ශ්‍රී පාද වන්දනා වාරය අවසන් විමත් සමග ශ්‍රී පාද මළුවේ සිට ඉරිදා (22) නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කර තැන්පත් කර තිබු සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ පුජා භාණ්ඩ සහ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඬුන් වහන්සේ ද නල්ලතන්නියේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා රාජ්‍ය අනුගහයෙන් රිය පෙරහරවල් දෙකකින් මාර්ග දෙකක් ඔස්සේ වැඩම කිරිම අද (23) සිදුවිය.
ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් ගමන් ආරම්භ කළ රිය පෙරහර දෙක අද පස්වරුවේ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයට ළඟා විමෙන් පසු සධාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව, පුජා භාණ්ඩ සහ දේවාභරණ ද ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයට වැඩම කරවා එහි තැන්පත් කිරිමට නියමිතය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ලංකාවේ අාසමකරන තැන ශ්‍රි පාදස්ථානය සාදු..සාදු...සාදු..!!! (අ)