රාජ්‍ය බලය, ධන බලය හා මැර බලය යොදාගන මැතිවරණ කටයුතු සිදුකරන්නට රජය උත්සහ කළත් ජනවාරි අට වැනි දා ජන බලයට ඒ සියල්ල යටත් වන බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා උඩු නුවර පැවති ජන රැළියක් අමතමින් කීවේය.
වත්මන් ආණ්ඩුව මහා නායක හිමිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා ඇමැතිවරුන් කියන දේට සවන් නොදෙන පාලනයක් බවත් සිරිසේන මහතා පැවසීය.
‘ගෙදර ඉන්න පුංචි කුමාරයා තාත්තේ මට මහ නුවර වැව අයිනේ කාර් රේස් යන්න ඕනෑය කියා කිව්වම, ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට සවන් නොදී කාර් රේස් පැවැත්වුවා. උතුරේ දුම්රිය මාර්ගය විවෘත කරද්දී සියලු දෙනා සතුටු වුණා. හැබැයි දුම්රිය මාර්ගය හදනකොට මුල් ඇස්තමේන්තුව කිලෝමීටරයට රුපියල් මිලියන 44යි. එතැනින් ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ඉවත්කර ඇස්තමේන්තුව වෙනස් කළා කිලෝමීරයට රුපියල් මිලියන 340ක් ලෙස.
ආණ්ඩුව කියනවා නීතිය රකින බව. මහ පාරවල් අයිනේ විශාල කටවුට් ගැසීමෙන් කරන්නේ මැතිවරණ නීතිය රැකීමද? ‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ කගේ බලයද ලොකු කියලා. (හේ)
ඒ කියන්නේ සුරේෂ් මහත්තයෝ රාජ්‍ය බලය, ධන බලය, මැර බලය කියන ඒවා ජන බලයට වැඩිය ලොකුයි කියල නේද ? (බ)
අනේ සුරේෂ් ඔය කථා අහල එපාවෙලා. ඔයා පරාදයි දැනටම (බ)
මොන බලය රැකෙන්නේත් ඔය දෙනවයි කියන ඒවා දුන්නොත් සහ කරනවයි කියන ඒවා කෙරුවොත් විතරයි. නැත්නම් හිටපු තැනවත් හොයා ගන්න බැරි වෙනවා. කියන විදියට ඕව ඒ තරම් ලේසි වැඩ නෙමෙයි. (බ)
අනිවාර්යෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ බලය තමයි වැඩි. (බ)
අනේ මේ සුරේෂ්, මෝඩ විකාර නම් කියවන්න එපා. (නි)
මෛත්‍රීගේ බලය ජනබලය තමයි. (නි)
9 දාට බලමුකෝ (නි)
ඒක සහතික ඇත්ත මහත්මයා. ජන බලය මෙවර පෙළ ගැහෙන්නේ 2010 ජනාධිපති මැතිවරණයට වඩා වැඩියෙන්. ජනාධිපතිතුමා වටේ හිටපු සියල්ලන්ම කවුද කියලා බුද්ධිමත් මහජනයා දන්නවා. ඒ නිසා අපි ජනවාරි 9 වෙනිදා වනතුරු බලා ඉදිමුණේ. (නදී)
සැකයක් නොමැත මේ කියන සියලු දේවල් ලැබෙනවා නියතයි. මෛත්‍රීට ජය නියතයි (බ)
මෛත‍්‍රීපාල සිරිසේන මහතා දකින කොට මට මතක්වෙන්නේ බණ්ඩාරනායක මහත්තය කතාවද අහන්න ආසයි.ඔබට ජය ශ්‍රී !!!ජය නියතයි.ජයවේවා !!!! (බ)
කොහොමත් බොහෝ කලක සිට ජනතා බලාපොරොත්තුව වෙලා තිබුණේ ඔබයි (නි)
කව්රුත් මධ්‍යස්තව හිතන්න. ස්වාධීනව හිතන්න. ජනාධිපතිතුමා සමග අප කාටවත් පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවාද? නැහැ මෙතන මහින්ද මහත්තයා කියන පුද්ගල චරිතය අපිට ගැටළුවක් නෙවෙයි. මෙතන ගැටලුව ඕනෑම රජයක් එකම පාලනයක් යටතේ පවතිනවිට රාජ්‍ය දුෂණය, වංචාවන් වැනි දේ අසීමාන්තිකව වෙන්න පුළුවන් සහ ඒවා වහන් කරගෙන රාජ්‍ය පාලනය කිරීමට හැකි වීමයි. ඒ නිසා තාවකාලිකව හෝ මේ පාලනය කැඩිය යුතුයි. නැතිව වෙනත් අරමුණක් ඇතිව නොයා යුතුයි. (නදී)
මෙහෙම හැමතැනම සෙනඟ දකින්න තියෙනවා නම් ගොඩ තමයි. (නි)
ජනතා බලය හෑල්ලු කර හිතන්න එපා. පරමාධිපත්ය ඇත්තේ ජනතාවට. පිල් මාරු කරන දේශපාලකයින්ට නොවේ.(හේ)
අපට වෙනසක් ඕනේමයි.(හේ)
9 වෙනිදායින් පස්සෙත් බලමුකෝ නිකම්ම සිරිසේන කියයිද කියලා. (නි)
සහතික ඇත්ත. 9 වෙනිදා උදේ බලමු. (නි)
ජනතාවගේ කැමැත්ත මේ පාර කාට ලැබෙයිද? බුද්ධිමත් ජනතාවගේ අතේ තීරණය.(හේ)
ලේකම්ගේ මහත්තයෝ හැම තැනම සෙනග මේ වගේ තමයි.ඔබ තුමා මෙච්චර කාලයකට දැකලා තියෙන්නේ මේ පින්තුර විතරද කොහෙද.(බ)
රටේ නිතිය , විනය, රජයන දවස වැඩි ඈතක නොවෙයි, 09 වෙනිදට රටේ සියලු වැසියන්ට සාදාරන සමාජයක් ගොඩ නගනවා.(හේ)