මෙරට සියලු ජනතාව පිළිගන්නා ආකාරයේ විසඳුමක් උතුරේ අර්බුදයට ගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. මෙය ජාතිවාදී අයුරින් දැක ප්‍රකාශ කිරීම අතහැර දමා මීට සහාය වන්නැයි තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලන බවද විපක්ෂනායකවරයා සඳහන් කරයි.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් රට බෙදීමට උත්සහා දරන බවට හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය තුළ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එක්සත් ලංකාවක් තුළ වූ විසදුමක් ගෙනෙන බවත් ඒ මහතා කියයි.
“අප ලබා ගන්නා දේශපාලන විසඳුම මෙරට සියලු ජනකොටස් පිළිගන්නා ආකාරයේ විසදුමක් විය යුතුයි. 70 වසරක් පුරා විසදුම් හිමි නොවූ ජාතික ප්‍රශ්නයට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන ඒමට සහාය වන්නැයි මා ඉල්ලා සිටිනවා. එය මහින්ද මහත්තයාගේද වගකීමක්“යැයි සම්බන්ධන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ දැනටම උතුරු නැගෙනහිර අල්ලලා ඉවරයි. උතුර දෙමළ ජනතාවට විතරයි. නැගෙනහිර මුස්ලිම් ජනතාවට. ඉතුරුටික හැමෝටම. මේවා විකාර කතා. මේ දේශපාලුවෝ තමයි අපේ රට වනසලා ජාතිවාදය අවුස්සන්නේ. (නි)
දෙමළ ජනගහණයෙන් 50% ක් ඉන්නේ දකුණේ. උතුරේ යාපනය, මන්නාරම, ට්‍රින්කෝ , සහ මඩකළපුවේ 50%ක් වෙන්න සිංහල ජනතාවට පදිංචිවෙන්න මේ දෙමළ නායකයෝ ඉඩදෙනවා නම් ප්‍රශ්නයක් නැත. (නි)
ප්‍රශ්නයක් නැත. විසදුමක් ගැන කතා කරයි. එවිට නැති ප්‍රශ්නයක් ඇතිවේ. විසදුමද අනවශ්යයෙන් පුළුල්වේ.(හේ)
කරුණාකර ජාතිවාදී වන්නේ නැතුව ඉන්න ඔක්කොටම කලින්. (නි)
කොහෙද ඉතින් කොන්ද පන තියෙන කට්ටිය ඉන්න රටක් නෙමෙයිනේ අපේ රට (නි)
මෙතන ඇති ප්‍රශ්නේ මේගොල්ලන්ට තමිල් නඩුව වගේ වෙනම ප්‍රාන්තයක් ඕන වෙච්ච එක! (හේ)
හොඳයි හොඳයි, ඔහොම යමුකෝ (නි)
ලොකු උන්නැහේ ඕකට හොදම විසදුම තමයි පුළුවන් තරම් සිංහල මිනිස්සු උතුරු නැගෙනහිර පදිංචි කරවන එක. දැනට දෙමල මුස්ලිම් මිනිස්සු කිසිම කරදරයක් නැතුව ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සියල්ලේම සිංහල මිනිස්සුත් එක්ක පදිංචි වෙලා ඉන්නව නේද?.බිස්නස් කරනවා නේද? ලංකාවේ ඉන්න මුළු දෙමල ජනගහනයෙන් 50% ක් උතුරේ නෙමෙයි නේද පදිංචි වෙලා ඉන්නේ. මේ ක්‍රමේ තමයි තමුන් කියන ප්‍රශ්නේ විසදන්න තියන එකම ක්‍රමේ. (බ)
සිල්වා බර්ලින් වල හිටියට මොලේ කළඳක් නැහැ , යුරෝපෙත් ඔය සිල්වා කියන අදහස්ද ක්‍රියාත්මක වෙන්නේ (බ)
දිමුත්, මොකද ඔයාගේ ලිස්ට් එකේ ඕස්ට්‍රේලියාව දාලා නැත්තෙ? (නි)
හීනෙන්ද දන්නෙ නැහැ (නි)
මේවට කෑ ගහනවා වගේ මේ මිනිමරපු ලිස්ට් එකට සම්බන්ධ අයව අත්අඩංගුවට ගන්නත් කෑ ගහන්නකෝ. එතකොට අපි මේගොල්ලන්ව විශ්වාස කරන්නම් (නි)
සියට 50 දෙමල ජනතාව ඉන්නේ සිංහල පළාත් වල මිශ්රවෙලා එතකොට මොකද්ද තියන ප්‍රස්නේ උතුරේ ඉන්න ඉතුරු සියට 50 ත් මිශ්‍ර වුනානම් එක තමා විසදුම නැතුව ඡන්ද පොරොන්දු දෙන්න ගිහිල්ල රට ගිනිතියන එක නෙමේ විසදුම (බ)
සියලු ජනතාවගේ පැතුම උඹලා වගේ දෙපිට කන දෙපිටකාට්ටු ත්‍රස්තවාදියෝ තමිල්නාඩුවට නැත්තං නෝර්වේ වලට නැත්තං කැනඩාවටම නැත්තං ස්විට්සර්ලන්තයටම ගිහ්ල්ලා ඔය නිජබිම හදා ගනිං කියලායි. මෙහේ ඒවා නැහැ. අාවොත් ඔය ත්‍රස්තවාදි කුණු ඔලු තියෙන්න දෙන්නෙත් නෑ. (බ)
"සියලුම ශ්‍රී ලාංකික ජනතාවට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක පදිංචිවීමට සම්පුර්ණ අයිතියක් ඇත" යන වගන්තිය එයට ඇතුළත් කළයුතුයි. (නි)
දිමුතුගේ කියමන හරියට හරි. ඔය රටවල් අතරට ජර්මනිය එංගලන්තය ප්රංශයත් ඇතුළුකරන්න (බ)
කීර්ති, දෙමළ ජනතාව කොළඹ ඇතුළු රටේ ප්‍රධාන නගර ගණනාවක ජිවත්වෙනවා නම් ව්‍යාපාර කරනවා නම් සිංහලයන් කිහිප දෙනෙක් යාපනයේ ව්‍යාපාර කළාම එහෙ ජීවත්වුණාම මොකක්ද ඇති වෙන ප්රශ්නය? (නි)
හැමෝම පිළිගන්නා? හිනා වෙන්නද අඩන්නද කියල හිතෙන්නේ මට විතරද? (ර)
උතුරේ අය දකුණේත් දකුණේ අය උතුරේත් පදිංචි වෙමු එවිට ප්‍රශ්න ගොඩක් විසදෙයි. (ර)
ලංකාව තුල සිංහල දෙමල මුස්ලිම් සියලුදෙනාටම සමාන ඓතිවාසිකම් හිමිවෙනවා කියල ව්‍යවස්ථාවේ සදහන් වෙලා තිබෙනවා , දෙමල ජනතාව ලංකාව පුරහම ජීවත්වෙනවා වියාපාර කරනවා , මොකක්ද මෙතන තිබෙන ප්රශ්නය , දෙමල පුරවැසියන්ට සිංහල හෝ මුස්ලිම් පුරවැසියන්ට වැඩිය වැඩිපුර දෙයක් දෙන්න බැහැ එහෙම කළහ අනිත් ජනකොටස් අසාධාරණයට ලක්වෙනවා මෙය ඉතාම සරල දෙයක් , දෙමල පුරව්සියකුට හෝ සිංහල පුරවැසියෙකුට හෝ මුස්ලිම් පුරවැසියකුට තම ආගම හෝ ජාතිය නිසා අඩු විදිහට සලකනවානම් නිතිය හමුවට යන්න පුළුවන් , මේ නායකයෝ කියන විදිහට ශ්‍රී ලංකික පුරවැසියාට උතුරේ වෙන නීතියකුත් , නැගෙනහිර වෙන නීතියකුත් දකුණේ වෙන නීතියකුත් තිබෙන්න විදිහක් නැහැ. (ර)
බොහොම හොදයි. දැන් තියෙන තත්වය උතුරු නැගෙනහිර දෙමල බස කතා කරන අයට විතරයි. හැබැයි රටේ අනිත් ප්‍රදේශ කාටත් පොදුයි තියරියනේ. (ර)
ඇත්තටම හිතාගන්න බැහැ මොකද්ද මේගොල්ලන්ගේ ප්‍රශ්නේ කියලා. (ර)
හැමෝටම තව ටික දවසකින් තේරේවි (බ)
සම්බන්දන් මැතිතුමනි, සිංහල අයට තියන දමිළ අයට නැති දේ මොනවාද? හැබැයි සිංහල අයට නැති බොහෝ දේ දමිළ අයට ඇත (නි)
කරුණාකර එක්සත් නොව ඒකීය රටක් කියන්න (බ)
දේශපාලනය නිසා අල්ලපු ගෙදර සිංහල මිනිහා එක්ක ජම්මාන්තර වෛර සහ මරාගන්නා අපිට සුළු ජාතීන්ට කැමති නොවන එක පුදුමයක්ද ? (බ)
ජාතික ප්රශ්නය ගැන ගැඹුරු අවබෝධයක් තියන සිංහල ජනතව සමග සහජීවනයෙන් සිටිය යුතුයි කියල හිතන හොඳ නායකයෙක්. එතුමා නායකත්වයෙන් යන්න කලින් විසදුමකට් එන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැති වුනොත් දෙමළ අන්තගාමින් බලය අල්ල ගන්නවා මේ පක්ෂයේ. එහෙම වුනාට පස්සේ සාකච්ඡා වෙන්නේ නැහැ. ඉල්ලීම් අන්තගාමී නිසා. නැවත රටේ අන්තගාමී වැඩ ඉහල යයි (බ)
මේ දේශපාලකයන්ට ඕනේ නැති ප්‍රශ්නයක් මවාගෙන දෙමල ජනය රවටාගෙන බලයේ ඉන්න වෙන දෙයක් නොවේ , හරි නම් මේ ගොල්ල කළ යුත්තේ උතුරේ තිබෙන ගුවන්තොටුපළක් දියුණු කරගෙන , තමිල්නාඩු ධීවරයන්ගෙන් උතුරේ ධීවරයන්ට වන තාඩන පීඩන වලට විසදුමක් සොයාගැනීම , උතුරේ කෘෂි නිෂ්පාදන , සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කර ගැනීම වැනි දේ (බ)
ඇමෙරිකාවේ බැරක් ඔබාමටත් ජනාධිපති වෙන්න පුළුවන් වගේ තත්වයට අපිට එන්න තව අවුරුදු 100 විතර යයි . එතකම් කොළ අතු ඇදගෙන දේශපාලනයට ගහගමු .(බ)
වෙනස සැප නිසා අපි ඔය ගැන කතා නොකර ඉමු...(බ)
තේසවලාමේ නීතිය අහෝසි කරලා අපේ සිංහලයන්ටත් උතුරෙන් ඉඩකඩම් අරගෙන නිදහසේ ව්‍යාපාර රැකියාවල් කරගෙන ජීවත්වීමේ නිදහස දකුණේ ඉන්න දෙමළුන්ට වගේම හම්බවෙනවා නම් ,රට කිසිම ආකාරයකින් නොබෙදෙනවා නම් අපිත් කැමතියි .... (නි)
ජනහිත ඔබ 100% නිවැරදි (බ)
පොලිස් බලතල ඉඩම් බලතල ඉල්ලන්නේ නැතුව දෙගොල්ලන්ටම සරිලන යෝජනාවක් අාවොත් සළකා බලන්න අපටත් පුළුවන්. (නි)