රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුතු තීරුබදු නොගෙවු විදේශීය මත් පැන් බෝතල් තොගයක් සහ දුම්වැටි තොගයක් රහසිගත ලෙස ගුවන්තොටුපොළෙන් පිට කිරීමට උත්සහ ගත් ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයෙන් පිටතට එත්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අද අළුයම අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ හලාවත, වත්තල, හා තංගල්ල යන ප්‍රදේශ වල පදිංචි 40 හැවිරිදි වියේ පසුවන වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෝ වෙති.
තීරුබදු නොගෙවු විදේශීය මත් පැන් බෝතල් 39 ක් සහ විදේශීය දුම්වැටි 2800 ක් සැකකරුවන්ගේ ගම්න් මළු වල වාහන අමතර කොටස් අතර සගවා තිබී සොයාගත් බව සුරා බදු නිලධාරීහු කියති.
අත් අඩංගුවට ගත් විදේශිය මත්පැන් දේශිය වෙලද පොලේ අධික මිල ගනන් වලට අලෙවිවන සුපිරි පන්තියේ මත්පැන් බව වැටලීම සිදු කළ නිලධාරීහු කියති.
මෙම සැකකරුවන් තිදෙනා අද අළුයම 2.30 ට පමණ එමිරෙට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.
සුරාබදු නිලධාරීන් විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්පැන් තොගය හා සිගරට් තොගය සිංගප්පුරුවෙන් මිලදි ගෙන ඇති බවයි.
සැකකරුවන් වාහන අමතර කොටස් රැගෙන එන මුවාවෙන් මෙම ජාවාරම සිදු කර ඇති බවද ඔවුහු කියති.
සැකකරුවන් දෙදෙනෙකුගේ ගමන් මළුවල වාහන අමතර කොටස් අතර විදේශිය සිගරට් කාටුන් 14 ක් තිබි ඇති අතර අනෙක් සැකකරුගේ ගමන්මල්ලේ වාහන අමතර කොටස් අතර විදේශිය මත්පැන් බෝතල් 39 ක් සගවා තිබී ඇත.
සැකකරුවන්ගේ ගමන් බලත්‍ර පරික්ෂා කිරිමේ දි මොවුන් නිතර නිතර විදේශගත වී ඇති බව වැටලිම සිදුකල සුරාබදු නිලධාරින්ට නිරික්ෂනය වි ඇත.
වැඩිදුර විමර්ශනවලින් පසුව විදේශිය සිගරට් ලග තබාගත් සැකකරුවන් දෙදෙනා සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර විදේශිය මත්පැන් ලග තබාගත් සැකකරු මිගමුව මහෙස්ත්රාතත් අධිකරනය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
තිරුබදු නොගෙවු විදේශිය මත්පැන් රටතුලට පැමිනිම හේතුවෙන් විශාල සුරාබදු හා තිරුබදු ප්‍රමාණයක් රටේ ආර්ථිකයට අහිමිවන නිසා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එල්.කේ.ජි.ගුනවර්ධන මහතා විසින් මෙවැනි වැටලිම් සිදුකිරිමට දි ඇති උපදෙස් මත මෙම වැටලිම සුරාබදු අපරාධ අංශය භාර නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ෙජ්.පුෂ්පකුමාර සිල්වා මහතාගේ මෙහයවීම මත සුරාබදු පරික්ෂක ඒ.ආර්.ලැම්බට් , සුරාබදු පරික්ෂක කේ.ඒ.යු.එල්.සෙනවිරත්න, සුරාබදු සැරයන් මේජර් එල්.බි.ගාමිනි යන නිලධාරින් විසින් සිදුකර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාල් ගුවන් තොටුපලේ ස්කෑන් යන්ත්‍ර ගැන මම හොදට දන්නවා ඉතාම පරණ ඒවා අලුත් ඒවා කීපයක් තිබුනත් වැඩැක් නැහැ රැ ජාමේ ඉදලා එලි වෙන කොට සාක්කුවේ කීය හරි දා ගන්න තමයි කට්ටිය බලාන ඉන්නේ රේගු කට්ටිය හොද අයත් ඉන්නවා හැබැයි සපත්තු අස්සේ රන් බිස්කට් ගෙනියලා මාට්ටු වුනු අයත් හිටියා.(බ)
අනේ එතකොට අර ටයි පොලු එල්ලගෙන ඔව්වත් එක්කල ෆොටෝවලට පෙනී හිටින රේගු නිලධාරී මහත්වරුන්ට මොකද වෙන්නේ? (බ)
හොර දෙටුවන්ගෙන් රටට අහිමිවන ආදායම ආරක්ෂා කරගැනීමට මේ නිලධාරින් සිදුකරන සේවයට ආචාරය පුදකරනවා (නි)
අනේ මේවට මොකද දන්නෙ නැහැ කරන්නේ? (නි)
වැටළීම නම් හොඳයි (නි)
මාගලි, ගුවන් තොටුපළේ හැමදේම තීරුබදු රහිත නැහැ. මත්පැන් බෝතල් දෙකයි තිරුබදු රහිතව දෙන්නේ. සිගරැට් දැන් දෙන්නේ නැහැ (නි)
ඉතින් ගුවන් තොටුපොළේ කොහොමත් තීරුබදු රහිතයිනේ අනේ (නි)
මේ බඩු ගෙනාපු මිනිසුන්ට දෙන දඬුවමට වඩා විශාල දඬුවමක් මේවා නිකන්ම එළියට ගන්න ඉඩ දීපු කස්ටම් ඔෆිසර්ලාට දිය යුතුයි. (ම)
මේවා අල්ලන්න මීට වඩා විධිමත් ක්‍රමයක් තිබිය යුතුයි කියලයි මට හිතෙන්නේ .ගුවන් තොටුපලේ යන එන සෑම මගියෙකුගේම සියලුම බැග් ඉහල තාක්ෂණයෙන් යුත් ස්කෑන් යන්ත්‍ර හරහා යැවීම තුලින් ඇතුලේ තියෙන දේවල් බලාගන්න පුළුවන්. ඊට පස්සේ සැක සහිත බැග් ඇරලා බලන්න ඕන. මේ වගේ ක්‍රමානුකුල වැඩපිළිවෙලක් නැතුව ඉඳල හිටලා කාගේ හරි බැග් එකක් දෙකක් පරීක්ෂා කිරීමෙන් පමණක් මේවා පාලනය කරන්න හෝ නතර කරන්න බැහැ.(ම)