ශ්‍රි ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුට ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනය පිළිගැන්වූ බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
සෙයිද් අල් හුසේන් කුමරුන් දෙසැම්බර් මාසයට පෙර දිවයිනට පැමිණෙනු ඇතැයි ද අමාත්‍ය සමරවීර මහතා කියා සිටියේය.
තමා ඉකුත් 14 වැනි දා ඇරඹී මානව හිමිකම් කවුන්සිල සැසියට සහභාගී වීමට ප‍්‍රථමයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි වන ආරාධනය බාර දුන් බවත්, එය මහ කොමසාරිස්වරයා ඉතාම සුහදශීලී ලෙස පිළිගත් බවත් හෙතෙම කීවේය.
ශ්‍රී ලංකාවේ සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටවේ අවසන් වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කිරීමට පෙර මානව හිමිකම් පිළීබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට නිල සංචාරයක නිරත වීමට අවධානය යොමු ව ඇතැයි ජීනීවා ආරංචි මාර්ග මීට පෙර සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ මිනිපේ, මානව හිමිකම් ලොක්කා සෞදි අරාබියෙන් කියල කොහෙද කියල තියෙන්නේ? සෙයිද් ජෝර්දාන් ජාතිකයෙක්. අරාබි නමක් තිබුණු පලියට මෝඩ නිගමන වලට එන්න එපා. අපේ රටේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව මේකයි, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ හැමදාම තමන්ගේ අවිචාරක හැඟීම වලට වහල් වෙලා වැරදි නිගමන වලට එනවා (බ)
ඒ ගමන මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
බොහෝ වෙලාවට මේ එකසත් ජාතීන්ගේ සංවිධානය වැනි මානව හිමිකම් සංවිධානවලට පත් වන්නේ බටහිර සහ ඇමරිකානු රුකඩයින් , ඔවුන් ක්‍රියා කරන්නේ කතා කරන්නේ එම රටවල් වෙනුවෙන් , නැතිනම් එම තනතුරු නැතිව යන නිසා(අ)
ප්‍රතිඵල සමාලෝචනය කරන්න වෙන්න ඇති. (නි)
සාදරයෙන් පිළිගනිමු! (නි)
එයාටත් එහෙනම් එන්න කියමුකෝ! (නි)
මානව හිමිකම් ලොක්කා සෞදි අරාබියෙන්? විහිළුවක්. කාන්තාවන්ට වාහනයක් පදවන්න ඉඩක් නැති රටේ, බෙලිකපා අමුනුෂ්‍ය ලෙස මිනිසුන් මරණ රටෙන්, මානව හිමිකම් ගැන බලන්න එන්නේ. (බ)
ලොකුගේ, ඔබ හරිනම් මගේ නොදනුමත්කමට සමවෙනු මැනවි. (අ)
රට පාවල දෙන්න එපා. අපේ රටේ කිසිම අපරාධයක් වුනේ නැහැ, අනේ මහින්ද මහත්තයෝ ඔබතුමා හොඳින් හරි නරකින් හරි ආයේ රජ වෙලා මේ රට බේරගන්න (බ)
ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා... ඔබතුමා නිසා තමා අපේ රටේ මානව හිමිකම් ගැන මෙහෙමවත් කතා වෙන්නේ (බ)
නාලක...ඇයි..මොනා බලන්න ද ??..නිකන් ඉන්නවා අයිසේ වට්ටක්කා ගෙඩිය නොවී (බ)