පසුගිය රජය සමයේ දුෂණ චෝදනාවන්ට ලක්වුවන් නීතියේ රැහැනට කොටුකර දීමට නම් මාධ්‍යයෙන්ද ලොකු සහයෝගයක් අවශ්‍ය බව කොළඹ සරසවියේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි.
මේ රජය ගැනත් ලොකු විස්වාසයක් නැති වුවත් පොරොන්දු වූ කරුණු වලින් සියයට පනහක් වත් ඉටු කරගැනීමට අපි හැමෝම යහපාලනයට බලපෑම් කළයුතු යැයි ඒ මහතා කියයි.
යහපාලනයක් ගෙන ඒමට වෙහෙස වූ අයෙකු වශයෙන් පවතින රජයෙන් විශේෂ තනතුරක් ලබා නොගන්නේදැයි එසැණ කල විමසුමට ඒ මහතා මෙසේ පැවසිය. මට විශේෂ තනතුරක් කොහෙත්ම අවශ්‍ය නැහැ. මගේ මේ රැකියාව මට හොදටම ඇති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි ලෝකයේද යහපාලනයක් තියෙන්නේ ? (නදී)
දහම්ට ගොඩක් තරහා ගිහින් වගෙයි. (නි)
යහපාලනය යටතේ දේශපාලකයන් ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා මිස පරිපාලන හා නීති කෘත්‍යයන්ට සහභාගිවන්නේ නැහැ. දැන් වැඩකරන ආකාරය මූලික වශයෙන් නිවැරදිය. දේශපාලන විධායකය ස්ථාවර විධායකය ඉක්මවා යාම හා අධිකරණයට බලපෑම පසුගිය රජය කළ මූලික වැරදිය. (නි)
ඔබතුමා ගැනත් අපි හොඳටම කලකිරිලයි ඉන්නේ. රට වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබූ නායකයකුට ඡන්ද කාලේ ඔබ පහත් විදියට අවමන් කළ නිසා.(නදී)
ලංකාවේ දේශාපලනය නම් තිතත්යි. හැමදාම මෙයාල කලේ අහිංසක මිනිස්සු රවට්ටපු එක. (නදී)
දූෂණ අල්ලන්නේ නැහැ කියලා බනින සමහර අය කියන්නේ දූෂණ අල්ලන්න ප්‍රමාදවන නිසා නැවත දූෂණ කළ කල්ලි බලයට පත්කළ යුතුයි කියලද? (නි)
හොර කළ ගොඩක් අය වෘත්තිමය විදියට හොරකම් කළ ලෝක හොරු. අල්ලන්න ටිකක් කල් යයි. (නි)
අපිත් දැන් එහෙම තමයි මහත්තයෝ (නි)
සරත් විජේසුරිය ලංකාවේ දේශපාලනය ගැන තවදුරටත් හැදෑරිය යුතුබවක් මට හිතෙනවා. (ස)
මහාචාර්ය තුමා විරල දේශක තුමෙක් (ස)
සරත් විජේසූරිය උන්නැහේ ඔහේලා ඡන්දෙ අරයට දෙන්න කියන කොට එයාට දෙන්නත් නෑ නෑ එයා අවුල් වගේ මේ මේ පාර අරයට දෙන්න....අනේ නෑ....එක්කෝ තව පාරක් මෙයාටම චාන්ස් එකක් දීලා බලමු කියන කොට දෙන්නත් ඔහේ සර් රණවකගෙයි රතන හාමුදුරුවන්ගෙ නෑයෙක්ද? (ස)
පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහතාට අවමන් කලා නේද ? (නදී)
මේ අයගේ ඉතිහාසය දන්නා කෙනෙකුට මේ අයගෙන් යහ පාලනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? ඔය ඔක්කොම එකවගේ. රටේ ජනතාවට තියෙන ආදරේටද ඔය දගලන්නේ (නදී)
අනුන්ගේ යහපාලනය ගැන කියන්නට පෙර කරලා තියයනවද කියල බලනවානම් නම් නේද හොද? (ම)
කවුද මේ ?(හේ)
පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. පහුගිය කාලේ කෑ ගහපු එකමනේ කළේ? (නදී)
කවුද මේ ? (නදී)
බොරු කීව ඇති දැන්වත් රටට පලදායක යමක් කරන්න. (අ)
කියන්න ලේසියි, වැරදුනාම අැතුන් ලවා වත් අද්දන්න බෑ (නදී)
මේ මොනවද සිද්ධවෙන්න යන්නේ? (නි)
මේ වගේ කෙනෙක් ඉන්නවා කියල දන්නේ නැති, අන්තර්ජාලයත් භාවිතා කරන ආසිරි වගේ මිනිස්සුත් ඉන්න රටක් කොහොම හදන්නද? (නි)
මෙතරම් දේවල් දන්නා සරත් විජේසුරිය සර් ලංකාවේ දේශපාලනය ගැන තවදුරටත් හැදෑරිය යුතුබවක් මට හිතෙනවා. (නි)
ජනක කියන කතාව නං අැත්ත තමා.(නදී)
කට නිසා බොහොම දෙනෙක් ඉදිරිය වරද්ද ද ගත්තා පහු ගිය කාලේ. අායිත් ඒ වගේ කාලයක් ඉදිරියට එනවා. ප්‍රවේශමෙන් කතා කලොත් හොදයි.(නදී)
දන්නම් මේරටේ ගන්න දෙයක් නැති වේගෙන එන්නේ (දිල්)
අපේ රටේ උගතුන්ගෙන් බොහෝ දෙනෙක් එක එක කුලක අනුව බෙදී සත්‍ය දැක දැකත් කුලකයන් වෙනුවෙන් අසත්‍ය වපුරනවා. ඒත් අවබෝධයෙන් යුතු සාමාන්‍ය ජනතාව ගොනාට ඇන්දීමට ඒ මහාචාර්යවරුන්ගේ වැදිබණ වලට බෑ. (නදී)
මෙතුමා කොතනද යහ පාලනය ගැන කලකිරිලා කියල කිව්වේ? නිකම් බොරු බයිලා මෙතන හලන්නේ නැතිව ඉන්න. මෙතුමාට නෙමෙයි අපිටත් කලකිරිලා ඉන්නේ දුෂකයෝ අත්අඩංගුවට පත් නොවීම ගැන. ඒකට අදාල නිලධාරින් වගකිව යුතුයි. අනික ඔය හිටපු හොර කල්ලිය ඇතුලේ ආයතන නිලධාරීන් ඕන තරම් ඉන්නවා. (අ)
ඔබ තුමා මට හිතෙන්නේ හොරුත් සමග හෙළුවෙන් (අ)
පණ්ඩිතයෝ වගේ පෙන්නගෙන ඉන්න සමහරු දැන් බැලුවම හරිම ගොන්නුනේ. ජනතාව ගොනාට අන්දපු එකයි කරපු වස වැරැද්ද. (අ)