IMG-LOGO

සායිෆ් යුවල නිවාඩුවකට ගිහින්

ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු යුවලක් වූ සායිෆ් අලී ඛාන් හා ඔහුගේ බිරිඳ කරීනා කපූර් ඛාන් මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නුවරට ගොස් තිබේ. ඔවුන් මෙසේ ලන්ඩන් නගරයට ගොස් ඇත්තේ දින 7ක කෙටි නිවාඩුවක් ගත කිරීමට බව සඳහන් වේ. පසුගිය මාස කිහිපයේදීම සිය වෘත්තින් වෙනුවෙන් වැඩි කැප කිරීමක් කළ නිසාවෙන් මෙසේ තාවකාලිව විවෙකයක් ලබා ගැනීම සඳහා ඔවුන් දෙදෙනා ලන්ඩන් නගරයට ගොස් මෙම නිවාඩුව ගත කිරීමට තිරණය කළ බව සායිෆ් අලී ඛාන් සිය 'ටිවිටර්' ගිණුමේ සඳහන් කොට ඇත.

කෙසේ වෙතත්, කරීනා මෙම පුවත පළ වී තිබූ 'සන්ටා බන්ටා' වෙබ් අඩවිය සමග එක්වෙමින් පවසා තිබුණේ ජුනි 17 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති අභිෂේක් වචුබේගේ 'උද්තා පන්ජාබ්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා සම්බන්ධ වීමට තමා ඉතා ඉක්මනින් මෙම කෙටි නිවාඩුව අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවය.

මේ වසරේ කිසිදු චිත්‍රපටයක් සඳහා සිය දායකත්වය සපයා නැති සායිෆ් අලී ඛාන්ගේ මීළඟ බොලිවුඩ් චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි 17 වැනිදාය. ඒ විශාල් බද්වාජිගේ 'රන්ගෝන්' චිත්‍රපටයයි. මෙහි ඔහු කාලයක් විරසකව සිටි බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර් සමගින් ප්‍රධාන චරිත නිරූපණය කිරීම විශේෂත්වයකි.

20160530Saifalikhan-1 20160530Saifalikhan-3



අදහස් (0)

සායිෆ් යුවල නිවාඩුවකට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site