මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළින්ම ලැබෙන නාට්‍යයක් තමා හිරු TV හි විකාශය වන වස්සාන ප්‍රේමය. වස්සාන ප්‍රේමය කොයි තරම් නම් ජනප්‍රියද ඒ තරම්ම ආදිත්‍ය සහ අස්තා ජනප්‍රියයි. අස්තා ලෙසින් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ ශලනි තාරකා. අපේ රටේ ඉන්න තාරැණ්‍යය නියෝජනය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් 2017 මේ නව වසරේ මුලින්ම Hit Couple විශේෂාංගයට සම්බන්ධ කරගත්තේ අස්තා එහෙමත් නැත්නම් ශලනි.
Chat With Shalani
1. වස්සාන ප්‍රේමයට ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාරනම් ගොඩක් හොඳයි. මොකද ෙම් නාට්‍ය අවුරැදු එකහමාරක කාලයක සිට විකාශය වෙනවා. ප්‍රේක්ෂකයින් දැන් මේ කතාව එයාලගෙම කතාවක් කරගෙන තියෙනවා.
2. හිතුවද මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා?
මෙහෙමයි පටන් ගනිද්දී නම් මෙච්චර ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් ප්‍රේක්ෂක අවධානය ගන්න පුළුවන් නිර්මාණයක් කියලා නම් අපි දැනගෙන හිටියා.
3. වැඩිම ප්‍රතිචාර ආදිත්‍යටද? අස්තාටද,
හ්ම්ම්... ඒක එහෙම කියන්න බැහැ
4. ඇයි ඒ?
සමහරැ ආදිත්‍යට රඟපාන සාරංගට කැමතියි. තව සමහර අය අස්තාගේ තියෙන අහිංසකකමට කැමතියි. ඒ නිසා මට කියන්න බැහැ ආදිත්‍යටද අස්තාටද වැඩි ප්‍රතිචාර කියන එක. නමුත් මුල් කාලේ ගත්තොත් අස්තාට වැඩි ප්‍රතිචාරයක් තිබ්බා. මොකද ආදිත්‍ය මුලදී දඩබ්බර චරිතයක් නිසා. දැන් ආදිත්‍ය වෙනස් වෙලා. ඒ නිසා සමබර ප්‍රතිචාරයක් තියෙනවා.
5. අස්තාගේ චරිතය මතු වෙන්න ආදිත්‍යගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. හැමදේම සාකච්ඡා කරලා චරිතයට උපරිම සාධාරණය ඉෂ්ඨ කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ ඒ සහයෝගය නිසා.
6. දර්ශන තලය තුළ විවේකයක් ලැබුණාම මොනවද ආදිත්‍ය කරන්නේ?
සාරංග කියන්නේ බොහොම විනෝදකාමී චරිතයක්. විවේකයක් ලැබුණාම ගොඩක් වෙලාවට සාරංග කාව හරි බයිට් කරනවා. එහෙම නැත්නම් විහිළු කතාවක් කියනවා. එහෙමත් නැත්නම් නිදා ගන්නවා.
7. ශලනි සාරංගව දකින්නේ කොහොමද?
මම දකින්නේ ඉතාමත් දක්ෂ, ඒ වගේම මේ කලා ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙන නිහතමානී රංගන ශිල්පියෙක් විදිහට
8. සාරංගගේ දකින හොඳ ගති ගුණ?
යාළුවෙක් විදියට ගත්තම මම දකින ඔහුගේ හොඳම ගුණාංගය තමා සාමූහිකව වැඩ කිරීමේ හැකියාව
9. සාරංගගේ වෙනස් විය යුතුයි කියලා හිතෙන දේවල්?
එහෙම වෙනස් විය යුතු කියන්න තරම් දෙයක් නම් නැහැ. හැබැයි එයා ඕනේ එකයි එපා එකයි හැමදේම විහිළුවට ගන්න අවස්ථා තියෙනවා. ඒ දේ පොඩ්ඩක් වෙනස් වුණොත් හොඳයි කියලත් හිතෙනවා. හැබැයි වෙලාවකට ඒකත් හොඳයි, මොකද එයා එහෙම ඉන්නේ සරල නිහතමානී කෙනෙක් නිසානේ.
10. වස්සාන ප්‍රේමය ගැන අද ප්‍රේක්ෂකයින්ට මොකද කියන්න තියෙන්නේ?
තව පොඩි දුරයි යන්න තියෙන්නේ අස්තාටයි ආදිත්‍යටයි. ඉතින් ඒ ටික කාලෙත් ප්‍රේක්ෂකයින්ට අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd