කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් අද (06) ගොනු කැරිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වරාය අදිකාරිය,ආයෝජන මණ්ඩලය,මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පිරිසක් නම් කැර ඇත.
මෙරට මුහුදෙත් කොටසක් ගොඩ කර වෙනත් පාර්ශවයකට පැවැරීමට ඉඩම් අඥාපනත යටතේ ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් එම ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට නිසි පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බව ද පෙත්සම්කරු කියයි.
මේ හේතුවෙන් වරාය නගරය ඉදි කිරීමට නීතිමය ගැටළු පවතින හෙයින් එය ක්‍රියාත්මක වීම වලකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි.
මේ ගිණුම අනුව නව නගරයේ හෙක්ටයාර් 50ක පුර්ණ අයිතිය චීනයට පැවරේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම හෙකටයර් 50 ම ඇමරිකාවට ලබාදීමට අප කටයුතුකරමු. එමගින් ඇමරිකාව සහ ඉන්දියාව අතර ඇති සුහදත්වය වැඩිදියුනුවේ.චීන ගනුදෙනුව හැකි ඉක්මනින් ඉවත් කලවිට කලාපයේ ආරක්ෂාව තහවුරුවේ . (අ)
ලෝක බලවතුන්ගේ කුට උපාය මාර්ග පරදවමු. රටේ නිදහස රැකගනිමු. (ර)
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ මහත්වරුන්ට. දැන් අප රටේ තිබෙන්නේ යහපාලනයක්. මේ රටේ ජනතාවට අයිතියක් තිබෙනවා ඔබලාට සල්ලි ලැබෙන්නේ මොන රටින්ද කියා දැනගන්නට. ඔයගොල්ලත් සල්ලි ලැබෙන කොන්තරාක්තුවක්ද කරන්නේ? මොකද, අපිටත් තොරතුරු දැනගැනීමට යහපාලනය යටතේ ඉඩක් දැන් ලැබී තියනවා. (නදී)
කොච්චර කෑගැහුවත් ඔය වැඩෙත් කළාට පස්සේ අපේ කට්ටිය බලලා සතුටුවෙයි. ඉස්සර කන්ඩලම හෝටලය හදනකොටත් අපේ අය කොච්චර සද්ද කළාද? රටක් විනාශ වෙනවට වැඩිය ලොකු වෙන එක හොඳයි. (නි)
යකෝ මුන් මේක චිනාට වික්කාද...? උස් පහත තරාතිරම් බලන්නේ නැතිව මේකට සම්බන්දවුන ඔක්කොම දේසපාළුවන්ගේ සියලුම වස්තුව රාජසන්තක කොට මාසයක් මහපාරේ හිගාකෑමට සලස්වා අවසානයේදී ගෝල්ෆේස් එකට ගෙනල්ලා මියයන තුරු ජලයේ ගිල්විය යුතු වරදකි. රට කොටියාගෙන් බේරාගෙන චිනාට විකුනලා එහෙනම්. (නදී)
රට ඇතුළේ ඇති ඉඩම් සියල්ල සංවර්ධනය කරලද මේ ණයට මූහුද ගොඩකරලා කොටසක් චීනයට දෙන්න යන්නේ? (නි)
ශ්රී ලංකාව සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ බුදලයකි. විදෙස් රටක කොටස් විකිණීම අනුමතකළ නොහැක.එහෙත් මෙය රටවල් දෙකක් අතර වූ ගිවිසුමකි.දැනටද ඔවුන් මේ සඳහා ඔවුන්ගේ මුදල් වැයකර ඇතැයි සිතමි. එසේනම් මෙම ව්‍යාපෘති ගිවිසුම අවසන් කළහොත් ඔවුන්ට මේ සඳහා වැයවූ මුදල ආපසු ගෙවන්නේ මුළු රටේම ජනතාවද ? (නි)
රන්ජිත් ඔබ හරි ඔබේ හැඟීම් සාධාරණයි නමුත් අපි කලබල නොවී බලන්ඉමු මොකද වෙන්නේ කියල.(ම)
එක බල්ලෙකුටවත් රටේ ඉඩම් විකුනන්න එපා. රටේ ඉඩම් චීන්නුන්ට විකුනපු අය දේශ ද්‍රෝහියෝ..ආයෙත් ඡන්දෙට එනවලු නේද..අපි බලාගෙන ඉන්නේ..(නදී)
ලංකාවේ හැඩය වෙනස් කරන, අනාගතේ කැසිනෝ බිහිවෙන, වෙනත් පැති මුහුදු කෑමට ඉඩ ඇත. චීනෙට අපේ භුමිය පාවාදෙන මේ ක්‍රියාව නතර කල යුතුයි (නදී)
මේ දෙගොල්ලොටම එක ක්‍රමයක් තියෙන්නේ වැඩි වෙනසක් නැ. (ර)
මේක අපේ රටට වැඩි බරක් නැතුව ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතියක්. චීනය අපේ රටට කවදත් පිහිටට සිටි මිතුරෙක්. අපිට උදව් කරන්න තරමට එයාලට ආර්ථික සවියකුත් තිබෙනවා. හම්බන්තොට වරාය සහ නව ගුවන් තොටුපොළ ව්‍යපෘති ඉන්දියාවට ඉදිරිපත් කළවිට ඒ අය ගන්න ඉදිරිපත්වෙලා නැහැ. උදවු ගන්න පුළුවන් දෙන අයගෙන් විතරයි. ගොඩනඟන භූමියෙන් 99 අවුරුදු බද්දට ඔවුන් ගන්නේ කොටසක් විතරයි, ඉතිරිය අපටයි. (නි)
ඇත්තටම මෙතන මේ කියන තරම් මහා දුෂණයක්වත්, පාරිසරික හානියක්වත් තිබෙනවද? (නි)
දැනටමත් මේ රටට ඵලදායක මේ ව්‍යාපෘතියේ වැඩකරන හුඟ දෙනෙකුගේ රැකියා අනතුරට වැටිලා. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාත් අනතුරේ. (නි)
පරිසර කාරයෝ සහ තව තව නම් දාගත්ත අය ඉන්නවා මේ වගේ ව්‍යාපෘති කරනකොට විරුද්ධ වෙන. මට හොදට මතකයි කන්දලම හෝටලය හදන්න පටන්ගත්ත කාලේ පුදුම විරෝධයක් තිබුනේ. ඒ පළාතේ ජනතාව හවුල් කරගෙන පරිසර කාරයෝ/හාමුදුරුවරු/ආගමික නායකයෝ ජේ වී පි ය මොන ජරමරයක්ද කළේ කන්දලම වැව ඉවරයි පරිසරය ඉවරයි කියලා. නමුත් දැන් ලෝකේ තියන පරිසර හිතකාමී හොදම හෝටල් වලින් එකක් එ්ක. ඔය වගේ තමයි ඕකත්. මෙහෙ විතරක් නෙවි මුහුද ගොඩකරලා හදන නගර වෙන රටවල ඕනෙ තරම් තියනවා උදාහරණයකට ඩුබායි වල (නදී)
අපිට මේ හැමදේම තේරෙනවා, දන්නවා. (ර)