ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායක තනතුරක් ලබාදීමට සූදානමක් ඇතැයි පක්ෂ ආරංචි මාර්ග පවසයි.
ලබන 05 වැනි දා කැඳවීමට නියමිත කමිටුව විසින් පක්ෂයේ කිරීමට නියමිත විප්ලවීය වෙනස්කම්වලින් එකක් වන්නේ මෙම තනතුර බව ද ආරංචිමාර්ග කියයි.
පක්ෂයට නියෝජ්‍ය නායකයින් තිදෙනකු සිටිය යුතු බවත් ඉන් එක් තනතුරක් සුළු ප්‍රජාව නියෝජනය වන අයුරින් පත් කළ යුතු බවත් එම කමිටුව තීරණය කර ඇත. එම පක්ෂයේ වර්තමාන නියෝජ්‍ය නායකවරයා නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ය.
පළාත් සභා ඡන්දය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පක්ෂයට නව මහලේකම්වරයකු පත් කරන බවද වාර්තා වෙයි. එමෙන්ම පක්ෂයේ තරුණ කැබිනට් අමාත්‍යවරයකුට පක්ෂයේ සහකාර මහ ලේකම් තනතුර ලබාදීමට නියමිත ය.
කෙසේවෙතත් ජාතික යොවුන් පෙරමුණේ සභාපතිධුරය හා ලක් වනිතා ව්‍යාපාරය වෙනස් නොවෙනු ඇතැයි ද පක්ෂ ආරංචිමාර්ග කියයි.
-042

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා
ඉන්දික තොටවත්ත ඔබ දැන් මොකද කියන්නේ ? මොහු රට හැර යනවද ??
ඕන ගොනෙක් ගාවට ඕනෑම කෙනෙකුට යන්න පුළුවන් බාදාවක් නැහැ ජනතා වරමක් අවශ්‍ය නැහැ
මේවට හිනා යනව හලෝ
එක පක්ෂයක තනතුරක් කරුණා අම්මාන්ටත් දුන්න එකේ ඕක මොකක්ද
හුරු වචනයෙන් කියනවානම්, UNP නියමෙට අනා ගන්නවා. අවුරුදු 2 ඉවරනේ. දැන් ඉතින් ආයීමත් මහින්දට රට දෙන්න කාලය ඇවිත්.