(අල්ජසීරා ඇසුරිණි-042)
ලිබියා මුහුදේ තිබී හිස් ඔරු දෙකක් හමුවී ඇතැයි ද එහි සිටි 260ක් පමණ මිය ගොස් ඇති බවට සැක කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අප්‍රිකානු ජාතිකයින් පස් දෙනකුගේ සිරුරු පහක් එම මුහුදු තීරයේ ගමන්ගමින් සිටියදී තමන්ගේ බෝට්ටුවට හමු වු බව ස්පාඤ්ඤ රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රකාශකයෙක් වන ලෝරා ලනුසා පැවසීය.
එම ඔරුවක 120ත් 140ත් පිරිසක් ගමන් කිරීමට හැකි බවද ඔහු පැවසීය.
“මෛ ඔරු මිනිසුන්ගෙන් පිරී තිබෙන්නට ඇතිය කියලා හිතනවාට වඩා වෙන දෙයක් හිතන්න අමාරුයි“ඔහු පැවසීය.
“අවුරුදු ගණනක ඉඳලා මෙහි ගමන් ගන්නා ඔරු මගීන්ගෙන් පිරිලා තමයි ගමන් කරන්නේ“
සොයාගත් මළ සිරුරු අවුරුදු 16ත් 25ත් අතර පුද්ගලයින්ගේ බවට සැක කරන බවත් පැය විසි හතරකට පෙර ඔවුන් මුහුදේ ගිලෙන්නට ඇති බවට සැක කරන බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පුතුන් ලේකම්ලා ලෙස තබාගෙන ඉන්න ඇමති වරුන් ගැන ජනතාවද තීරණ ගනු ඇත