මැතකදි ශ්‍රී ලංකාවේ සොයා ගත් නව ගෝනුස්සන් විශේෂ 4 අතුරින් ශ්‍රී ලංකාවේ රොබින් හුඩ් ලෙස විරුදාවලිය ලත් සූර සරදියෙල් සිහිවිම පිනිස ඔහු නමිනුත් චාර්මුස් සරදියෙල් නමින් ගෝනුස්සෙකු නම් කර ඇති බව ඡේශ්ඨ පරිසර වේදි සංඡිව ඡයරත්න මහතා පවසයි..

 

2015 පේරාදෙනිය විශ්ව විද්යාාලයේ සත්ව විද්‍යා දෙපාර්තුමේන්තුවේ මහාචාර්ය කිත්සිරි රනවන මහතා හා චෙක් ඡනරඡයේ සත්ව විද්‍යාඥ ෆැන්ටිසෙක් කොචාරික් මහතා ප්‍රමුඛ පර්යේෂණ කන්ඩායම විසින් කල පර්යේෂණයන්ට අනුව ගෝනුසු විශේෂ වලින් ලොකුම හා කුඩාම ගෝනුස්සන් විශේෂය මෙරට සිටින බව තහවුරු කර තිබෙන බව සඳහන් කරන ඔහු ලොව විශාලතම අගල් 9 ක් දිග ගෝනුසු විශේෂය ස්කොපියොනිඩේ තලයේ විශාලතම ගෝනුස්සා හෙටරෝමෙට්රස් ස්වාමර්ඩාමි  ලංකාවට ආවේනික බවත් පවසයි

එම ගෝනුස්සන් ශ්‍රී ලංකාවෙන් හමු වි ඇති බව ද සෙන්ටි මිටරයක් පමන වන ලංකාවේ කුඩාම ගෝනුසු විශේෂය වන චාර්මුස් ලැනියුස් නම් ගෝනුස්සන් බවද ඡේශ්ඨ පරිසර වේදි සංඡිව ඡයරත්න මහතා පවසනවා. 4a GONUSSA 2 (1)