( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර සයින්දමර්දු ගම්මනායේදි පුපුරුවා ගැනීමකින් දිවි හානි කරගත් පිරිසගේ සිරුරු නැවත ගොඩ ගැනිම අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මහත්මිය ඉදිරියේදි අද (07) සිදු කළේය.
පාස්කුදා ප්‍රහාරයේ මහමොළකරු වන බෝම්බ පුපුරුවාගැනීමකින් මිය ගිය සහරාගෙන්ගේ සහෝදරයා ඇතුළු ඥාතී වන පිරිසකගේ සිරුර 4 ක් මෙසේ ගොඩගෙන තිබේ.
සිද්ධිය වූ දින එම ස්ථානයෙන් සිරුරු කොටස් රස පරීක්ෂක කාර්යාලය වෙත යවා තිබු අතර ඉන් සම්පල් හතරක් නරක් වී තිබිම නිසා ඒවා නැවත ගොඩ ගෙන ශරීර කොටස් නැවත රස පරීක්ෂක වෙත යැවිමට මෙලෙස කටයුතු කෙරේ.
කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගෙන අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ මෙම ගොඩ ගැනිම සිදු කෙරිණි.
අම්පාර හිටපු අධිකරණ වෛද්‍ය නිළධාරි රුචිර නදීර මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම සාම්පල් නැවත සිදු කෙරේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පරක්කු වැඩි නැද්ද? මම දන්නා තරමින් මේ අය දැන් ඇත්තේ දිව්‍යලෝකේ. වල හෑරුවාම මොනවත් නැතිව ඇති.
හෑරුවට කමක් නැහැ... ආපහු වළලද්දී අර කලින් දැම්ම ඒවාටම දාන්න අමතක කරන්න එපා හොඳේ...
සංසාරේ ..