ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දිනවීම සඳහා තමා විසින් සැකසුණු ‘මැෂිම‘ තමා සිරිකොතින් එළියට බසිද්දී ‘ඕෆ්‘ කළ බව එජාප හිටපු මහ ලේකම් හා සන්ධාන සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායක මහතා අනුරාධපුරයේදී අද පැවසීය.
සිරිකොත අද මළගෙයක් වගේ. ඡන්ද පොළ නියෝජිතයන් 12,000 ක් පත් කළා. ඡන්දය දිනාගැනීමටයි එහෙම කළේ. මම එළියට බහිද්දී ඒ මැෂිමේ යතුර ඕෆ් කළා.
අනුරාධපුර පොදු ක්‍රීඩාංගණයේ පැවති මෙම රැළිය ඇමතූ මහින්ද රාජපක්ෂ ජනපති පැවසූයේ වකුගඩු රෝග නිවාරණය යටතේ අනුරාධපුරයේ හැම ගෙදරකටම පිරිසිදු පානීය ජල පහසුකම් සපයන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලෙන නැවට පැන්න තිස්ස දැන් බොරු කියනවා. අපිව රවටන්න උත්සහ ගන්න එපා. දැන් පනින හැමෝම සල්ලිවලට ආදරේටයි එහෙම පනින්නේ. (නදී)
ගොඩක් හොඳයි. මීටපෙර සිටි අය වකුගඩු රෝගීන් වෙනුවෙන් මොනවද කළේ? ඔබතුමාවත් යමක් කරන්න බලන්න (නි)
ගිය එකම තමා හොද. ඩීල් එකක් කියල තේරෙනවනේ. ගිය ගමන් සෞක්‍ය ඇමති කම (නදී)
මිනිසුන්ට පිරිසිදු වතුර ටිකක් ලැබෙනවා නම් ඒකත් ලොකු දෙයක් (නි)
දැන් කියන්න ඕන තරම් කතා තියෙනවා.(හේ)
අවරුදු 15 -20 ඔය මැෂිම වැඩ කලේ නැහැනේ. ඕෆ් කරලා ගිය එක හොදයි. (ර)
ඒ පැත්තේ පරදින මැෂිම ඕෆ් කරලා අනෙක් පැත්තේ පරදින මැෂිම ඔන් කරලාද දන්නෙ නැහැ (නි)
ඕෆ් කළාට එයාට ඡන්ද කීයක් ලැබුනද කියල බලන්න ඕනේ. (නදී)
දුමින්ද දිසානායකත් ආපසු එනවාලූ නේද ? (නදී)
මැෂිමේ යතුර ඔෆ්ෆ් කලාද, මැෂිම ඔෆ්ෆ් කලාද. (නදී)
ඡන්ද මැසිමේ තිබිච්ච මලකඩ කැඩුනා. (නදී)
බන්දුල මහත්තයෝ මේකත් ලියලා තියාගන්න. මයිත්‍රීපාල සිරිසේන මහත්තයා 58 % යි (නදී)
ඒ වුණාට වෙන කවුරුහරි ඒක “ඔන්“ කරගනී (නි)
දැන් ඉතින් එක එක කතා කියනවා.(හේ)
එතුමාට කොහෙන්ද ඡන්ද මැෂිමක්? (නි)
බලනකොට ඔබතුමා සැබෑ වැඩකාරයෙක්නේ! (නි)
මට නම් මේ කතා පිළිගන්නත් අමාරුයි. එහෙම මැෂින් හදන්නත් පුළුවන්ද? (නි)
මේ රැස්වීමට ජන ගඟක් ගලා තිබුණා අපි දැක්කා. (නි)
නියමයි සෞඛ්‍ය ඇමතිතුමනි. රට පෙරට, ඔබ මහින්දට, අපිත් මහින්දට, හිටපු ඇමති කොයිබටද? (නි)
ඔය කියන්නේ අර අවුරුදු ගානක් එක දිගට පැරදුන මැෂිම ගැනද දන්නෙ නැහැ? එහෙම නම් ඒක හොඳයි. දැන් ඉතින් දිනන්න පටන් ගනීවි.කියලාවත් කරගන්න බැරි දෙයක්නේ ඔබතුමා කළේ.ඒ වගේ මැෂිමක් ඔය පැත්තටත් හදලා දෙන්නකෝ. (නි)
ඇමතිතුමා ගිය අළුත් තැන ඡන්ද මැෂිම "ඔන්"කරන්න ඔබ ළඟ යතුරක් තිබේ දැයි අපිට නම් සැකයි. (නදී)
ජන ගඟක්. මේක ඉබේ ආපු ජන ගඟක් නෙමෙයි (නදී)
කරූ ගියාද? (නදී)
දසුනි ඔයා හරියටම හරි. මොකද අර මැෂිම දැන් සන්දානෙට ගෙනල්ලා වගේ. අපේ ජනාධිපති තුමා හොඳට තෝරාගෙන තියෙනවා.(නදී)
වැඩේ කියන්නේ තමන්ගේ ආසනයත් පැරදිච්ච මිනිහෙක් තමා ඡන්ද දිනන මැෂිමක් හදලා තියෙන්නේ. මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා.(නදී)
මේක නම් මළ කොලමක්. දැන් ඔය ජනතාවගේ මතය ප්‍රකාශකරන ජනතා නියෝජිතයින් ජනතාවගේ නිදහස් ඡන්දයෙන් පත්කරගන්න එකට නෙමේද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් කියන්නේ. (අ)
වයර් ටික පැටලිලද කොහේද ? ඔහු කියනව ඇත්තේ එක දිගට පැරදුනු මැෂින් එක ඕෆ් කරල ආව කියල වෙන්න ඇති ? (නදී)
මැෂිමේ යතුර ඕෆ් කලා කියන්නේ කොහොමද. අපි නම් ඕෆ් කරන්නේ ස්විච් එක. (නදී)
ඡන්ද මැෂිමක් තිබුණා නම් ඇයි ඉතින් සමහරු ජාතික ලැයිස්තුවෙන් එන්නේ? (නි)
කතාව ඇත්ත අලුත් ඇමතිතුමාගේ.මොනවා වුණත් 29 වතාවක් පැරදුන මැෂිම ඕෆ් කරලා දාපු එක නම් ලොකු දෙයක්.... (නි)
දවසේ හොඳම විහිළු කතාව (අ)
වකුගඩු රෝග බෝකරන අාසනික් ගෙනාවේ අපිද ? කොමිස් කුට්ටි වලට යටවෙලා දැන් තොත්ත බබාලා වෙන්න හදනවා. නම වෙනිදට බලමු. (නදී)
ඡන්ද පරදින මැෂිම ඕෆ් කළා නම් මේ පාර ෂුවර් මෛත්‍රී දිනනවා. (නි)
දසුනි, ඔයාගේ කථාව මසුරන් වටිනවා. ඡන්ද මැෂින් මෙයාට කොහෙන්ද? (නි)
තමාගේ ආසනය කවදාවත් දිනන්න බැරි වුණ සමහරු ගැන මොන කතාද? (නි)
මම බන්දුලගේ නිවුන් සහෝදරයා.ඒක මෙතන ඉන්න උදවිය දැනගත්තොත් හොදයි. (අ)
දැන් ඉතින් ආයිත් ඔන් කරගන්න බැරිවෙයිද දන්නෙ නැහැ (නි)
තිස්ස ඔය ඡන්ද මැෂිම හැර තවත් මැෂින් තිබේද ? (අ)
ඕෆ් කරන්න මැෂිමක් තිබුනද? (නි)
ඕෆ් කළා නම් හොඳයි. හැබැයි කවුරුහරි ඕක ඔන්කරන ස්විච් එක ගැන දන්නවද දන්නෙ නැහැ (නි)
කතාව ඇත්ත. අපේ රටේ ප්‍රධාන විපක්ෂයේ නායකයා පොදු අපේක්ෂකයා නොකර ඇමතිවරයෙක් ගෙනාවේ මොකටද? (නි)
ඒක බලමු 9 වැනිදාට.(හේ)
වතුර දෙනවා වගේම ආසනික් රටට එන එකත් නවත්වන්න ඕනෑ. (නි)
බන්දුල පෙරේරා මහතා වෙතයි. ඔබ කියනා ප්‍රතිශත කාගේ අවශ්‍යතාවයකට කොහේ සිට පැමිනෙන්නක්ද කියා තේරුම් ගන්න තරම් වත්මන් ශ්‍රී ලංකා ජනතාව බුද්ධිමත්. නුදුරු දිනක ඔය කාටත් ප්‍රශ්නයක් වන්නේත් ජනතාවගේ ඔය කියන විඥානයයි. අද 11.12.14 ඔබ කියන පරිදිම මෛත්‍රීපාල මහතාට 41% යි කියා සිතමුකෝ. ඔබ ඇතුළු තමන් ලියන්නේ කුමක්ද, කියන්නේ කුමක්ද කියා නොදැන ආන්ඩුවේ මැතිවරණ යාන්ත්‍රය හසුරුවන අමනොඥයින් විසින් මැතිවරණ දිනය වන විට මෛත්‍රීපාල මහතාට වක්‍ර මාර්ගයෙන් ලබා දෙන ඡන්ද ප්‍රමාණය තුලින්ම තමා තුන්වන සිහිනය බොඳ වෙන්නෙත්. (නදී)
ප්ලග් එකේ අලුත් 'වර්ෂන්' එකක්ද මේ? "මැෂින් ඕෆ්" (නි)
අපි නොදන්නවද මැෂිම ගැන. (ර)
බන්දුල පෙරේරා කියන්නේ නම් ඇත්ත. පාට කන්නාඩි දාගත්ත ඔලුවලට තේරෙන්නේ නැහැ පරදිනවා කියලා. පිළිගන්නෙත් නැහැ. හරියට එයාල ඡන්ද ඔක්කොම ගණන් කරා වගේ කියන්නේ ගිය පාර හොර කළා කියල. ඕකට කියන්නේ සිංහල භාෂාවෙන් කුහකකම, උද්ධච්ච කම කියල. දයාන් ජයතිලක මහතාගේ දේශපාලන විග්‍රහය අනුව දැනටත් දිනන්නේ මහින්දමයි. එයාව පරද්දන්න නම් දෙන්නකේ අයින් කරන්න වෙනවා. ජවිපෙ එක්කරගන්න වෙනවා. (නදී)
අනේ තිස්ස, ඔයා නියම වැඩ කරෙයෙක් නම් ,ඊලග ඡන්දෙන් පාර්ලිමේන්තුවට එන්න. (නදී)
9 වෙනිදා උදේ බලන්න ඒ මැෂිම වැඩ කරලා තියෙන හැටි. අායෙමත් එන්න හිතේවි. ජය වේවා. (නදී)
මේ පුරසාරම කියවන කොට විපක්ෂනායක තුමා හොඳ කතාවක් කියල ඉවරයි. "අපි අපේ පරණ ගිරවෙක්ව දීලා හොඳ හැඩකාර මාල ගිරවියෙක්ව ගත්තා" -අනේ තිස්ස මැතිතුමෝ නිකන් විහිළුවක් වෙන්න එපා. (නදී)
ඡන්ද මැෂිම තියෙන්නේ ඡන්දදායකයා අතේ. ඒක ඔන් ඕෆ් කරන්නේ ඡන්දදායකයා. ඔබතුමා එහෙම හිතපු නිසා තමයි හැමදාම පැරදුනේ. (නි)
ජනාධිපතිතුමා මෝඩ වැඩක් කළේ මෙයාට සෞඛ්‍ය ඇමති කම දීලා (නදී)
දෙපැත්තේම ඉන්න ඔක්කොම දෙපැත් නයි. දෙපැත්තම කනවා. (නදී)
මෙතුමා ඔන් කරගෙන හිටියේ පරදින මැෂිම. ඉන්නකන් කලේ කකුලෙන් අදින එක. (අ)
අද අපේ රටේ දේශපාලනය මහම මහා ගඳ ගහන තත්වෙකට පත්වෙලා ඉවරයි. බල තන්හාවට, සල්ලි තන්හාවට ඔක්කොම යටවෙලා. රටට දෙයක් කරන්න කාටත් උවමනාවක් නෑ. කලත් ඒකෙනුත් තුන්කාලක් විතර ගහගෙන තමයි ඉතුරුටික වෙන්නෙ. උන්ගෙ ආසාවට පිල් මාරු කලත් ජනතාවට ප්‍රයෝජනයක් නෑ. රට අන්ත ණය බරින් පිරි රටක් වෙන එක නොඅනුමානයි. රට දියුනු කරන්න පුලුවන් කට්ටිය දේශපාලනයේ නැහැ. (නදී)
අප්පෝ අවු 20 කින් ඇමති කමක් ලැබුනා එහෙනම්. හරි සතුටු ඇති නේද ? (නදී)
විසි වසරක් නැවතී තිබුන මැෂිමේ ඔපරේටර් මෙන්න කතා කරනවෝ!!! (නි)
අපෙ තිස්ස මහත්තයා කැමති නෑ ආණ්ඩු පක්ෂයේ ඉන්න. එයා කැමති හැමදාම විපක්ෂයට. (ර)
බොරු කියන්න එපා. ඕෆ් කරනවා කෙසේවෙතත් ස්විච් එක තියෙන තැනවත් දන්නේ නැහැ. (නි)
මම නම් කියන්නේ දැන් එජාපයට හරියයි. (නි)
අනේ නිකන් ඉන්න. දැන් බලන්නකෝ එයාලා දිනන විදිය (නි)
අයියෝ සල්ලි! (නි)
ජනතාව විසින් සුදුසු කාලයේ නුසුදුසු අය නිකන්ම ඕෆ් කරලා දායි (නි)
29 වතාවක් පැරදුන මැෂින් එක ගැනද ඔය කියන්නේ? (නි)
ඉස්සරත් හිටියා මන්ත්‍රී කෙනෙක්. යන පැත්ත පරාදයි.හැබැයි එතුමාට හොඳ ඡන්ද පදනමක් තිබුනා. (නි)
'මම එළියට බහිද්දී ඒ මැෂිමේ යතුර ඕෆ් කළා'. (නි)
මහත්තයෝ, ඔයාගේ ඡන්ද මැෂිම කොහෙද තිබුනේ. ඒක තිබුනා නම් මොකද මෙච්චර කාලයක් පැරදුනේ. නිකම් බොරු පුරසාරම් දොඩවනවා. යු එන් පී. අය මේ රටේ ලක්ෂ 45කටත් වැඩිය ඉන්නවා. ඔයා හිතාගෙන ඉන්නේ තමන් එක්ක ඔක්කොම ගියා කියලද? ඔබතුමත් මහත්මා කෙනෙක් විදියට කටයුතු කළොත් නේද වැදගත් වෙන්නේ? මෛත්‍රී තමන්ගේ පක්ෂයට ගරහන්නේත් නැහැ. කාවවත් විවේචනය කරන්නෙත් නැහැ. ඒක තමයි ශිෂ්ඨකම කියන්නේ. (නි)
පොඩි වැරදීමක් වෙලා වගේ පේනවා මැෂිමයි යතුරයි එක්ක. සාමාන්‍යයෙන් කරන්නේ යතුරෙන් මැෂින් එක ඕෆ් කරන එකයි. මෙයා කියන්නේ හදන්නේ මැෂිමෙන් යතුර ඕෆ් කළා වගේ කතාවක්. ජනවාරි 9 වෙනිදාට යතුර කෙසේවෙතත්, මැෂින් එකේ සුන්බුන් ටික නම් ඉතුරුවෙන බව ඉර හඳ වගේ විශ්වාසයි (නි)
එක ඇමතිතුමෙක් මෑතකදී කිව්වා ඔයාගේ දුර්වලතා නිසා විපක්ෂයට වෙලා තියෙන ටික. (නි)
මැෂිම සවිකළේ රෝහලේදීද දන්නෙ නැහැ (නි)
කතාව නම් හොඳයි (නි)
තිස්සට පටලැවිලා වගේ. එයා ඉන්නකම් තමයි ඕෆ් වෙලා තිබුනෙ. (නි)
ඒ මැෂිම හැර තවත් මැෂින් සිරිකොතේ තිබේද? (නි)
එහෙනම් පිල් මාරුකළේ ඇයි? (නි)
අනේ ඔයාට කොහෙන්ද ඡන්ද මැෂිමක්? (නි)
අහිංසක ජනතාවගෙන් ඉල්ලන්නේ කල්පනා කරලා ඔබගේ පිරිසිදු ඡන්දය පාවිච්චි කරන්න. ඔබ සැමට බුදු සරනයි. (ර)
සත්‍ය මහත්තයා හැම මැතිවරණයකදිම මේ එසැණ පුවත් වලින් ජනාධිපතිලා හදනවා,ආණ්ඩු හදනවා, පළාත් සභා හදනවා..අනේ ඒත් හැම මැතිවරණයක් අවසානයේදීම ඒ හදපු ජනාධිපතිලා, ආණ්ඩු, පළාත් සභා එක්ක මහත්තයා ගෙදර යනවා. මේ පාරත් ඉතින් එහෙමම තමයි.මහින්ද මහත්තයාට 56% යි.මෛත්‍රී මහත්තයාට 41% යි.අනෙකුත් 3% යි.මේක ලියලා තියාගන්න.බන්දුල පෙරේරා කියන්නේ. කියපු දෙයක් වැරදිලා නැහැ.බොරු වුණොත් ආයේ එසැණ පුවත් වලට මම ලියන්නෙත් නැහැ. (නි)
ආණ්ඩුවේ මැති ඇමතිලයි , විපක්ෂයේ මන්ත්‍රීලයි එකතුවෙලා කරන්නේ සල්ලි ගහ හොලවන එක. කරන්ඩ තියෙන්නේ කලකිරිලා ඉන්නවා කියල පොඩි ප්‍රචාරයක් යවන එක. පහුවදාට කෝටි 300ක් ෂුවර්. අනේ මෙහෙම රටක්, කාගේද මේ සල්ලි. අපි අද කෑවොත් හෙට කන්නේ කොහොමද කියල කල්පනා කරන්නේ. (නදී)
අපි නොදන්නා ඡන්ද මැසිම ඔයාගේ මාස දෙකකකින් ගෙදර යන්න පැදුරු කොට්ට ටික රෙඩිකර ගන්න නිකන් බයිලා ගහන්න එපා පක්ෂේ පාවල දීල. (බ)
ඒ කියන්නේ යු.එන්.පී ආන්ඩුවක් කොහොම හරි ගේන්න ඡන්ද පත්‍රිකා ගේන්න හදපු ඡන්ද මැසිමද ? (නදී)
සන්දානේ මෛත්‍රී ඉන්න කොට ඇයි මෙහෙම අසාදාරන වැඩ කරන්නේ (නදී)
බන්දුල පෙරේරා, ඇයි මෛත්‍රීපාල මහතා පොදු අපේක්ෂකයා ලෙස එනවිට ඒ ගැන අනාවැකියක් කියන්න බැරිවුණේ? නින්ද ගිහින් සිටි නිසාද? ඔබගේ වැරදුන අනාවැකිය ගැන අපිට ජනවාරි වන විට බලාගන්න පුළුවන් (නි)
බන්දුල ඔය විදියට ඔයා කියන ප්‍රතිශත වලට හරියන්න එහෙනම් ප්‍රතිපල "සෙට් " වෙලා ඇති. මේකෙන් හිතා ගන්න පුළුවන් මේ පාරත් දිනනවානම් කොහොමද දිනන්නේ කියලා. (බ)
නිදහස ලැබිල රට පාලනය කරපු අය රටට කරපු දේවල් මොනවද අහිංසක මිනිස්සු හැමදාම අමාරුවේ (බ)
ඔය මැෂිමේ ආනුභාවයෙන් වෙන්න ඇති ඔබතුමාට අර තරම් ලොකු චන්ද සංඛ්‍යාවක් ලැබුනේ. (බ)
රතුපස්වල සිද්ධිය මතක නම් අනුරාධපුර ජනතාව වතුරනම් ඉල්ලන්නේ නැ..... ! (බ)
මටනම් ෂුවර් බි පි ජනවාරි 8න් පස්සේ අලුත් නමකින් එනව කියල (බ)
බන්දුල නොලියන එකමය් හොද ......! ඔයා ලියනව දැකල බඩ දඟලනවා (බ) .
දැන් කාලේ උගත් කියල හිතාගෙන ඉන්න සමහර මහත්තුරු දන්නේ ස්විට්ච් එකෙන් ඔන් ඔෆ් කරන මැෂින් විතරය් වගේ....... එත්...... සුවිච් එක දැම්මත් සමහර මැෂින් යතුර නැතුව ඔන් කරන්න බෑ.....බොරුනම් හොයල බලන්න අපි ගාව තියනවා ශ්‍රී ලංකාවේම නිෂ්පාදිත යතුරු කපන මැෂිමක් .....ජනාධිපති තුමාගේ යතුරු පුවරුවේ ...ඔය හැම ලොක් එකකම වගේ ඔරිජිනල් යතුරු තියනවා ....අලුත්,ඩිජිටල් ...ලොක්,යතුරු වලට වඩා . පරණ ...ලොක්... යතුරු ...වල ...ශක්තිමත් බව හා වටිනාකම...වැඩි බව ....එතුමා දන්නවා...(බ)
තියෙන වතුර විෂවෙනවා නම් වතුර කොහෙන් ගෙනවිත් දෙන්නද? (නි)
ඇත්තමද මහත්තයෝ? (නි)
මේ අය පැන පැන කියන කතා වලට අපරාදේ ගම්වල මිනිස්සු ගහමරා ගන්නවා (නි)
කනිෂ්ක මහත්තයෝ, මේක නිවැරිදි දත්ත ඇතුළු කරලා ඒවා නිවරදි සැකසීමකට ලක් කරලා ගත්තු නිවැරිදි තොරතුරක්. මගේ පරිගණකයට වරදින්නේ නැහැ. මෙතුවක් වැර දුනෙත් නැහැ. මේක අනාවැකියක්. මෙහෙම ප්‍රථිපල කලින් සෙට් කරන්න පුලුවන්නම් ඉතින් රටකට විපක්ෂයක් ඕන නැහැනේ. මේ රටේ මැතිවරණ වංචාවෙන් හොර ඡන්ද වලින් දිනන්න බැහැ මහත්තයෝ. ඒක මැතිවරණ ක්‍රියාදාමයට සම්බන්ධ අය හොදින් දන්නවා. මේ සාධාරණ ඡන්දයක අවසාන ප්‍රතිපලය මගේ දත්ත විශ්ලේෂණයන් අනුව. මම වැරදිනම් එසැන පුවත් වලින් 9 වෙනිදට සමු ගන්නවා. (නදී)
දැන් මොන පැත්තේ මැෂිමටද ඔය යතුර ඔබන්නේ? හැබැයි හරියට ඔබන්න. සිරිකොතට කළ දේ නම් කරන්න එපා මහත්තයෝ. (නි)
ඔන්න මමත් ගියා මහින්ද මහත්තයගේ පැත්තට. හේතුව,රටේ වතුර වලවල් වලින් පිරුණු පාරවල් ටික හදපු හින්දා. මේ හරහා දුෂණ ඇති උනාද යන්න කිසි කෙනෙක් ඔප්පු කර නැත. නිකම් චෝදනා පමණයි. පිල් මාරු ගැන කතා කොලොත්, මෙතෙක් කල් සෑම පක්ෂයකම පිල් මාරුව සිදුවී ඇත. මෙය අලුත් දෙයක් නොවේ. (නදී)
මහින්ද කේ ගොඩගේ ඔබ කියන යතුරු යනු සල්ලි කුට්ටි මිස වෙනත් දෙයක් නෙවෙයි. ඔය වගේ වැඩ කරලා සැබෑ ජනමතය යටපත් කරන්න බැහැ. මතක තියාගන්න හැමෝම ලොකු සල්ලි කුට්ටි වලට මිලදී ගන්න බැරි බව සහ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය ඔය කියන එක එක හොර යතුරු වලින් ආපසු හරවන්න බැරි බව (නදී)
මෙයා පරණ තැටිම දානවා, යු.එන්.පී කේ ඉන්නකන් ඔයවගේ විහිලු කතාම තමා කලේ (නදී)
මෛත්‍රීපාල මහත්තයා වකුගඩු අරමුදලක් ආරම්භ කළාට පස්සේ තමයි ගොඩක් දෙනෙකුට ඇස් ඇරුණේ (නි)
ගොඩක් හොඳයි. (නදී)
ඕෆ් කරලා තියල ඇවිල්ල නේ. ඒක අරන් එන්න ඕනනේ. ඉතින් වැඩක් තියේද ? අන්න ඒකට මෛත්‍රී, එයා එයාගේ අලුත්ම මැෂිම අරගෙන නේ ගිහින් තියෙන්නේ (නදී)
බන්දුල පෙරේරා කියන්නේ සාස්තරකාරයෙක් කියල අදයි දන්නේ. අනේ මහත්තයෝ නොදන්නා දේ කතා නොකර පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න. ඔය තරමට අනාගතයේ වෙන දේවල් කියන්න පුලුවන්නම් ඇයි ඉතින් මෛත්‍රී මහත්තයා පොදු අපේක්ෂකයා වෙලා එනකම් නිදාගෙන හිටියේ, ඒ ගැනත් ජනාධිපති තුමාට දැනුම් දෙන්න තිබුනනේ. ඔබ ජනවාරි වල සිට එසැණ පුවත් වලට වෙන නමකින් වත් ලියන්න. (නදී)
ඔය කියන්නේ අවරුදු ගානක් එක දිගටම පැරදෙන්න වැඩ කළ මැෂිම ගැනනේ. ඕෆ් කළා නම් කොච්චර හොඳද ? (නදී)
ඒ මැෂිම ස්ටර්ට් වෙන්නෙ ස්විච් එක ඕෆ් කලාම නේ. මෙතෙක් කල් යූඑන්පී එක පැරදිලා තියෙන්නෙ මෙයා ස්විච් එක ඕන් කරලා (නදී)
සාමකාමී නීතිගරුක රටවල ජීවත් වන අපේ මිනිසුන්ගෙන් එරට මිනිසුන් ඔබ මොන රටේද කියා ඇහුවොත් අපේ අය ලංකාවේ නොකියා ඉන්දියාවේ හෝ වෙනත් රටක කියා උත්තර දෙනවාලු. මොකද ලංකාවේ කියා කීවොත් ඔවුන් අහනවලු අර ඡන්දයක් එනකොට සත්තු වගේ මිනී මරාගන්න ක්‍රමය පවතින රට නේද කියලා. මීට වැඩි ලැජ්ජාවක් කොහෙන්ද?මෝඩ බන්දුලලට මේවා නොතේරෙන්නේ ලෝකය පිළිබඳ හරි වැටහීමක් නැති නිසයි (නදී)
අාසනික් ගෙන්නන්න එපා කියල රටට හිත ඇති අය ඕනෑතරම් කිව්වා. දැන්ද ඇස් ඇරුනේ. (නදී)
අර බණ්ඩාර කිව්වා වගේ ඡන්ද මැෂිමක් තිබුනා නම් ඒක ගොඩගන්න බැරි විදියට අකර්මන්‍ය වුණේ කාගෙ වරදින්ද කියලාවත් දැනීමක් නැති පාටයි. (නි)
බන්දුල පෙරේරාට 8 වෙනිදාට පස්සෙ නම් ලියන්න වෙන්නෙ නැතිවෙයි (නි)
මෙච්චර කාලයක් ඕෆ්වෙලා තිබුන මැෂිම දැන් වැරදිලා ඔන් කරලද දන්නේ නැහැ එළියට බැස්සේ!!! (නි)