ගම්පහ දිස්ත්‍රික්කයේ නව ග්‍රාම නිලධාරීන් 225 දෙනෙකුට ස්ථීර පත්විම් ලිපි ප්‍රදානය කිරීම ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවානාගාරයේදී අද සිදුකෙරිණ.
මෙලෙස නව පත්වීම් ලැබුවේ පසුගිය මාර්තු මස පුහුණු නිලධාරින් ලෙස බඳවාගත් පිරිසකට අතර මෙයින් වැඩි පිරිස කාන්තාවෝ වුහ.
මෙම පිරිසට පත්වීම් ලිපි ලබා දෙමින් බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ ග්‍රාම සේවය ජනතාව නගා සිටුවීමටත්, ඔවුන්ගේ දිවිය නගන වැඩසටහන් වලටත් සම්බන්ධ විය හැකි හැකි විශාල සේවයක් කළ හැකි රාජකාරියක් බැවින් ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ලබා දෙන ලෙසයි.
එමෙන්ම ගමේ සිටින සෙසු නිලධාරීන් තිදෙනා වන වන සමෘද්ධි, කෘෂිකර්ම සහ සංවර්ධන යන් නිලධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කර ගම නගා සිටුවීමට සහයෝගය ලබා දෙන ලෙසද ඔහු කීවේය.
මෙහිදී ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 1177 සඳහා තවත් ග්‍රාම නිලධාරින් 108 දෙනෙකු පුරප්පාඩුව ඇති බැවින් රජයේ තීරණය පරිදි පෙර පැවති විභාගයෙන්ම එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවයි.
තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලීමට පෙර ගමට හොඳ සේවයක් සැලසීමට හිතට ගත යුතු බවද ඔහු වැඩිදුරටත් කීවේය.
මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අක්කලාට ග්‍රාමසේවක පදවිය දෙන එක බොහොම හොඳයි .. ගම්පහේ කොහොමද ගම් 225 තිබෙන්නේ යන්න මට ප්‍රශ්නයකි. (ස)
ආණ්ඩුවේ දේශපාලන කුකුලන්ගෙන් ප්‍රවෙසම්වෙන්න. (ස)
වීරසේකරගේ මහත්තයෝ, මටත් එහෙම හිතුනා. (නි)
ඉතා හොඳයි. නමුත් හදිසියකට හෝ අවශ්‍යතාවයකට ග්‍රාම නිලධාරිවරයෙක් සොයාගන්න අපේ ගමේ උදවියට අංජනම් එළි බලන්න වෙනවා. කිසිම වෙලාවක කාර්යාලයේ නැහැ. මේ පත්වීම ගත් උදවිය හරියාකාරව රාජකාරි කරනවාද නැද්ද හොයාබලන එකත් බලධාරීන්ගේ වගකීමක්. (නි)
අපෙන් සුභ පැතුම්! (නි)
සුගුණවතී තව ටිකක් කල්පනාවෙන් ලිපිය කියවන්න (නි)
අනේ විජේන්ද්‍ර, මොකක්ද මට කල්පනාවෙන් කියවන්න කියන්නේ? ගම්පහේ ගම් කීයක් තියෙනවද කියලා එහෙනම් ඔයාම කියන්නකෝ බලන්න (නි)
චරිත සහතික දෙන්න වඩාත්ම සුදුසු කට්ටිය තමා ගමේ කාන්තාවන්. ඒ අයට මේ වගේ පත්වීම් දීම හොඳ ආරම්භයක් (නි)
ඔබ සැමට අපෙන් සුභ පැතුම්! (නි)
ග්‍රාමසේවකලා බහුතරක් මහා අල්ලස් කාරයෝ. ගානක් නොදී වැඩක් කර ගන්නම බෑ. (ස)
කිකිලියෝ කොහොමත් කුකුලන් සමග තමයි. (ස)
මෙතනත් කීයෙන් කීදෙනාද අකුරට වැඩ කරන්නේ. (ස)
මේ අය මොන තරම් වාසනාවන්තද? (ස)