බුලත්කොළ පාටියෙ උඩරට පළාතෙ රුස්වීමක් තිබුණා. අලුතෙන් ආපු මහලේකම් සයිස් මහත්තයා තමයි මුල් පුටුවට ආවෙ....
කේතලෙන් මල්ලක් අරන් යන්න ආපු පාක්ෂික ලොක්කො ගොඩකුත් හිටිය. ඉතින් සුපුරැදු විදිහට හිටපු ලොකු තැනගෙ හිතවත්තු මෙතෙන්දිත් ගෝරියකට පැටලුණාම සන්ධාන මහලේකම් තැන මාද්දියෙ කස්ටියට එහෙම එළියට යන්න කියල සභාව සන්සුන් කරගෙන ඇත්තම කතාව කියන්න ගත්තලු.
අපි කවුරැත් එකතු වෙන්න ඕන එකතු නොවී ගමනක් නැහැ. ඔය වේදිකාවල්වල අපේ අය කියන සැර කතා වැඩිය ගණන් ගන්න එපා... ඉහළින් කියන දේවල් අපිට කියන්න වෙනවනේ....
ඊළඟට එතන හිටපු ප්‍රබල පාක්ෂිකයෙක් ඇහුව "හොඳයි ඒක එහෙමයි කියමුකො... අර බදුල්ල පැත්තෙ කටහැකර මෑන් ඔය පරණ කට්ටියට දොස් පරොස් කියන්නෙ ඇයි? කියල ඒ ප්‍රශ්නයට මුලසුනේ හිටපු අයට කට කොනකින් හිනා ගියා.
ආ එයා කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා. එයා කියන්නෙ මම එයාට කියන්න කියන ටික විතරයි. මුලසුනෙන් කියැවුණා... ඒකෙන් තමයි බදුල්ලෙ කටකාරයගෙ සැරකතාවල රහස හෙළිවුණේ.
2025 දෙසැම්බර් මස 30
86
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සැර කතාවෙ රහස