ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය විදුහල සහ තෝලන්ගමුව ඞී. එස්. සේනානායක මධ්‍ය විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවති දෙවැනි ‘සියනෑ කෝරළයේ මැදි මහ සටන’ එක්දින තරගය ලකුණු 94 කින් ජය ගැනීමට තෝලන්ගමුව ඞී. එස්. සේනානායක මධ්‍ය විදුහල සමත්විය.
ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය ගලහිටියාව මධ්‍ය විදුහල් කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 111 ක් පමණි. කණ්ඩායම් නායක නිිපුන සම්පත් හුදෙකලා සටනක නිතරත වෙමින් ලකුණු 36 ක් රැස් කළේය.
ඞී. එස්. සේනානායක මැදි විදුහල් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරතවූ ගයාන් හංසකුමාර නොදැවී ලකුණු 100 ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය.
එම කණ්ඩායමේම රුවන්ත චතුරංග ලකුණු 39 ක් රැස්කරමින් සහ කඩුලූ 3 ක් දවාගනිමින් තුන් ඉරියව්වේන්ම දස්කම් දැක්වීය.
කාසියේ වාසිය දිනාගත් ගලහිටියාව මධ්‍ය විදුහල් කණ්ඩායමේ ඇරයුමින් ඞී. එස්. සේනානායක මධ්‍ය විදුහල් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන්නේය.
ඞී. එස්. සේනානායක මධ්‍ය විදුහල ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 205
(ගයාන් හංසකුමාර නොදැවී 100, රුවන්ත චතුරංග 39, පුෂ්පකුමාර මඩුගල්ල 44/3, තුශාර සංජීව 22/3)
ගලහිටියාව මධ්‍ය විදුහල විදුහල ඕවර 36 කදී සියලූ දෙනා දැවී ලකුණු 111
(නිපුන සම්පත් 36, කුසල් අතපත්තු 18, එම්. පී. රණසිංහ 14, රුවන් මධුවන්ත 16/2, තිලින කුමාර 22/2, රුවන්ත චතුරංග 23/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගලහිටියාවට හැම පැත්තෙන්ම ලැබුන සහයෝගය මදි කියලා හිකෙනවා. අපේ ආදි සිසුන් මීට වැඩිය ඔවුන්ට සහයෝගය දිය යුතුයි. බලමු ලබන පාර.(නදී)
ජය වේවා තෝලන්ගමුව ම.ම.වි.! (නි)
සුභපැතුම් (දී)
මගේ සුබ පැතුම් විදුහල් දෙකටම! (නි)