IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘සුරාජ්ගේ ඔළුවට අලූතින් කෙස් පැළ’

IMG_0164   

ඕනෑවට වැඩිය බොරු තර්ක ඉදිරිපත් කරන සහ කයිවාරු ගහන අයට බොහෝ විට කියන්නේ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන අය කියලයි. හැබැයි සුරාජ් මාපා නම් ඒ විදියට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන, බොරුවට කතා කරන රංගන ශිල්පියකු නම් නොවෙයි. ඒත් එහෙම වුණාට සුරාජ් පසුගිය දිනෙක කෙස් පැළ කර ගත්තලූ. සුරාජ් කෙස් පැළ කර ගත්තාය කියන මේ කතාව මොකක්ද? මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය කෙරෙන ”කළු අරලිය” නාට්‍යයේ අපූරු චරිතයක් සමග අපිට හමුවන ”සුරාජ්” මේ කෙස් පැළ කරගත්ත කතාව ගැන සඳැල්ලට විස්තර කළේ මේ විදියටයි.

 

IMG_0141

 

fj


star සුරාජ් මොනවද මේ පැතිර යන ආරංචි?
මොනවගේ ආරංචිද?

 


star හිසට සැත්කමක් කරගත්තාය කියන?


සැත්කමක් නෙවෙයි. මගේ හිසේ ඉදිරිපස කෙස් අඩුයි. ඉතින් පිටුපස කෙස් අරගෙන ඉස්සරහට පැළ කළා. ඒක පැය හයක විතර ප‍්‍රතිකාරයක්. සැත්කමක් නෙවෙයි.

 


star ඇයි එහෙම දෙයක් කරන්න වුණේ?


එදා මම මේ ක්‍ෂේත‍්‍රයට ආවේ දිගු කොණ්ඩයක් තිබුණු නිසයි. රඟපෑමේ කාර්යයට මාව තෝරාගන්නට පෙර මගේ ඒ කොණ්ඩෙට තිබුණු ඉල්ලූම නිසා කොණ්ඩා විලාසිතා සංදර්ශනවලට නිරන්තරයෙන් ආරාධනා ලැබුණා. ඒ නිසාමදෝ මම කොණ්ඩයට ගල්වන විශේෂිත ආලේපන, ජෙල් වගේ දේ නිතර භාවිතා කළා. ඒ වගේ දේ නිසාත්, රාජකාරියේදී ඇතිවෙච්ච පීඩන වගේ දේ නිසාත් ඉදිරිපස කෙස් අඩුවුණා. නමුත් එය මගේ රංගන ජීවිතයට ප‍්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් රංගන ශිල්පියකු ලෙස විවිධ චරිත රංගනයේ යෙදෙන විට බාහිර ස්වරූපයත් බලපානවා. ඒ නිසා විවිධාකාර වෙනස් චරිත සඳහා කොණ්ඩය වැදගත් කියලා හිතුණා.

 


star මේ කොණ්ඩය පැළ කරගත්ත විදිය ගැන කිව්වොත්.


ඒක ඇත්තටම රිදුම් දුන්න ප‍්‍රතිකාරයක් නෙවෙයි. නවීන තාක්‍ෂණය අනුව ස්වාභාවිකව සිදුකළ ප‍්‍රතිකාරයක්. එකම දේ පැය හයක් විතර එක තැන ඉන්න සිදුවුණා. ඒක ටිකක් අමාරු වුණා. මොකද පැය ගාණක් අපට එක තැන ඉඳීමේ පුරුද්ද නැති නිසා.

 


star මේ වගේ දෙයක් කරන්න ඔබට බය හිතුණෙ නැද්ද?


මේ ප‍්‍රතිකර්මයට මුහුණ දෙන්නට පෙර මේ වගේ ප‍්‍රතිකාර කර ගත්ත අය ගැන සහ කෙරෙන විදිය ගැන මුලින්ම මම සොයා බැලූවා. වෛද්‍ය උපදෙස් පවා අරගත්තා. ඉන්දීය බොලිවුඞ් නළුවන් මේ වගේ ප‍්‍රතිකාර කරගෙන තියෙනවා. සල්මන්, අමීර් සහ කෝලිත් මේ වෛද්‍යවරයාගෙන් මේ ප‍්‍රතිකාරය කරගෙන තිබෙනවා. ඒ නිසා මට කිසි චකිතයක් ඇතිවුණේ නැහැ.

 


star ඒ කියන්නේ මේ ප‍්‍රතිකාරය කර ගත්තෙ ඉන්දියාවට ගිහිල්ලද?


අපෝ නැහැ. ලංකාවේ කොළඹ කළේ. DHI Hair Solutions ආයතනයෙන් කළේ. එයාලට එංගලන්තයේ ශාඛාවක් පවා තියෙනවා. අනෙක අපේ ශ්‍රී ලාංකිකයින් වීම ආඩම්බරයක්. ඔවුන් යටතේ පළපුරුදු වෛද්‍යවරු දෙදෙනෙක්  කටයුතු කරනවා.

 


star දැන් සුරාජ් වෙනස් විධියට අපට දකින්න ලැබේවි නේද?


ඒ වෙනස දකින්න තව මාස කීපයක් ගතවේවි.

 


star කොහොමද මේ දිනවල වැඩ කටයුතු එහෙම?


නුවර සහ කොළඹදී මගේ නැටුම් පංති පවත්වාගෙන යනවා. ඊට අමතරව රිදී රැයක් පුහුණුවීම්වලට සහභාගී වෙනවා. ලාල් වීරසිංහ මහතාගේ අලූත් චිත‍්‍රපටයේ රඟපෑමට සූදානමින් සිටින්නෙ. කළුඅරලිය රූගත කිරීම්වලටත් දායක වෙනවා.

 


star ඔබ මේ විදියට කොණ්ඩය එහෙම වෙනස් කරගත්තෙ විවාහයට සූදානමින් කියායි ආරංචිය?


කොහොමටත් අවුරුද්දක් දෙකක් ඇතුළතදී විවාහය සිද්ධවේවි. හරි කෙනා ජීවිතයට සමීප වෙනකල් බලාගෙන ඉන්නෙ.

 


star කොහොමද ගෙවී ගිය ”ජීවිතය” ගැන හිතෙන්නෙ?


ගෙවීගිය ජීවිතය ගැන සතුටුයි. ඒත් තවම මම සාර්ථක මිනිසෙක් නෙමෙයි. රංගනයෙන් සහ නර්තනයෙන් ජනප‍්‍රියත්වය සහ මූල්‍යමය අංශය ඇතුළු ඔය සියලූ පැතිවලින් ස්ථාවර සාර්ථකත්වයක් ඇතිකර ගන්න  ඕනෑ. ජීවිතයේ තමුන් කරන දේට මුල්තැන දෙමින් ඒ සාර්ථකත්වයට සමීප වෙන්න හැකිවේවි. දැන් අසාර්ථකයි කියලා හිතෙන්න පුළුවනි. එය සාර්ථකත්වයේ පදනම කියලත් කියන්න පුළුවනි. රංගනය වගේම නැටුමත් ලොකු පිම්මක් පැනීම, පියවරක් තැබීම වගේම සමාජයට ඉතා හොඳ දෙයක් සමාජගත කිරීම තමයි අරමුණ.
 


sandun 01



අදහස් (0)

‘සුරාජ්ගේ ඔළුවට අලූතින් කෙස් පැළ’

සඳුනි Saturday, 20 December 2014 09:56 AM

බලමු ඒ විදිය ලස්සනයිද කියලා.(හේ)

:       0       0

සියාද් Monday, 22 December 2014 08:10 AM

මට අමතක නොවන ටෙලි නාට්‍ය සුරාජ්ගේ පූජා (බ)

:       0       0

කමල් Thursday, 18 December 2014 08:44 AM

සුරාජ්, දක්ෂ නළුවෙක් වගේම කඩවසම්. (ර)

:       0       0

රමණි Friday, 19 December 2014 09:45 AM

සුරාජ්, ඔයා ලස්සනට රඟපානවා කළු අරලිය එකේ (නි)

:       0       0

ලක්මාල් Thursday, 18 December 2014 09:43 AM

සුරාජ්ගේ අමතක නොවන රඟපෑමක් අපි 'පුජා' ටෙලි නාට්‍යයේ ඕෂධී සමග දුටුවෙමු. හිස කෙස් පැලකිරීමට ලොව දක්ෂම විශේෂඥයන් ඉන්නේ ඉතාලියේ. ඔය වැඩේ හරි ගියේ නැත්නම් ඉහත අදහස ගැන සිතා බලන්න. අවොත් ඔබව පිළිගන්න මෙහේ ඔබගේ රසිකයින් ගොඩක් ඉන්නවා.(හේ)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 18 December 2014 10:29 AM

ඉහත අදහස දැම්මේ ලක්මාල් නෙවෙයි මමයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site