බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ පැමිණිල්ලේ සාක්කි  අද (23) අවසන් වූ අතර විත්තියේ සාක්කි ජූලි හය වැනිදා කැඳවීමට මහාධිකරණය  නියෝග කළේය.

ලලිත් ජයසූරිය, කුසලා සරෝජිනී වීරවර්ධන සහ අමේන්ද්‍ර සෙනවිරත්න යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ නඩුව විභාග වෙයි.

මේ නඩුවේ සැකකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු පිරිසක් ඇප පිට සිටිති.