IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සියුමැලි දෑත් වැඩි වේ

ගම්පහ දිස්ත්‍රික්කයේ නව ග්‍රාම නිලධාරීන් 225 දෙනෙකුට ස්ථීර පත්විම් ලිපි ප්‍රදානය කිරීම    ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින්  ගම්පහ  දිස්ත්‍රික්  ලේකම් කාර්යාල ශ්‍රවානාගාරයේදී අද   සිදුකෙරිණ.

මෙලෙස නව පත්වීම් ලැබුවේ පසුගිය මාර්තු මස පුහුණු නිලධාරින් ලෙස බඳවාගත් පිරිසකට අතර මෙයින් වැඩි පිරිස කාන්තාවෝ වුහ.

මෙම පිරිසට පත්වීම් ලිපි ලබා දෙමින් බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ  ග්‍රාම සේවය ජනතාව නගා සිටුවීමටත්,  ඔවුන්ගේ දිවිය නගන වැඩසටහන් වලටත් සම්බන්ධ විය හැකි හැකි විශාල සේවයක් කළ හැකි  රාජකාරියක්  බැවින් ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ලබා දෙන ලෙසයි.

 එමෙන්ම ගමේ සිටින සෙසු නිලධාරීන් තිදෙනා වන වන සමෘද්ධි, කෘෂිකර්ම සහ සංවර්ධන යන් නිලධාරීන්  සමග සහයෝගයෙන් කටයුතු කර ගම නගා සිටුවීමට  සහයෝගය ලබා දෙන ලෙසද ඔහු කීවේය.

 මෙහිදී ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 1177 සඳහා තවත් ග්‍රාම නිලධාරින් 108 දෙනෙකු පුරප්පාඩුව ඇති බැවින්  රජයේ තීරණය පරිදි පෙර පැවති  විභාගයෙන්ම එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවයි.

තමන්ගේ අයිතිවාසිකම්  ඉල්ලීමට පෙර  ගමට හොඳ සේවයක් සැලසීමට  හිතට ගත යුතු බවද  ඔහු වැඩිදුරටත්  කීවේය.

මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය නියෝජ්‍ය  අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය  අමාත්‍ය  ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක,  බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න,   අතිරේක දිස්ත්‍රික්  ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වුහ.



අදහස් (0)

සියුමැලි දෑත් වැඩි වේ

සුගුනවති Tuesday, 10 June 2014 09:13 PM

අපේ අක්කලාට ග්‍රාමසේවක පදවිය දෙන එක බොහොම හොඳයි .. ගම්පහේ කොහොමද ගම් 225 තිබෙන්නේ යන්න මට ප්‍රශ්නයකි. (ස)

:       0       0

වීරසේකරගේ Tuesday, 10 June 2014 10:05 PM

ආණ්ඩුවේ දේශපාලන කුකුලන්ගෙන් ප්‍රවෙසම්වෙන්න. (ස)

:       0       0

අනුෂ්කා Wednesday, 11 June 2014 01:25 AM

වීරසේකරගේ මහත්තයෝ, මටත් එහෙම හිතුනා. (නි)

:       0       0

භානු Wednesday, 11 June 2014 03:30 AM

ඉතා හොඳයි. නමුත් හදිසියකට හෝ අවශ්‍යතාවයකට ග්‍රාම නිලධාරිවරයෙක් සොයාගන්න අපේ ගමේ උදවියට අංජනම් එළි බලන්න වෙනවා. කිසිම වෙලාවක කාර්යාලයේ නැහැ. මේ පත්වීම ගත් උදවිය හරියාකාරව රාජකාරි කරනවාද නැද්ද හොයාබලන එකත් බලධාරීන්ගේ වගකීමක්. (නි)

:       0       0

අරෝෂ් Wednesday, 11 June 2014 05:25 AM

අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

විජේන්ද්‍ර Wednesday, 11 June 2014 05:49 AM

සුගුණවතී තව ටිකක් කල්පනාවෙන් ලිපිය කියවන්න (නි)

:       0       0

සුගුණවතී Wednesday, 11 June 2014 06:25 AM

අනේ විජේන්ද්‍ර, මොකක්ද මට කල්පනාවෙන් කියවන්න කියන්නේ? ගම්පහේ ගම් කීයක් තියෙනවද කියලා එහෙනම් ඔයාම කියන්නකෝ බලන්න (නි)

:       0       0

රන්ජිත් Wednesday, 11 June 2014 04:20 PM

චරිත සහතික දෙන්න වඩාත්ම සුදුසු කට්ටිය තමා ගමේ කාන්තාවන්. ඒ අයට මේ වගේ පත්වීම් දීම හොඳ ආරම්භයක් (නි)

:       0       0

දසුනි Wednesday, 11 June 2014 08:59 AM

ඔබ සැමට අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

හෙන්නායක Wednesday, 11 June 2014 09:08 AM

ග්‍රාමසේවකලා බහුතරක් මහා අල්ලස් කාරයෝ. ගානක් නොදී වැඩක් කර ගන්නම බෑ. (ස)

:       0       0

ලක්ෂිකා Wednesday, 11 June 2014 09:18 AM

කිකිලියෝ කොහොමත් කුකුලන් සමග තමයි. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 11 June 2014 09:45 AM

මෙතනත් කීයෙන් කීදෙනාද අකුරට වැඩ කරන්නේ. (ස)

:       0       0

කන්ගැට්ටා Wednesday, 11 June 2014 09:46 AM

මේ අය මොන තරම් වාසනාවන්තද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site