( ජුඩ් සමන්ත )
වෙසක් සමයේ පවත්වන සියළුම දන්සැල් ඒ ඒ ප්‍රදේශ අයත් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
සැදෑහැ සිතින් පවත්වන දන්සැල්වලින් බැතිමතුන්ට සුරක්ෂිත පිරිසිදු ආහාර පාන ලබා ගැනීමට අවස්ථාව සැළසීම මෙහි අරමුණ බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
ලියාපදිංචි කරන සියලුම දන්සැල්වල සංවිධායකයින් හමුවී උපදෙස් ලබා දීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කරන බව ද ඒ මහතා කියයි.
එමෙන්ම සියලුම දන්සැල් දැඩි පරීක්ෂාවකට ලක්කරන බවත් ගැටළුසහගත දන්සැල් සම්බන්ධයෙන් වාර්තා වුවහොත් අඩු පාඩු සකස් කර පවත්වා ගෙන යා හැකිනම් ඒ සදහා අවශ්‍යය කටයුතු සුදානම් කරන බවත් රෝහණ මහතා පවසයි.
බැතිමතුන්ගේ ආහාරවල සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉන් ඔබ්බට ගිය ක්‍රියා මාර්ගයකට හෝ අවතීර්ණ වීමට තම සාමාජිකයින් සුදානමින් සිටින බවත් උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
වෙසක් සමයේ දන්සැල් පරීක්ෂා කිරීම සදහා දිවයින පුරා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් 2000 ක් පමණ සේවයේ යොදවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්සල් වල ආහාර පිළියෙළ කරන ස්ථාන සහ භාජන ඉතා අපිරිසිදුය. ඒවා පිළියෙළ කරන අය ඊටත් වඩා අපිරිසිදුය. පිරිමි අය බොහෝවිට ඉන්නේ බීමතින්ය. මහජනයාට ආහාර පිළියෙළ කල යුත්තේ අහාර කල්තබාගැනීම, ක්ෂුද්රජීවින් මගින් ආහාර දුෂණය වන්නේ කුමන විටද යන දේවල් පිලිබඳ අධ්‍යාපනයක් ලත් කෝකියන් මිස ගමෙන් එකතුකරගත් අපිරිසිදු පුද්ගලයින් නොවේ. මහමඟ යන්නන්ට බලෙන් කැවීම සහ විෂදායක පොලිතින් මත උණු අහාර දමා මහජනයාට කන්න දීම මාරක උත්සාහයකි. සෞඛ්‍යසම්පන්න ආහාරයක් ගන්න අපට මෙය හිසරදයකි.
අනිවාර්යයෙන්ම මෙය අදාල ආයතනවලට බදු ගෙවීමක් හෝ ඒ ආසන්න වශයෙන් යම් අය කිරීමක් ඇති.
ලංකාවේ වෙසක් පොසොන් උත්සව හා බැඳුන සුන්දර අත්දැකීමක් වන දන්සැල් දීම සහ දන්සැල් වලින් කෑම නොයෙකුත් නීති දමා පාලනය කරන තත්වයකට පත්වීම කනගාටුදායකයි .මේ ලියන මමත් 1990 දක්වා සෑම වෙසක් දිනකම බත් දන්සැලක් සංවිධානය කරන්න උදව් කළා . කිසිවෙකුට ආහාර අපත්‍ය වුනේ නැහැ . නමුත් දැන් කාලේ දන්සැල් දීමත් බිස්නස් එකක් වෙලා. ඉස්සර දන්සැල් දීමෙන් අපි විනෝදයක් (කොල්ලන්ට මොන පින්කම්ද ) ලැබුවා මිසක් වෙනත් අරමුණක් ඒ සඳහා තිබුන නැහැ . පුළුවන් තරම් පිරිසිදුව, අපිට හැකි ඉහලම ආකාරයට ආහාර හදලා මිනිසුන්ට පිළිගන්වලා ඒවා කාලා මිනිස්සු සතුටු වීම තමයි අපෙත් සතුට වුනේ .
සමහර පුද්ගලයින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ආධාර සහ අමුද්‍රව්‍ය ලෙස විවිධ දේවල් එකතුකර ඔහුගේ නිවස අසලම කණ්ඩායම් එකතු කරගෙන එකතුකළ දෙයින් ටිකක් උයල දීලා... ඉතිරි දේවල් කඩවලට දීල මුදල් හම්බකරනවා. දන්සල් කියල ව්‍යාපාර කරනවා. ලැබෙන අදායමෙන් ගෙවල් දොරවල් හදනවා. මේවට විසඳුමක් දෙනවනම් අගය කරමි.