සයිබර් අපරාධ හෙවත් පරිගණක අපරාධ පිළිබඳව හංගේරියාවේ බුධාපෙස්ට් සම්මුතියේ සමාජිකත්වය යුරෝපා කවුන්සලය විසින් ශ්‍රී ලංකාවට පිරිනමා ඇතැයි තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ නීතී අධ්‍යක්ෂ නීතීඥ ජයන්ත ප්‍රනාන්දු මහතා කියයි.
බුධාපෙස්ට් සම්මුතිය යනු සයිබර් අපරාධ පිළිබඳව ලොව පවතින එකම සම්මුතියයි.මෙය ජව සම්පන්න සම්මුතියකි.
‘මෙම අද්වතීය අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමේ ප්‍රමාදයක් පැවැතිණි.පසුගිය පෙබරවාරි මාසයේදී එම ප්‍රමාදය සම්පුර්ණයෙන්ම නිම විය.‘
පරිගණක අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවත්නා අපරාධ නීතීය අන්තර් ජාතික ලෙස පිළිගත හැකි මට්ටමක පැවතීම නිසා බුධාපෙස්ට් සම්මුතියට අවතීරණ වු දකුණු ආසියාවේ ප්‍රථම රට ලෙස ඉතිහාස ගතවන්නේ ශ්‍රී ලංකාව බවත් එය ශ්‍රී ලංකාව ලද ජයක් බවත් ප්‍රනාන්දු මහතා කියයි.
බුධාපෙස්ට් සාමාජිකත්වය හිමිකැර ගැනීමේ ලිය කියවිලි සැකසීම තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය සහ විදේශ අමාත්‍යංශයේ නීති අංශය ඒකාබද්ධව ලහි ලහියේ සිදු කරගෙන යන බවත් ප්‍රනාන්දු මහතා පැවසීය.
‘මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙන සාර්ථක ප්‍රතිපල රැසකි.ඒ අතරින් විශිෂ්ට ප්‍රථිපලය වන්නේ ඇමෙරිකාව සහ යුරෝපයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන ශ්‍රී ලංකාවේ පරිගණක නීතීය සහ තොරතුරු තාක්ෂණ නීතී සම්බන්ධයෙන් ඉහළ මට්ටමක සිටින බව පිළිගැනීමයි.එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ නැංවිමට ආයෝජන අවස්ථා සුලබ කිරීමට ශක්තිමත් රුකුලක් වනු ඇත.ඊට අමතරව ශ්‍රී ලංකාවේ සම්පත් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයන්ට දියුණුවේ හිනිපෙත්තට යාමටත් හේතුවනු ඇත.‘
‘2007 අංක24 දරණ පනත යටතේ පරිගණක අපරාධ සම්බන්ධයෙන් හඳුන්වා දුන් වැරැදි සහ එම වැරැදි සම්බන්ධ පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකාවට තනිවම කළ නොහැකිය.එහිදී රටවල් සමුහයක සහාය ඊට අවශ්‍යවන්නකි.එම ගැටළුව විසඳාගැනීමට එම සාමාජිකත්වය කදිම පිටිවහලකි.‘
‘මෙවන් සුවිශේෂි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වුයේ තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය විදේශ අමාත්‍යංශය,අධිකරණ අමාත්‍යංශය නායකත්වය ගෙන සිදු කළ සම්බන්ධිකරණ වැඩපිළිවෙලේ ප්‍රතිපලයක් ලෙසිනි. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා හින්දයි අහන්නේ. බටහිර රටවල් සයිබර් අවකාශය යොදාගනිමින් මිනිසුන් නොමඟ යවා මැදපෙරදිග තිබුණු ස්ථාවරම සාමකාමීම රටවල් අස්ථාවර යුදබිම් බවට හරවා ඒවායේ සම්පත් කොල්ලකෑමට මඟ පාදාගත්තා. අපේ රටටත් එවැනිම හානියක් මාස කීපයකට කලින් සිදුවුණා. ඉතින් මෙවැනි අපරාධ ගැන මේ සම්මුතිය කොහොමද බලපාන්නේ? (නි)
චම්පික රණවක වාගේ අයට, කුමන්ත්‍රණ කරුවන්ට හොඳයි. (ස)
මෙරට අන්තර්ජාල විප්ලවය- නැණසලෙන් තැබූ විසල් පියවර (ම)