හිටපු ඇමැති සරණ ගුණවර්ධන රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප 5 ක් මත මුදාහරින ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය අද (30) නියෝග කළාය.
පරණ යකඩ ව්‍යාපාරිකයකුට විකුණන බව කියා ඔහුගෙන් රුපියල් ලක්ෂ 96 ක් වංචා කළැයි මොහුට එරෙහිව පැමිණිලි කර ඇත.
එක් ඇපකරුවකු රාජ්‍ය සේවකයකු විය යුතු බවත් දෙදෙනකු ළඟම නෑයන් විය යුතු බවත් නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන ලෙසද හැම ඉරිදාවකම රහස් පොලිසියේ පෙනී සිටින ලෙසද නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් ඉන්න ඕනැ හිරගෙදර. ඒත් අපේ අවාසනාවට බහුතරය ඉන්නේ පාර්ලිමේන්තුව වගේ තැන්වල. (නි)
ඇතුළට යන පරක්කුවට එළියට එනවා, මෙයාලා මොන විජ්ජුම්බයක් හරි දාලා. ඇයි දන්නේ නැහැ මෙයාලට හිරබත් අගුණ? (නි)
මේ වගෙ දෙයක් සමාන්‍ය පුද්ගලයෙක්ට වුණානම් තාමත් රිමාන්ඩ් ලක්ෂ 96 ක් කියන්නේ පොඩ්ඩක්ද? (දිල්)
සරණ කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට නොවේ ශ්‍රී ලංකාවටම පිළිකාවක් මහින්දගේ හොඳ හිතවතෙක් අනේ උසාවියෙන් හරි උඩ ඉන්න දෙවියෝ හරි දඩුවම් දෙන්නම ඕනේ . පාරේ රඹුටන් විකුණන අයගෙනුත් කප්පම් ගන්න එක්කෙනෙක් (බ)
සරණව බලන්න බන්ධනාගාරයට ගිය අය කියන්න ඇති, " උඹ බයනැතුව හිටපන් "කියලා. බලන්න බොරුද කියලා, තව ටික දවසකින් ඔහු ජාතික ආණ්ඩුවේ ඇමති කෙනෙක් නොවුණොත් තමයි පුදුම (නි)
පව් නේද අසරණ සරණ (දිල්)
වැරදි කළා නම් දැන් ඉතින් කන්නයි වෙන්නේ පරිප්පු (නි)