IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


සරාගී දර්ශන නිසා ප්‍රියංකාට දෝෂාරෝපණය

20160513Priyanka-1බොලිවුඩයේ ගායිකාවක සහ රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වට පත් ප්‍රියංකා චොප්රාට මේ දිනවල වාසනාව උදාවී ඇති බව බොහෝදෙනා විශ්වාස කරනවා. ඒ ලෝකයේ බලවත් කාන්තාවන් සියදෙනා අතරට ප්‍රියංකාගේ නාමය පැමිණීමත් සමගයි.

ඇයට මෙවැනි ගරුත්වයක් හිමිවුවත් එළඹෙන වර්ෂයේදී ඇය රංගනයෙන් දායකවීමට නියමිතව ඇති Baywatch චිත්‍රපටය හේතුවෙන් ඉන්දියානු ඇතැම් විදෙස් වෙබ් අඩවි විසින් ඇයව විවේචනය කරනු ලබනවා.

කෙසේ නමුත් හොලිවුඩය සඳහා පා තබා ඇති ප්‍රියංකාට මෙම වර්ෂයේදී බොලිවුඩ් චිත්‍රපට සඳහා රංගනවරම් හිමිව ඇත්තේ ඉතාමත් සීමිත සංඛ්‍යාවක් බව සඳහන්. කෙසේ නමුත් ඇය රංගනයෙන් දායක වූ Jai Gangaajal චිත්‍රපටය මාර්තු මාසයේ එළිදැක්වූවත් එයට වැඩි ආදායමක් උපයා ගැනීමට සමත් නොවූ බවද නොරහසක්. හොලිවුඩයට පා තැබීම හේතුවෙන් ඉන්දියානු සිනමා කර්මාන්තයේදී ප්‍රියංකාට ලැබෙන අවස්ථා ප්‍රමාණය අඩුවීමට හැකි බවයි චිත්‍රපට විචාරකයන්ගේ මතය වී තිබෙන්නේ. ඔවුන් පවසා සිටින ආකාරයට ප්‍රියංකා හොලිවුඩයට පා තැබීම හේතුවෙන් ඇය බොලිවුඩ් සිනමා ප්‍රතික්ෂේප කරන අතර, එමගින් ඇයට අත්වන ඉරණම පිළිබඳ ඇයට කිසිදු අදහසක් නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා. මෙම හේතූන් නිසා ඉදිරියේදී ඇයගේ ඉරණම කෙසේ විසඳේවිද යන්න කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකි බවයි චිචාරයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.



අදහස් (0)

සරාගී දර්ශන නිසා ප්‍රියංකාට දෝෂාරෝපණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site