුම මේ සංසාරේ අතරමං වී ඇවිදින අපිට කරදරයක් වු විට හදවතින්ම උදව් කරන අයට එම සත්ක්‍රියාවන්ම සංසාරයෙන් එගොඩවීමට අත්වැළක් වේවා! (නි)
බන්දුල, කට නොවෙයි මේගොල්ලෝ වැඩයි වරද්දාගෙන තිබෙන්නේ. (නි)
බණ්ඩාර, දන්නා දෙයක් කතා කරන්න. කෙනෙක් කැලයක අතරමංවුණොත් ඒ අයව බේරා ගැනීම ආරක්ෂක අංශවල වගකීමක්. ගුවන් හමුදාවේ නඩත්තුවට මේ අයත් බදු ගෙවනවා. සමහර රටවල අතරමං වුණ මිනිසුන්ව බේරාගන්න වෙනමම හමුදා අනුඛණ්ඩ පවා තිබෙනවා (නි)
ලංකා, ඒ අය ලාංකික පුරවැසියෝ. කරදරේකට වැටුනම ආරක්ෂක අංශ වල උදව් ලබාගන්න එයාලට අයිතියක් තියනවා. ඔයාගේ ගෙදරට හොරෙක් පැනලා පොලීසියට කතාකළාම පොලිසිය හොරා අල්ලලා බිල ඔයාට දීලද යන්නේ? නැත්නම් හොරාගෙන් අය කරනවද? එතකොට යුද්ධයට ගිය වියදම කාගෙන්ද අය කරන්නේ? ප්‍රභාකරන්ගෙන්ද? නැත්නම් අහිංසක දෙමළ ජනතාවගෙන්ද? (නි)
දියුණු රටවල් වල නම් මේවා සාමාන්‍ය දේවල්. සමහරුන්ගේ අදහස් වලින් පෙනෙන්නේ එයාලට කවදාවත් වැරදෙන්නේ නැහැ වගේ. (නි)
සාමාන්‍ය දෙයක්. කාටත් වරදිනවා. කරදයක් නොවී බේරුන එක ලොකු දෙයක් (නි)
නිපුන්, කරදරයක් වුණාම උදව් කරන්න ඕනෑ. උදව් කරන්න මෙන්ම උදව් ලබාගන්නත් අයිතියක් තියෙනවා. සිරිපා වන්දනාවේ ගියා නම් අනිකුත් බැතිමතුන් වගේ නියම මාර්ගයේ යන්න තිබුනා. (නි)
නොදැන ගියොත් අතරමග කියන්නේ ඕක තමයි. (ර)
මග හොඳට තිබේනම්, යන්න දෑසත් පෙනේනම්, කීම බැදිවල යන්නේ, මංමුලාවූ අයෙකු සේ... (ර)
මෙයලා නීතියෙන් තහනම් දෙයක් කරල නෙමෙය්නෙ.මේ වගෙ වෙලාවල මිනිස්සු බේර ගන්න එක හමුදාවෙ වගකීමක්.වෙන රටවල මෙවගෙ දේවල් සාමාන්‍යයි (ර)
ලංකාව කියන්නෙ ගොඩක් පුංචි රටක්. එ්කෙත් සිරීපාදය කියනන්නෙ හැමෝටම පෙනෙන තැනක්. අපි මේ පිටරටවල් වල ඇවිල්ලත් හැමතැනම යනවා. එත් කවදාවත් අතරමංවෙලා නැහැ. අපේ රටේ ඉන්නෙ ගොඩක් අය මේ වගේ තමයි. තමුන්ගෙ රටේ පොඩි තැනකට ගිහිල්ලත් අතරමං නොවී එන්න බැරිනම් තවත් කවර කතාද. (නි)
හැමෝම යන පාරේ නොගිහින් අභියෝගයක් බාරගත් මේ අයට මගේ ප්‍රණාමය! (නි)
ආපදාවකින් තොරව මින්සුන් මුදවා ගැනිමට උපකාරවූ ගුවන් හමුදාවට අපගේ උත්තමාචාරය (බ)
සමන් දෙවි පිහිටයි. (බ)
ගුවන් හමුදාපතිට මගේ උත්තමාචාරය !!!! (ර)
මේ ගොල්ලෝ සොයන්න ගිය වියදම මේගොල්ලන්ගේ අය කර ගන්න ඕනේ. ගිය පාරේම එන්නේ නැතිව කලේ ලගින්න ගිහිල්ල (අ)
මේකේ සමහරු අදහස් දාලා තියෙන්නේ මේ අය ලොකු වරදක් කල වගේ. පොඩ්ඩක්වත් හිතල බැලුවද තමනුත් අසරණ වුණු වෙලාවක මොකද වෙන්නේ කියලා. එහෙමනම් රජයෙන් ලැබෙන අනිත් පොදු පහසුකම් වලටත් අයකරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ. (ර)
කරදරයක් නොවී මෙහෙම බේරුන එක වාසනාවක් (නි)
ඕක තමා කියන්නේ සිරිපා කරුණා කරන කොට කට වරද්ද ගත්තොත් වැඩ වරදිනවා කියල (බ)
මේවට ගිය වියදම මේ අයගෙන් අයකර ගන්න. (බ)
මේ සිරිපාදේ වදින්න ගිහින් නොවේ විනෝදෙට කැලේ ඇවිදින්න ගිය ගමනක් , කරුණාකර ගුවන් හමුදාවට වැය වුන මුදල මේ ගොල්ල ගෙන් අය කරගන්න , සිරිපාදේ වදින්න ඕනේ නම් අනිකුත් බැතිමතුන් වගේ නියම මාර්ගයේ යන්න තිබුන .(බ)
මොන මොන දේවතාවෝ වැඩඋන්නත් අවසානයේ පිහිටට එන්නේ ජාතියේ මුර දේවතාවෝ තමයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ප්‍රණාමය ..!!! (බ)
කාගෙවත් නමක් සඳහන් කරලා නැත්තේ වන්දනා නඩයක් නොවෙන නිසාද? (අ)
මේවගේ පණ්ඩිතකම් කරලා හමුදාව අපහසුතාවයට පත්කළාට , අනිවර්යේනම් නඩු දාලා , දඩුවම් දෙන්න වටිනවා .මෙයාල සිරිපා වදින්න ගිහින් නැහැ, විනෝදෙට කැලේ ගිහින් තියෙනේ. (බ)
කරදරයක් නොවුණ එක ලොකු දෙයක් (නි)
සිරිපාදයට රැහැන් මඟක් හැදුවොත් හොඳ නැද්ද? (නි)
ගුවන් හමුදාවට අපගේ උත්තමාචාරය! (නි)