මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) සිසුන්ට සායනික පුහුණුව රජයේ රෝහල්වල ලබා දෙන බවට 2014 වසරේදී වූ එකඟතාවය අනුව කටයුතු නොකිරීමෙන් සෞඛ්‍ය ඇමැතිවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කර ඇති බවට පැමිණිලි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු තිබූ පෙත්සම අද (18) ඉල්ලා අස්කර ගැනිණි.
සිසුන්ට සායනික පුහුණුව රජයේ රෝහල් වලදී මේවන විට ලබා දෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටි අතර එම වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පස්දෙනෙක් පෙත්සම ගොනු කර තිබිණි.
අදාළ සායනික පුහුණුව අවිස්සාවේල්ල මූලික රෝහලේදී සහ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයට අයත් රෝහල් සහ වෛද්‍ය ආයතන වල ලබාදෙන බව නීතිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සහීඩා බාරි මහත්මිය අධිකරණයට සඳහන් කළාය.
ඒ අනුව තමන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටි සහනය දැනටමත් ලැබී ඇති බැවින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නැති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තිබීම හෝ නැතිවීම අධ්‍යාපනයට හෝ දක්ෂතාවයට අදාළත්වයක් නැහැ. ලංකාවේ අය හිතන්න පුරුදු කරලා තිබෙන්නේ උගත් අය ඔක්කොම එන්න ඕනෑ දුප්පත් තැනකින්, සල්ලි තියන ඔක්කොම මෝඩ අය විදියට. මේ ඔක්කොම තමන්ගේ වාසියට හදාගත් දේවල්(ම)
දැන් සමහරුන්ට හරි සතුටු ඇති (නි)
සායනික පුහුණුව ටික කාලයක් කරගෙන යනතුරු නඩුව ඉල්ලා අස්කරගන්නෙ නැතුව ඉන්නයි තිබුණේ. (නි)
ලෝකය පුරාම පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙනවා නම් ඉතින් ලංකාවේ පටන්ගත්තාම ඇති වැරැද්ද මොකක්ද? (නි)
දීකිරට සාක්කි (බ)