කොළඹ කුරුඳුවත්තේ සම්බෝධි මහා විහාරය සංවිධානය කරන මහ බෝ සෑ අටමස්ථාන වන්දනාව අනුරාධපුර අටමස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිකුරාදා (01) සිට ඉරිදා (03) දක්වා පැවැත් වීමට යයි.
දුටුගැමුණු මහ රජතුමන් ප්‍රධාන හෙළ රජ දරුවන්ටත්, බුදු සසුන සිංහල ජාතිය රැකදුන් අනගාරික ධර්මපාලතුමාටත්, රට වෙනුවෙන් දිවිදුන් අභීත රණවිරුන්ටත්, අපවත් වී වදාල උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියන්ටත්, පින්කමට සහභාගී වන සැදැහැවතුන්ටත් පින් දීම අරමුණ බව සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හඑිමියෝ කියති.
මෙහිදි අටපිරිකර දොළොස් දහසක් , අසූහාර දහසක පිත්තල පහන් සුවඳ තෙල් යොදා පූජා කිරීම, ශ්‍රී මහා බෝ සමිඳුන්ට රුපියල් කෝටියක් අගනා රන් පළදනාවක් , රිදී පළදනාවක් පැළඳවීම, රිදී ජත්‍රයක්, රිදී කෙන්ඩියක් පුජා කිරීම, ව්‍යාංජන අට දහස් හැටක් මහා බුද්ධ පූජාවක් , කෝටියක් මල් පුජාව , ගුවන් යානා මගින් මල් ඉසීම, දහස් නමකට සංඝගත දක්ෂාණාවක්ද, දිළිඳු පවුල් දෙදහසකට වියළි ආහාර පිරීනැමීම හා අඩු ආදායම් පාසල් සිසුන් දහසකට ඇදුම් පැලදුම් පාසල් උපකරණ පාවහන් බෙදා දීමටද නියමිතය.
ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් මේ පිංකමට සහභාගී වෙතියි අපේක්ෂා කෙරේ. දැනටම අනුරාධපුර පූජා නගරය බෞද්ධ කොඩි, ධජ පතාක හා ෂඩ් විදුලි බුබුළුවලින් අලංකා කර ඇත.


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු! සාදු! සාදු!(කෞ)
"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා", පින සහ කුසලය අතර පරතරය හඳුනා ගන්න උත්සාහ කරන්න. බුද්ධ දේශනාව තම ආත්මය ප්‍රචාරය සඳහා නොව තම ආත්මීය ප්‍රචාරය අවසන් කිරීම සඳහා පමණයි. (නි)
ඉතාම හොද පුණ්‍ය කර්මයක් මමත් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු !!! මගේ හෙලබිමට ජයසිරීමහා බෝදින් වහන්සේගේ ත්‍රිවිද රත්නයේ ආරක්ෂව ලැබේවා !(කෞ)
සිංහලයාගේ, සිංහල බෞද්දයගේ මුදුන් මල්කඩ අනුරාධපුරයයි. මෙසේ දින දෙක තුනකට හෝ බොදු ධජ වලින් බැබළීම වාසනාවකි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ රනින් බබළවන්න සේම වෙනත් පුණ්‍ය කටයුතුද කෙරෙන බව මෙහි දොස් දකින්නන්ට නොපෙනීම පුදුමයකි. එහෙත් මෙහි දොස්දකින්නන් දේශපාලකයන්, ඔවුන්ගේ ගැත්තන්, දරුවන් එක රාත්‍රියකට කෝටි ගණනින් මුදල් විනාශ කරනවා නොදැකීම සහ ඔවුන් දේවත්වයෙන් පුදා ඡන්දය දී බලයට පත්කිරීමේ දොස් නොදැකීම පුදුමයකි. (නි)
ලස්සන වැඩක්. සහභාගිවන සියලු දෙනාටත් සංවිධාන කළ සැමටත් මාගේ හදපිරි ස්තුතිය! ඔබ සැමට දළදා සමිඳුගේ පිහිටයි! (නි)
සාදු සාදු! මේ පින්බිම බුදුන්ගේ දේශයයි (නි)
ඡායාරූප ගැනීමෙන් වළකින ලෙස දන්වා ඇති තැන් නැත්ද (බ)
මම බෞද්ධයෙක්මි. එහෙත් මා මෙය දකින්නේ කිසිම පලක් නැති වැඩක් ලෙසටය! අපි බුද්ධාගමෙන් දවසින් දවස දුරු වෙමින් අන්ධකාරයට ගමන් කරමින් සිටිමු!(කෞ)
බුදු සසුන බැබලේවා (කෞ)
සල්ලි වලින් කරන්න කොච්චර වැඩ තියෙනවද? (නි)
බුද්ධෝත්පාද කාලයක කරන මේ පින් වලට ගරහන්න එපා. රේරුකානේ මහා නාහිමියනේ සුවිසි මහා ගුණය පොත කියවන්න. (හේ)
සාදු සාදු සාදූ (බ)
මාගේ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. රහසින් වත් පවු නොකළ සේක. එවැනි කෙනෙකුට කරන පූජාවලින් ලැබෙන පින ලබාගන්න පුළුවන් වෙන්නේ බුද්ධ කියන නම අහන්න ලැබෙන කාලේදී විතරයි. කෙනෙක් දුප්පත් පොහොසත් වෙන්නේ තමන්ගේ කර්මය සහ උත්සාහය අනුව. නිකන් නොදන්නා බන කියල පවු පුරවගන්නෙ නැතුව සාදු කියල පින් අනුමෝදන් වෙන්න. රාගී සිතක් ද්වේශ සිතක් ඇති නොවෙන දුප්පත් කෙනෙක් හොයල දෙන්න. සේරම දාන මාන දෙයි. (හේ)
ලොකු පින්කමක්.(හේ)
පිනක අඩු පාඩු නොසොයා පින සතුටින් අනුමෝදන් වන්න (බ)
දොස්තර අනුරුද්ධ පාදෙණියත් සහභාගී වෙලා තියෙන්නේ. පවු හෝදාගන්න වෙන්නැති (බ)
පොත පතට අනුව මෙය ඉතා කුඩා දානයකි පිලින්දවච්ඡ මහා රහතන්වහන්සේගේ කතාව කියවාබලන්න.(කෞ)
ලක්සිරි හරියට හරි. දානය කොයිතරම් වැදගත්ද කියල ගොඩක් කට්ටිය දන්නේ නැහැ මෙතුලින් ලැබෙන පින අානිසංස බෞද්ධ දර්ශනය අපිට කොයිතරම් සහනයක් දෙනවද සාදු සාදු සාදු !!!(බ)
පිනට අකුල් හෙලීමත් මහා පවුකාරකමක් ඒ තුලින් නිරියට යන්න මග පාදා ගන්නවා ආත්ම ගණනාවක් පඩිසන් දෙනවා. හිස් වචන කියමින් නිකරුනේ පව රැස්කරගන්න එපා.(කෞ)
සාදු සාදු සාදු ! කුනුවී තිබෙන දේශපාලන දේහය තුල සමාජය ඉන් මුදවාගෙන ධර්ම මාර්ගයේ යන්නට රටට වාසනාව ලැබේවා! (බ)
සාධු සාධු අනුමෝදන් වෙමි. උතුම් ජයශ්‍රීමහා හාමුදුරුවන්ගේ පිහිටයි. මුළු ලක් දෙරණට දුප්පතුන්ට හොස්පිටල් වලට දීමෙන් පිනක් රැස්වෙනවා. එ්ක ඕනෙම ආගමකට අයත් පිරිසට කරන්න පුළුවන් . එ්ත් මේවගේ පින් කරන්න ශ්‍රද්ධාවක්ම තියෙන්න ඕනේ . එ්කයි බෞද්ධයාගේ වෙනස . මිත්‍යා දුෂ්ටියෙන් මිදෙන්න ජයශ්‍රී මහා බෝ සමිදු බෙලෙන් හැකි වේවා. (බ)
අසරණයාට සැලකීම හොඳ බෞද්ධ ගතියක් වුනාට...මේවගේ පින්කම් කරන්නත් ඕන ..... ආමිස පූජා බුදුන් වහන්සේ අනුදැන වදාළ..පිනට අකුල් හෙලා අකුසල් රැස්කරගන්න එපා....ශ්‍රද්ධාව ඇතිවෙලා ලැබෙන පින අපමණයි...සංකස්ස පුරයේදී බුදුපියාණන්ගේ ලෝක විවරණ ප්‍රාතිහාර්ය දැකල 1000 දෙනා බුදුබව ප්‍රාර්ථනා කරාලු.... සම්බෝධි විහාර නායක හිමි ඇතුලු සැමට මේ වගේ කුසල කර්ම කරන්න ශක්තිය ලැබේවා....(බ)
ඕකට වඩා මේක කරානම් හොඳයි කියන බක පණ්ඩිතයො ටික ප්‍රේතවත්තු එහම කියවල බලන්න. ඊට පස්සේ මේ ලංකාවේ තරු පහේ හෝටල් වල, නයිට් ක්ලබ් වල, කැසිනෝ හල් වල බජව් දාන පින්වතුටත් ඔය කතාවම කියල කීයක් හරි ඉල්ලගෙන අසරණයන්ට පිහිට වෙන්න. මොකද ඒ පින්වත් උදවියට ඔය මුදල පැයක් වියදම් කරන්නත් මදි. (බ)
නිස්සාර වියදම් ශ්‍රද්ධාව හා අන්ධ භක්තිය අතර වෙනස නොදැන කරනා වැඩ.මේ වියදම් කැපු මුදල් අසරණ වකුගඩු රෝගීන් වෙනුවෙන් හෝ අසරණ බෞද්ධයන් වෙනුවෙන් දෙන්ඩ තිබ්බා නේද? (බ)
මේ වියදම් කළධනස්කන්දය දුප්පත් අසරණ මිනිස්සු වෙනුවෙන් කැප කළා නම් මීටවැඩිය පින් ලබාගන්න පුළුවන් බව මගේ විශ්වාසයයි. (නි)
පිළිකා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයට මෙම මුදල් පරිත්‍යාග කළා නම් මීටවඩා මහත්ඵල මහානිසංස ලැබෙනවා. (නි)
තමන්ට කරන්න බැරි පින්කමක් අන් අය කරනවා දැක සතුටු සිතින් අනුමෝදන් වෙන්න. (ර)
ලංකාවේ කොච්චර පන්සල් තිබෙනවද හරිහමන් වැසිකිළියක් නැති..? වෙනත් මුලික පහසුකම් නැතිකම නිසා අමාරුවෙන් ඉගෙනගන්න පොඩි හාමුදුරුවරු කොච්චර ඉන්නවද? අපි කැමති ලොකුවට පෙන්නන්න පින්කම් කරන්නයි. (නි)
මේ වියදම් මුදල් දුප්පත් අසරණ මිනිස්සු වෙනුවෙන් කැප කළා නම් මීට වැඩිය පින් ලබාගන්න පුළුවන්. (ර)
සංජය, පුෂ්පසිරි ද අල්විස්, අනුන්ගේ ආගම්වල දේවල් හොයනවට වැඩිය තමන්ගේ දෙයක් හොයාගත්තොත් නේද හොඳ? (නි)
මෙපමණ ලොකු පින්කමක්? නමුත් ඉතින් දුප්පත් පවුල් මෙපමණද ලංකාවේ ඉන්නේ? (නි)
මෙම පිංකම පිලිබද අපහැදී සිටින බෞද්ධ පිංවතුන් දක්ඛිණ විභංග සූත්‍රය කියවන්න. අනෙක් ආගමිකයන්ට මම මොකවත් කියන්නේ නෑ. මෙම පිංකමට සහභාගීවන අය කොහොමත් පින රැස්කර ගන්නවා. ඒක දැකල තවත් කොටසක් පවු පුරව ගන්නවා. ඒක ලෝක ස්වභාවය. (ර)
සතුටු සිතින් පින් අනුමෝදන් වෙමි (නි)
ඉතාමත් හොද පින්කමක්, මෙවැනි දේවල් මුළු ලෝකෙම සිදුකරනවානම් ඉතාමටත් හොදයි. (ර)
මිනිසුන්ගේ නියම මානසිකත්වය බලාගන්න හොඳම තැන තමා මෙම අදහස් පිටුව. ලංකාදීප පුවත්පතට ගොඩක් ස්තුතියි. (නි)
අපේ සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ රජවරු මොන වැඩේ කළත් හරි කියලා. (නි)
ඔවු සරත් කිසි කෙනෙකුට අනුරාධපුරයට ඇතුල් වෙන්න බැරිවෙන්න රනින් වැටක් ගහන්න කියන්න. අනේ මෙහෙමත් මෝඩ බෞද්ධයෝ. මේ වගේ පින්කම් කරන්නේ බෞද්ධයන් රවටා අටපිරිකර බිස්නස් කිරීමටද? පිංකම හොඳ වුවත් ඊට පිටුපසින් තිබෙන චේතනාව හොඳ එකක්ද? (රේ)
නාස්තියේ මිලද සහිතව කරන දේවල් නවතා අවසන් බුද්ධ වචනයවත් සිහිකර වැඩකළොත් ප්‍රයෝජනයක් වේවි (නි)
මෙතන තියෙන ආහාර බෙදා දීම වැනි සමහර දේ බොහොම හොඳයි. හැබැයි, ශ්‍රී මහා බෝධීන් වහන්සේට රන් රිදී පුජා කිරීම වැනි දේ හුදු සෝබනේට කරන දේවල්. ඒ වටිනාකමින් දුප්පත් පන්සල් නගාසිටුවීමට හෝ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට පහසුකම් සැලසීම වැනි දෙයක් කළා නම් කොච්චර වටිනවද? (ම)
මෙය බුදුන් දවස රජවරු විසින් කළ දානයන් හා සසඳා බලද්දී ඉතා සුළු දානයකි. දානය තරම පමණක් නොව එය කා විසින් දෙනු ලැබුවද තමනුත් සාදු සාදු කියා ශ්‍රද්ධාවෙන් අනුමෝදන් වීමෙන් එවැනිම පිනක් නොමිලයේම තමන්ටත් ලබාගත හැකියි. (ම)
මෙම දානපතියන් කිහිපදෙනාට ලංකාවේ දුප්පතුන්ට උදව් කිරීමටත් මෙත් සිත් පහළ වේවා.(ම)
කාටත් මේ පින්කම් ආදර්ශයක්.(හේ)
පින් කල යුත්තේ ලෝභ ද්වේශ මෝහ යන තුනම සිතින් බැහැර කරගෙනයි එවිට එම දානය මහත්පල මහානිසංස වෙයි. මෙවැනි පින් කම් තමාගේ අනන්ත ආත්ම ගනනාවකට පින් පලදෙනු ලබයි. (රේ)
ඔය ගහට පොහොර දාන්න වතුර දාන්න. රන්වැටවල් වලින් රිදී වැටවල් වලින් කවර ප්‍රයොජනයක්ද? ඔය මුදල් අසරණ මිනිසුන්ට බෙදා දෙන්න දුශ්කර පන්සල්වල අඩුපාඩු වලට යොදාව්න්න්න. පිරිනිවන් මන්චකයේදි පවා බුදුරජාණන් වහන්සේ ආමිස පුජාව ප්‍රතික්ශේප කළා ප්‍රතිපත්ති පුජාවේ අගය පැවසුවා.(බ)
බොහොම පිං කටයුත්තක්. (ර)
සාදු සාදු (හේ)
මේකට තමයි බුදුන් පිදීම කියන්නේ. එ්ක රජ කාලෙත් කළා. අදත් ඒවාට කැමති මිනිස්සු කරනවා. බැරි මිනිස්සු සද්දේ වහලා හිටියා නම් තමා වැඩිය වටින්නේ (නි)
අනුරාධපුර අටමස්ථානයම වටකර දඹ රනින් රන්වැටකුත් හදනවනම් කොයිතරම් ලොකු ආඩම්බරයක්ද අනේ සදු සදූ (හේ)
සාදු සාදු දැක්කත් හිතට පුදුම සතුටක් දැනෙනවා , අනේ සහබාගි වෙන්න පින් නැතුවා , පෙර රජ දරුවන් මෙවැනි පින් කම් ජයසිරි මහබෝ හාමුදුරුවන්ට කළා , අනුරපුරේ හරිම ලස්සනට ඇති මේදවස්වල .මම පිච්චමල් පූජාව දවසේ නම් ගිය , එදත් හරිම ලස්සනට අනුරපුරේ සරසල තිබුන , දන්සල් හරියට තිබුණා, සාදු සාදු සාදු (හේ)
නිමල් ලලිත,ඔය හරියට හරි.(හේ)
අනේ අර බෝගස් වැව ගමට ගිහින් දෙන්න . (ෆහ්)
මෙය බුදුන් දවස රජවරු විසින් කළ දානයන් හා සසඳා බලද්දී ඉතා සුළු දානයකි. දානය තරම පමණක් නොව එය කා විසින් දෙනු ලැබුවද තමනුත් සාදු සාදු කියා ශ්‍රද්ධාවෙන් අනුමෝදන් වීමෙන් එවැනිම පිනක් නොමිලයේම තමන්ටත් ලබාගත හැකියි. මේ පින් පව් ගැන නොදත් අය කිසිවක් නොකිය සිටීමටවත් අඩු තරමේ වග බලාගතයුතුයි. මන්ද නොදැන කීමෙන් වුවද අපාගත වීම වළකාලිය නොහැකි නිසාවෙනි. (නි)
බුදු සරණයි. සාදු සාදු සාදු! මගේ රට දියුණුවෙන් දියුණුවට පත්වේවා! (නි)
තව තවත් මෙවන් පින්කම් කරන්න ශක්තිය ලැබේවා.(හේ)
මේ සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට හෝ දුප්පත් පන්සලකට යම් දෙයක් කලා නම් මීට වඩා ලොකු පිනක් කියලා මට හිතෙනවා. ගොඩක් අය දෙන්න කැමති, තියෙන අයටම තමයි. මේක නැති අයගේ කරුමේ.(හේ)
පින වැඩියෙන් ලැබෙන්නේ මුදල් වැඩියෙන් වියදම් කළාමද?පිරිසිදු බුදු දහම සමග ජෛන ආගම කලවම් කර ඇදහීමක් මෙතන වෙන්නේ (බ)
මෙයට මගේ අදහස් පළකිරීම සුදුසු නැති නිසා මම නිහඬ වෙමි. නමුත් මගේ ඇහැට කඳුළු එනවා (නි)
පින වැඩියෙන් ලැබෙන්නේ මුදල් වැඩියෙන් වියදම් කළාමද? බුදුදහම යනු බුද්ධියයි. එහි හරය අනිත්‍ය සිහිකරමින් නිර්වාණයට පිවිසීමට උත්සාහ දැරීමයි. (නි)
ඉතාම හොද අගය කළ යුතු දෙයක්. ඒ වගේම ලෙඩ දුක් නිසා ජිවිතයක් මරණයත් අතරට මැදි වුන දුප්පත් අසරණ රෝගීන් කොච්චර නම් අප අතර සිටීද .ඒ අය වෙනුවෙන්ද මේ පිවත් පිරිසගේ අවදානය යොමුවේවා. (ම)
දේශපාලකයන් සාමාන්‍ය ජනතාවගේ මුදල් රුපියල් බිලියන ගනනින් ගසා කනවා. ඒවා අසරණ මිනිස්සුන්ට දුන්නා නම් හොදයි කියන්නෙ නෑ. (ම)
උගත් යයි කියාගන්න මෝඩයින්ට මේක විවේචනය කරන්න හොද මාතෘකාවක් ... (ම)
දුප්පත් අයට ඔය සල්ලි වීයදම් කළා නම් හොඳ නැද්ද කියලා හිතුනා (නි)
ඇත්තටම මේක අටමස්ථාන වන්දනාවක් විතරක් නෙමෙයි. මේක ලංකාවේ දුප්පත් පන්සල් සියල්ලටම උදව් උපකාර කරන පිංකමක්. ලංකාවේ බුද්ධ ධර්මය නඟාසිටුවන්න බෞද්ධයින් ක්‍රියාශීලී කරන්න ඉතාම හොඳ පිංකමක්. හරි නම් මේවා කරන්න ඕනෑ ගිහියන් විසින්. හැබැයි දැන් පිංකමක් කරන්න තියා දානයක් දෙන්න තරම්වත් වත්කමක් නැති තත්වෙට ලංකාවේ සිංහල බෞද්ධයන් දුප්පත්. ඒක තමයි ඇත්ත කතාව. රටේ ඉන්න සල්ලිකාරයො ඔක්කොම විජාතිකයන්. (නි)
මෙවගේ පිංකමක් කළවිට බෞද්ධයෝ ප්‍රබෝධමත් වෙනවා. රටේ බෞද්ධයින්ගෙ ශක්තිය මෙයින් නිරූපනය වෙනවා. රටට විජාතිකයන් කරන බලපෑම නවත්තන්න ඒකම ඇති. අටපිරිකර 15000කට අධික ප්‍රමාණයක් මේකෙදි පූජා කරනවා. ඒවා පූජ කරන්නෙ රටේ දුප්පත් පන්සල් වලට. මේ වගේ පිංකමක් සම්බන්ධීකරණය කරනවා කියන එකම ලොකු දෙයක්. අනික මුලු රටේම මිනිස්සු සම්බෝධි විහාරයට ගිහින් පූජාවන් කරපු හැටි අපි දැක්කා. මුලු රටේම බෞද්ධයන්ගෙ ශක්තිය මේ පෙන්වන්නෙ (නි)
මේ මුදලින් දුප්පත් දරුවෝ දස දහසකට ජීවන මඟ හදන්න තිබුනා. (නි)
මෙම මහා ධනස්කන්දය අපේ ගෞරවනීය මහා සංඝයා වහන්සේලාගේ ධම්ම අධ්‍යාපන කටයුතු වල දියුණුවට යෙදවීම මහත් ඵල මහානිසංස පූජාවක් නොවන්නේද? (නි)
අතීතයේ රජ දවසත් මෙවැනි පින්කම් සිදුවූ බව අපි අසා තිබෙනවා (නි)
වඩාත්ම හොඳ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය තේරුම් ගැනීම බවයි මම නම් හිතන්නේ (නි)
සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිටි කාලයේත් මෙවැනි උතුම් පින්කම් සිදුවුණා. මම මේ උතුම් පින්කම අනුමෝදන් වෙමි (නි)
රෝෂන්, ඔබ හරි. මෙම කටයුත්තට යොදන ශක්තියෙන් ශ්‍රී ලංකාව තුළ පමණක් සිටින යමක් කරගැනීමට නොහැකි අයට (උදාහරණයක් වශයෙන් වකුගඩු රෝගීන් වගේ අයට ) උදව්වක් කළා නම් හොඳයි නේද? (නි)
සාදු සාදු සාදු! මේ සියලුම පුජාවෝ මමත් සතුටු සිතින් අනුමෝදන් වුණා. ජයසිරිමා බෝධි හාමුදුරුවෝ කියන්නේ මට නම් ජීවමාන තථාගතයන් වහන්සේයි. බෝධි හාමුදුරුවෝ සිහිවෙද්දී මට නම් සිහිවෙන්නේ තථාගතයන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ නැණ ස්කන්ධයයි. ඒ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය නිසයි අදටත් මෙවැනි පිදුම් තථාගතයන් වහන්සේ ලබන්නේ. අපේ රටේ මිනිසුන්ගේ අතහැරීම නම් පුදුමාකාරයි. තව තවත් මෙවැනි පින්කම් සිදු කිරීමට සියලුම දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවා! (නි)
අනේ මන්දා, මොනවා ලියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)
මේ පින්කමට සහභාගිවන සියළුම දෙනා පස්පව් වලින් වැළකී සිටිනවා නම් එයද ඉතා අනර්ඝ පින්කමක් (නි)
සිල්වා මහතාණනි, තවත් ජනතාව මුලා කරන්න එපා. මේවා කරන්නේ ජනතාව රවටන්නද? මම අහලා තියෙන්නේ වමතින් කරන දේ දකුණතට නොදැනෙන කරන්න කියලා. කොහොම නමුත් ඔය මුදල අද රෝහල් වල දුක්විඳින රෝගීන්ට හෝ දැනට විශාල ගැටලුවක් වී ඇති වකුගඩු රෝගීන් වෙනුවෙන් වැයකළා නම් මොනතරම් වටිනවද? (නි)
රොකි, මම ඔබ අදහසට එකඟවෙනවා. මට සිතෙන ලෙස ඔබ හරි (නි)
රෝහලකට පරිත්‍යාගයක් කළොත් නරකද? (කෞ)
සාදු සාදු! බුදුන් වෙනුවෙන් කරන පින්කම් මිල කළ නොහැකියි (නි)
ආමිස පූජාවයි, ප්‍රතිපත්ති පූජාවයි දෙකම හොඳයි. තම තම නැණ පමණින් මෙවැනි පින්කම් දෙස එකිනෙකා බලන විදිහ වෙනස්. අවශ්‍ය දෙයක් පුජා කිරීම හොඳයි. නමුත් බෝධීන් වහන්සේගේ පැවැත්මට රන් ආභරණ අනවශ්‍ය බවයි මගේ හැඟීම.(පිටිසර පළාතක පිරිවෙනක හාමුදුරුවන්ට දානේ දෙන්න මිනිසුන්ට වත්කමක් නැති නිසා ලොකු හාමුදුරුවොත්, පොඩි හාමුදුරුවරුත් හේන් කොටාගෙන ජීවත්වෙන බව පත්තරේක තිබුණා). (නි)
ආමිස පුජාවන් කැමති පින්වතෙකුට කල හැකි නමුත් පුජා භාණ්ඩයේ මිල මෙසේ යයි සඳහන් කිරීමෙන් තමන් ඇතිකර ගන්නා මමත්වය හේතුවෙන්ම මෙය පුණ්‍ය ක්‍රියාවකින් පරිබාහිර දෙයක් වී ලැබෙන්න තිබු පිනද අහෝසි වී යයි.(කෞ)
සාදු සාදු මේ පින්කම බැති සිතින් කරන සෑම දෙනාටම! එ්ත් මේ වගේ වියදම් කිරීමකට මගේ සිත එකඟ නැහැ. මේවා දුප්පත් අසරණ මිනිසුන්ට දුන්නා නම් කොච්චර ප්‍රයෝජනවත්ද? (නි)
සාදු සාදු අතිගරු නායක ස්වාමීන් වහන්සේලාට හා ධාන පති සැමට පින් සිදුවේව බුදු සරණයි (කෞ)
මෙවැනි පුජා ලංකාවේ හැර වෙන කොහේවත් නැත .මුදල් නාස්ති කරන මෙවැනි විසිතුරු වැඩ වලට ශ්‍රී ලංකාව හරි ප්‍රසිද්ධයි . පසුගිය කාලේ රටේ සාරය උරා බි බී හොරකම් කරපු පිරිසෙන් කොටසකුත් ඔය පුජාවට සම්බන්ධ කර ගත්තා නම් තමයි මරු .(කෞ)