2017 අයවැය මඟින් හඳුන්වා දුන් පරිදි ශ්‍රී ලංකාව හරිත බලශක්තියට පරිවර්තනය කිරිමේ වැඩපිළිවෙළට අනුව සියලු රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කිරිමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(9) මුදල් අමාත්‍යංශයේ දි පැවැත්විණි.
එම අවස්ථාවේදි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ සුරතින් ප්‍රධාන ස්විඡය ක්‍රියාත්මක කර රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කිරිමේ කටයුත්ත ආරම්භ කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයිබ්‍රිඩ් වාහන කොයි තරම් ඉන්ධන ඉතුරු කලත් ඒ කර මුලින්ම මිලදී ගන්නකොට ඒ වාහන අධික මිලකට විකුණලා ඉන්ධන වල ලාභය කල් ඇතුවම වාහන නිෂ්පාදකයින් අතට ගන්නවා. ඒ වගේම මේ සුර්ය බල ශක්තිය නිසා ඉතිරි වෙන ලාභයත් යන්නේ සුර්ය කෝෂ නිපදවන සමාගම් අතටයි. මොකද එව්වගේ අධික මිල නිසා. ඒ වගේම වෙළඳපොලේ තිබෙන සුර්ය කෝෂ වල කාර්යක්ෂමතාවය සියයට දහයේ පහලොහේ සිට විස්ස විසි පහ අතර වෙනවා. අපේ රටේ අඩු කාර්යක්ෂම තාවක් ඇති කෝෂ විකුනන්නෙත් අධික මිල ගණන් වලටයි. එනිසා ඉහල තත්වයේ කෝෂ නිපදවන්නන් සමග සම්බන්ද වී හෝ අපේම රටේ සුර්ය කෝෂ නිපදවන්නේ නොමැතිව මෙම වියදමින් නිසි ඵල ලබාගැනීම අපහසුයි. (ර)
රජයේ පාසල්වල විදුලි බිල ගොඩක් ඉහළයිනේ. රටේ පළාත් 9 ම තුලින් තෝරාගත් පාසල් 100 ක් මූලිකවම මේක පටන් ගෙන බලන්න , දරුවන්ටත් දෙමාපියන්ටත් මේකේ වටිනාකම පෙන්වන්න හරිත තාක්ෂණය කියන්නේ මේකනේ..(බ)
මේ සූර්ය කෝෂ ලංකාවට ගේන්නේ කවුද කියලා අපි දන්නා නිසා මේ ගැන වැඩිය උඩපනින්නෙ නැහැ (නි)
හොඳ ආරම්භයක්. මේ ව්‍යාපෘති වලට සූර්ය කෝෂ මිළදී ගන්න ක්‍රමවේදය ගැන ජනතාව දැනුවත් කිරීමක් නොවුණොත් තව තව දේවල් අහන්න දකින්න ලැබේවි. (නි)
ලලිත්, ඔබගේ කරුණු පැහැදිලි කිරීම ඉතාම සාධාරණ ආකාරයට කර තිබෙනවා. ඒ අනුව පාලකයන්ගේ ඇස් පෑදේවි යැයි හිතන්න අපහසුයි. (නි)
හයිබ්‍රිඩ් වාහනයකින් ඉතිරියක් වෙන්නේ ගන්න ගානට වඩා තමන් ඒකෙන් කොච්චර ධාවනය කරනවද කියන එක මත. සූර්ය පැනලවලත් එහෙමයි. අධිකව විදුලිය පාවිච්චි කරන තැන් වලට සූර්ය පැනල ගත්තා කියලා පාඩුවක් නෑ. (බ)
සමාරම්භක වැඩ මිස ඉවර කරපු වැඩක් ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ. (බ)
ඉතා හොද වැඩක්. මේ ව්‍යාපෘතිය නිවාස වලට පාසල් වලට පන්සල් වලටද ගෙනියන්න පුලුවන්ම් හරි වැදගත්. ඔබ තුමන්ලාගේ කාර්ය ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබේවා. (බ)