ව්‍යාජ ටෙලර් කාඩ් මගින් ඉන්දියා රුපියල් කෝටි ගණනක් වංචා කළැයි සැක පිට තමිල්නාඩුවේ පල්ලුරුති පොලීසියෙන් සරණාගත ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනෙක් දින 14 ක් දක්වා රිමාන්ඩ් කරනු ලැබුහ.
සුරේෂ් (31),සෙන්දුරන් (31),ශිවාසුදන් හා ආනන්ද රාජ් එම සිව් දෙනාය.
ලැප්ටොප් පරිගණකයක්,ව්‍යාජ ඒ ටී එම් කාඩ් 372 ක්,කාඩ් රීඩරයක්, මුදල් ගැනීමට යොදාගත් යන්ත්‍රයක්,හුන්ඩායි කාරයක් ,ඉන්දියා රුපියල් ලක්ෂ 14 ක් සොයා ගත් බව එරට පොලීසිය කියයි.
මෙම පිරිස අන්තර් ජාතික මාෆියා කණ්ඩායමක හොර නඩයක් බවත් ලන්ඩනයේ හා ජමනීයේ හෝටල හා සාප්පුවලට සම්බන්ධ යුරෝපා කල්ලියකට සම්බන්ධ බවත් පොලීසිය සැක කරයි.
මෙම සිව් දෙනා 1996 සිට ට්‍රිචි නුවර සිටින බව කියන පොලීසිය කොමිස් වශයෙන් ඔවුන්ට 20% ක් ලැබෙන බවත් සෙසු මුදල් හොර ජාලයේ සෙසු සාමාජිකයින් අතර බෙදී යන බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔවැනි සරණාගතයින් තමයි ඕස්ට්‍රේලියාවටත් පැනලා තියෙන්නේ. (නි)
ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනෙක්. (නදී)
ඕකට තමයි කියන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන පස්සේ කනෝ, කනෝ කියනවා කියලා. (නි)
ලංකාවෙන් පිට සිටින සියයට 99 ක සරණාගතයන් දේශපාලන රැකවරන පැතුවට සැබෑව නම් ඔවුන් ආර්ථික සරණාගතයන් වීමයි . මෙයින් සියයට 80ක් පමණ නුගත් අවම අධ්‍යාපනයක් නොමැති අය. එ් නිසා හොරකමට වංචාවට ගැතී වීම සාමාන්‍ය දෙයකි (නදී)