IMG-LOGO

සුරතල් මසුන්ගේ ජීවිත අවදානමේ: ඉන්ධන ගන්න ජෙනරේටර් උස්සන් ඇවිත්

(ගයාන් සූරියආරච්චි සහ තුසිත කුමාර ද සිල්වා)

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් කෑන්වලට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් සුරතල් මසුන් ඇති කරන ව්‍යාපාරිකයකු මාළුන්ගේ ජීවිත රැකගැනීම සදහා ඊයේ (30) ජෙනරේටරය තල්ලුකරගෙන ඉන්ධන පිරවුම්හලට පැමිණි අයුරු කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී දැකගත හැකි විය.

පැය ගණනක් විදුලිය කැපීම හේතුවෙන් සුරතල් මතස්‍යයන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් පවතින බැවින් ජෙනරේටරයක් මගින් විදුලිය ලබා දුන්නද ඊට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට කෑන් රැගෙන පැමිණියද ඉන්ධන ලබානොදීම හේතුවෙන් ජෙනරේටරය තල්ලුකරගෙන පැමිණි බව එම ව්‍යාපාරිකයා පැවැසීය.

එමෙන්ම බේරුවල ඇතුළු ගම් රැසක විසිතුරැ මතස්‍ය කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික යෝ පවසති. 

අඛණ්ඩව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් මතස්යායන් මියයාමේ තර්ජනයකට පත්වී ඇතැයි ඔවුහු කියති. 

ඇතැම් ව්‍යාපාරිකයෝ සුරතල් මසුන්ගේ ජීවිත බේරාගැනීම සදහා ගෘහස්ත ළිංවලට දැමීමට කටයුතු කරන බවද ඔවුහු කියති.

 



අදහස් (0)

සුරතල් මසුන්ගේ ජීවිත අවදානමේ: ඉන්ධන ගන්න ජෙනරේටර් උස්සන් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site