ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සායිෆ් අලී ඛාන්ගේ දියණිය සාරා බොලිවුඩ් සිනමාවට සුදානමින් සිටින බව මේ වන විට කාටත් රහසක් නොවේ. පසුගිය කාලයේ සාරාව විවිධ නළුවන් සමගින් සම්බන්ධ කරමින් බොලිවුඩ් චිත්‍රපට පිළිබඳව ඉඟිපළ කළද මේ වනවිට ඇය සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන්ගේ චිත්‍රපටයක් සඳහා එක් කරගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය කාලයේදී සාරා, බොලිවුඩ්යේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යයන්ගේ නම අලලා චිත්‍රපටයකට සම්බන්ධ කර තිබුණි. එමෙන්ම ජනප්‍රිය නළු ෂාහිඩ් කපූර්ගේ බාල සොහොයුරාගේ නම අලලාද තවත් චිත්‍රපටයකට සම්බන්ධ කර තිබුණි. එහෙත්, වර්තමානයේ දැන ගැනීමට ලැබෙන්නේ රිතික් හා සාරා කරන් ජෝහර්ගේ චිත්‍රපටයක් තුළින් ලබන වසරේදී පෙනි සිටින බවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd