සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුකර ඇතැයි චෝදනා නැගී තිබූ වංචා හා දූෂණ සිදුවීම් තුනක් සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණ වලින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහි පැමිණිල්ල සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුමැතිය දුන්නේය.
ගුණවර්ධන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටි 2006 අගෝස්තු හා 2007 ජූලි අතර කාලයේ මෙම වංචා හා දූෂණ සිදුව ඇතැයි ඔහුට එරෙහිව චෝදනා නැගුණු අතර අල්ලස් හෝ දූෂණ කොමිසම ඒ අනුව පරීක්ෂණ පැවැත්වූයේය.
මේ සම්බන්ධයෙන් පැවැත්වුණු නඩු විභාගයේදී රුපියල් ලක්ෂ 600 ක පෞද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂ 150000 ක මුදල් ඇපයක් මත ගුණවර්ධන මුදා හැරිණි. ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනිණ.
සංශෝධනය කළ පැමිණිල්ල අප්‍රේල් මස 19 වැනිදා වන විට ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධරයින්ට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් දීපු දඬුවම මොකක්ද කියල මෙතන නැහැනේ. (බ)