සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ගෙන්වූ රුපියල් අසූ ලක්ෂ අනූ දහසක් වටිනා වාහනයක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාර රෝහලේ පසුවන බව එහි ආරංචි මාර්ග කියයි.
නව මැගසින් බන්ධනාගාරයේ එෆ් සිරමැදිරියට ඇතුළත් කර ඇති ඒ මහතා අඟහරුවාදා :05- උදේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර අතැයි දැනගන්නට තිබේ.
ඔහු රෝහලට මාරු කර ඇත්තේ ඒ අවස්ථාවේ රාජකාරි කළ වෛද්‍යවරයාටද ඉදරිපත් නොකර බව බන්ධනාගාර ආරංචි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ වෙලාම නැහැ එහෙනම්.
අපි ඕක කලින්ම දැනගෙන හිටිය, මෙයාලව දන්නා ඕන බන්දනගර ඉස්පිරිටලේට නෙවි මානසික ඉස්පිරිටලේට. ඔන්න ලංකාවේ ලොකු හොරුන්ට දඩුවම් දෙන විදිහ.
අනේ සරනයෝ බන්ධනාගාරයට ගිය ගමන් ඔක්කම උන් ලෙඩ වෙනවා .නමුත් එළියේ ඉදන් හොරකන් කොරනකොට කිසිම ලෙඩක් නැනේ .
ජනතාව පාර්ලිමේන්තු යවලා තියෙන්නේ ලෙඩ්ඩු ,හොරු වංචාකාරී මහත්වරු .
මොනවා ?එදා මිනිසුන්ට අචාර කරලා එහෙම හොඳට ඇවිදගෙන ගිය මිනිහානේ
කාපු ජරාව දිරවන්නේ නැතුව අජිරණය හැදිලා වෙන්න ඇති ? තව සතියක් දෙකක් ඉවසන්න ඊට පස්සේ ඇප ලැබේවි , ඊට පස්සේ අවුරුදු 5-10 විතර නඩුව ඇදල විසි කරලා දාවි , ලක්ෂ 80 වක වාහනයක් හොරකම් කරලා සතියක් දෙකක ඉස්පිරිතාලේ හිටියම මොකද වෙන්න ?
බන්ධනාගාර මාෆියාව පාලනය කරන්න සක්කරයටවත් බැරි බවයි මේකෙන් පෙන්නේ. ඕනෑම පහසු කමක් බලයට බැරිනම් සල්ලිවලට ගන්න හිරේ යන ඕනෑම ඇමතියෙකුට, මන්ත්රියෙකුට, අපරාධකාරයෙකුට පුළුවන්. කොමසාරිස් ජනරාල් මේ ගැන මොකුත් කියනවා නම් හොඳයි රටට දැනගන්න.
බන්ධනාගාරය රෝහලේ සාමාන්‍ය වට්ටුවකද නැත්නම් බබිගේ මෙට්‍රස් එක දාපු ඇදේද?
තක්කඩින්ට දිය යුත්තේ කසපහර සමග .හිර ගෙදරයි.
අත් අඩංගුවට ගත්ත ගමන් අසනීප වෙනවනේ? ලෙඩ ගොඩවල් දේශපාලනය කරන්නේ .
රන්ජන් රාමනායක. අපගේ දේශපාලන මතය කෙසේඋවද උසාවි නීතිය (Functioning of Law) ගැන ඔබ පවසන දෙයට මා 100% එකඟය.
බන්දනගර රෝහලත් සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වගේ ඇති. එකනේ කට්ටිය පුරුද්දට එකටම යන්නේ.
මේ මිනිහගේ මැරයෝ කප්පම් නොදුන්නා නිසා මිනිස්සු කි දෙනෙක් ඉස්සර රෝහල් යැව්වද .. තාමත් මේ මිනිහව නලවන්න පාලකයෝ ලස්තිනේ එකනේ ජනතාවගේම කරුමේ කියන්නේ
ඔන්න ඔය හිරේ යන දේශපාලුවන්ට හැදෙන ලෙඩ (බොරු ලෙඩ) අන්තීම මොහොතේ හැදෙන අසනීප වලට හොද පාඩමක් උගන්වන්න බැරිද? එහෙම බොරු කරන අයට තවත් සිර දඩුවම් වැඩි කරන්න ඕනි. රජයේ අවංක දොස්තර කෙනෙකු ලවා (පගාව නොගන්න කෙනෙක්) එතකොට මේ බොරුවට ඉඩක් නැති වෙනවා
පාර්ලිමේන්තු යවන්න කලින් සෞඛ්‍ය පරික්ෂාව කරන්න වෙනවා..