149 වැනි පොලිස් විරු සමරු දිනයේ එහි ප‍්‍රධාන සැමරුම පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍ෂේත‍්‍ර බළකා මූලස්ථාන පරිශ‍්‍රයේදී පැවැත්විණ. සෙසු සැමරුම් රට පුරා පැවැත්විණි.
1864 මාර්තු 21 වැනිදා කොළඹxනුවර ප‍්‍රධාන මාර්ගයේදී උතුවන්කන්ද කඳු පාමුල ශ්‍රී ලංකාවේ රොබින් හුඞ් ලෙස ප‍්‍රචලිතව සිටි දීකිරිකෑවගේ සරදියෙල් අත්අඩංගුව ගැනීමට යද්දී ඔහුගේ අතිජාත මිත‍්‍රයා වූ මම්මලේ මරික්කාර් විසින් තබන ලද වෙඩි පහරකින් මියගිය පොලිස් කොස්තාපල් ”සභාත්” මහතා මියයාමේ සිද්ධිය මුල් කර ගෙන එදා සිට අද දක්වාම මාර්තු මස 21 වැනිදා මෙම පොලිස් විරු සැමරුම පැවැත්වේ.
පොලිස්පති විසින් මල් කළඹක් පොලිස් විරු ස්මාරකය ඉදිරිපිට තබා තම ගෞරවය දැක්වූ අතර විරු පවුල් සාමාජිකයෝ ද පැමිණ තම පවුලේ ඥාතියා සිහි කරමින් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරදියෙල්වත් සමරුවොත් නරකද? ඔහුත් දුප්පතාට සේවය කල කෙනෙක්. (දී)
සරදියෙල්ටත් උපහාර කළා නම් තමා හොද (දී)
ඈ බොලේ? දැන් එතකොට සරදියෙල්ද දේශද්‍රෝහියා? (නි)
හොද වැඩක් (දී)
සමරන්න ඕනා සරදියෙල්, තව තව මේ රටට අවශ්‍ය වන්නෙත් සරදියෙල්ල, ශූර සරදියෙල්ට මාගේ උපහාරය (ස)
සරදියල්ව නේද සමරන්න ඕන (ස)
අපේ නමස්කාරය ඔබට! (නි)
බලන්නකෝ අපේ පොලිස් කාන්තාවන්. අනේ ඉතින් මේ අපේ පොලිසියනේ... (නි)
මහත්තයා නරුනත් නාමය අමරණීයයි (දී)
සරදියෙල්ලාගේ කාලේ සිද්දියක් (දී)
පොලිසියෙන් මරපු අහිංසක මිනිසුන්ව සැමරුවොත් නරකද? හැබියි පාතාපයන්ව නෙමෙයි.(නදී)
සරදියෙල් මංකොල්ල කෑවේ සුද්දන්ගේ සල්ලි. සරදියෙල්වත් සමරනවානම් හොදයි (දී)
මිය ගිය පොලිස් නිලධාරියා සදා අමරනීයයි (නි)
රාලහාමි ඔබට නිවන් සුව (දී)
මෙහි මරුමුවට පත් පොලිස් නිලධාරියා මුස්ලිම් ජාතිකයෙක්. මුස්ලිම්වරයකු වශයෙන් ඔහු කළ සේවය ශ්‍රී ලාංකිකයන් වශයෙන් මහත් ආඩම්බරයකි. (නි)
පොලිස් සේවයට ඔබ ආදර්ශයක් (දී)
සදා අනුස්මරණීයයි. (දී )
සරදියෙල් කියන්නේ සුද්දට විරුද්දව සටන් කරපු කෙනෙක්. සුද්දා වෙනුවෙන් ක්‍රියාත්මක වුණ පොලිසිය අපට අපේ රටේ පොලිසිය කියලා පිළිගන්න බැහැ. අපි අලුත් පොලිස් දිනයක් සැමරිය යුතුයි. (නි)
ඉතාමත් වැදගත් වැඩක් (දී)
සමරන්න ඕනා එක නෙවෙයි සමරන්නේ.(නදී)
සභාත් කියන්නේ මුස්ලිම් කෙනෙක්ද? (නි)
සියළුම පොලිස් නිළ දරුවන්ට අපගේ ප්‍රණාමය! (නි)
ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට ජිවිතය පරදුවට තබා ක්‍රියා කර ඇත්තේ මුස්ලිම් කෙනෙක්. ඒ වගේම උතුවන්කන්දේ සූර සරදියල්ට උදවු කලෙත් මුස්ලිම් කෙනෙක්. (නි)
ඇති මිනිහාගෙන් අරන් නැති මිනිහාට දුන්නු මිනිහෙක් සරදියෙල් කියන්නේ, (දී)
මෙම දිනය කාසියක දෙපැත්ත වගේ. සරදියෙල්ගෙත් මරණයට ආසන්නම හේතුවත් මෙම පොලිස් නිලධාරියාගේ මරණයම වීමත්, හිතට දැනෙද්දී මොකක්දෝ වගේ (නි)
සරදියෙල් කියන්නේ සිංහලයෙක්. (නි)
සුද්දෝ වෙනුවෙන් මැරෙන්න ගිය කෙනෙක්ව ඇයි සමරන්නේ. මේක කව්රුහරි ගොඨාභය මහත්තයට පෙන්නුව නම් එයා වෙනසක් කරයි.(නදී)
30 අවුරැද්දක් පුරා රට වෙනුවෙන් දිවි පිදූ පොලිස් නිලධාරීන් අද අමතකද?(නදී)
නිවන් සුව ඔබට (දී)
සමරන්න ඕනේ සරදියෙල්වනේ. (නි)
ඒ කාලෙත් ඉ්සසරහට ගිහින් තියෙන්නේ හලාල් කරපු කෙනෙක්. (නි)
ඔබ පොලිස් දෙපාර්ත මේන්තුවට ආදර්ශයක් (දී)
ඇයි අපි සුද්දන්ට එරෙහිව වැඩ කරපු සරදියෙල්ව සමරන්නෙ නැත්තේ? (නි)
ලාංකිකයකු ලෙස මම් මලේ මරික්කාර් හා දීකිරි කෑවගේ සරදියෙල් මගේ ජාතික විරුවන්ය. (නදී)
ලංකාවේ කාන්තා පොලිස් කොස්තාපල් වරියන් දැක්කම හිනා යනවා. කෙලින් හිට ගන්න පන නැහැ වගේ.(නදී)